රැල්ල මෙල්ල කළ කැම්බල් පිට්ටනිය | Page 3 | සිළුමිණ

රැල්ල මෙල්ල කළ කැම්බල් පිට්ටනිය

 ‘පොහොට්ටුව පාරට්ටු කරන්න ගියාට හොඳ වැඩේ!’

‘ඔන්න දැන් ශ්‍රීලංකාකාරයොත් නැඟිටලා...’

‘පොහොට්ටු රැල්ලට මොකද වුණේ?’

‘රැල්ලේ නැළවිලා හිටිය අය මෙල්ල වෙලා...’

‘අල්ලෙ පැළවෙන බොරු කියකියා හදපු රැල්ල දැන් බොල් වෙලා...’

‘රැල්ල හුළං පුරවපු බැලුමක් නම් ශ්‍රීලනිප සංවත්සරය ඉඳිකටු තුඩක්...’

‘මේ රටට ඕනැ ආණ්ඩු ගන්න කරන සටනක් නෙවෙයි, ප්‍රතිපත්ති වෙනුවෙන් සටනක්. එහෙම සටනකට සූදානම් නැති අය නායකයන් කියලා පිළිගන්න පුළුවන්ද?’

‘අද සරත් මහත්තයාව දඬු කඳේ ගහන්න හදන අය එදා සරත් මහත්තයාව දඬු කඳේ ගහද්දි කට ඇරියද?’

‘දේශ‍ෙප්‍ර්මය ඉස්මතු වෙන්නේ පක්ෂ පේ‍්‍රමය හරහා විතරද?’

‘වාසි නොබලා තමන්ට හිතෙන දේ කියන එක සරත් මහත්තයාගේ වැරැද්දක්ද? නැති නම් ප්‍රශ්නෙ ඒ වගේ මිනිස්සු අඩු-එකද?’

‘වාසිය ගැන විතරක් හිතලද කතා කරන්නේ?’

‘වාසිය ගැන විතරක් හිතුව නම් එදා සරත් මහත්තයාට යුද්ධයට නායකත්වය දෙන්න පුළුවන් වෙයිද?’

‘ගම්මන්පිලලා වීරයෝ වෙන්නේ වීර වැඩ කරලා නෙමෙයි, වීරයන්ට මඩ ගහලා...’

‘වීරයන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න අයිතියක් තියෙන්නෙත් වීරයන්ට විතරයි.’

‘බොහෝ අයට තමන් නායකයෙක් කියලා හිතෙන්නේ තමන් සතු බොරු කීමේ හැකියාව නිසාද?’

‘බොරු කීමේ හැකියාව නිසා ම තමන් නායකයෙක් කියලා හිතාගන්න තරම් මෝඩ සහ බොළඳ අයට අහුවෙන පිරිස අඩු වෙන බවක් පේනවා...’

‘නාට්‍යවලට ෙප්‍ර්මදාස මහත්තයා එදා අයින් කරපු බද්ද ආයෙත් ගහන්න හදනවද? මට තාම ඒ ගැන හරි තොරතුරක් දැනගන්න බැරි වුණා...’

‘ඔක්කොම රජවරු වෙනවට වඩා ඔක්කොම නායකයෝ වෙන්න උත්සාහ කරන-එක හොඳයි, එක නායකයෙකුට රජකම බාර දෙන්න යන්නේ නැතුව. එහෙම ශක්තියක් ජනතාවට තියෙන්න ඕනැ...’

‘නායකත්වය කියන්නේ වචන නෙමෙයි කි‍්‍රයාව. එහෙත් වචනවලින් විතරක් ජනතාව සනසන නායකයන් මොකටද?’

‘ස්වභාවධර්මයට විතරක් රට පාලනය කරන්න දීලා බෑ. වැස්ස කාලෙට ගංවතුර. අනිත් කාලෙට නියඟෙ. වතුර එක්ක හැප්පෙන්න ඉස්සර රජවරුන්ට තිබුණු ජවය හා දැක්ම අද තියෙනවද?’

‘අධිවේගී පාරවල් විතරක් හදලා ඇතිද? ගංවතුරට නියඟයට විසඳුම් නැද්ද? විසඳුම් වෙනුවට අධිවේගී මාර්ග ගංවතුර ඇතිකරනවද?’

‘සංවර්ධනය කියන්නේ දැන යන ගමනක්ද? නොදැන යන ගමනක්ද?

‘මැච් පරදින තරමට මට දුකක් දැනෙන්නේ නැත්තේ ඇයි? මගේ දේශ‍ෙප්‍ර්මයක් නැති හින්දද? එතකොට පිට්ටනියට වතුර බෝතල්වලින් ගහන්නේ දේශප්‍රේමියෝද?’

‘හැම කී‍්‍රඩාවකමට එකම අරමුණ දිනුමද? කි‍්‍රකටුත් එහෙමද?’

‘එතකොට දේශපාලනයත් ඒ වගේද? ඒ කියන්නේ දේශපාලනයෙත් එකම අරමුණ දිනුමද?

‘ජීවිතයත් එහෙමද? ජීවිතයෙත් එකම අරමුණ දිනුමද?’

‘එතකොට අපි ජීවත් වෙන්නේ දිනන්නමද?’

සිහිනයෙන් මෙසේ සිතාගෙන සිතාගෙන යන විට මට සිතුණේ අවදියෙන් සිටිනවාට වඩා හොඳින් සිහිනයෙන් සිතීමට හැකි බවය. කෙසේ හෝ සැබෑ ලෝකයේ තිබුණත් සිහින ලෝකයේදී නම් බොහෝ විට ක්‍රිකට් නැත. 

Comments