ලාස්වේගාස් නව නිපැයුම් ලොවම මවිත කරයි | Page 3 | සිළුමිණ

ලාස්වේගාස් නව නිපැයුම් ලොවම මවිත කරයි

ලාස්වේගාස් නගරයේදී පසුගියදා පැවැත්වුණු තාක්ෂණික දැක්ම ලොව පුරා අවධානයට ලක් වන්නේ අනාගතය පිළිබඳ ඉඟි පළ වන අවස්ථාවක් ලෙසිනි. ප්‍රදර්ශනය සඳහා ලොව මුල් පෙළේ තාක්ෂණ දැවැන්තයන් සහභාගී වන අතර නවතම නිපැයුම් ලොව හමුවේ තැබීම ද මෙහිදී සිදු වේ. මෙවරද 2017 ආරම්භයේදී මේ ප්‍රදර්ශනය පැවැත්වුණු අතර ලොව පුරා ජනතාව පුදුමයෙන් පුදුමයට පත්කරවීමට සමත් අති දියුණු තාක්ෂණික නිපැයුම් රාශියක් එහිදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.

මෑත වසර කිහිපයකදීම මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් වන බොහෝ නිපැයුම් ඇස ග්‍රහණය කර ගැනීමටත් ආන්දෝලනාත්මක බවක් ඇති කිරීමටත් සමත් බව පැහැදිලිය. මේ වසරේ එය වඩාත් තහවුරු වූයේ ලෝකය දියුණුවෙන් දියුණුවට පත් වන බව සාක්ෂි සහිතව සනාථ කරමිනි.

රාජ්‍ය අනුග්‍රහය හේතුවෙන් වඩවඩාත් නිර්මාණ ඊට ඉදිරිපත් කර තිබුණු අතර ප්‍රංසය, ඊශ්‍රායලය, යුක්රේනය යන රටවල් මේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබූ නිර්මාණ වඩාත් කැපී පෙනීමට ලක් විය‍. එහෙත් මෙවර විශාලත මවිතය ඇති කිරීමට සමත්වූයේ චීනයයි. ඒ ලියාපදිංචි ප්‍රදර්ශන භාණ්ඩ 1300කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරමිනි.

තාක්ෂණික හා කාර්මික ක්ෂේත්‍රවල බොහෝ පැතිකඩ මෙන්ම තාක්ෂණය අපේ ජීවිතවලට බලපාන ආකාරය සම්බන්ධව මේ ප්‍රදර්ශනයේදී දැන ගැනීමට බොහෝ කරුණු ඉදිරිපත්ව තිබිණි. එමෙන්ම ප්‍රදර්ශනය පැවති දවස් කිහිපය පුරා රටරටවල ජනතාව අතිවිශාල ලෙස ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමෙන් පැහැදිලි වූයේ ලොවපුරා ජනතාව නවීන තාක්ෂණය සම්බන්ධව කොතරම් උනන්දුවක් දක්වන්නේද යන්නයි.

ලාස්වේගාස් තාක්ෂණික ප්‍රදර්ශනයේ වැඩි අවධානයක් දිනාගත් අංශයක් ලෙස හඬ පාලන සහ වෙනත් ශබ්ද පරිපාලන උපාංග සහිත අංශය දැක්විය හැකිය. ඊට අමතරව Amatone, Alexa, Microsoft සමාගම් ඉදිරිපත් කර තිබූ මුදෘකාංග ආශ්‍රිත නව නිපැයුම්ද විශේෂ අවධානයට ලක් විය. මේ අතරින් ඇතැම් සමාගම් තම නිපැයුම් ඉදිරිපත් කිරීමේදී තුන්වැනි පාර්ශ්වයක නිෂ්පාදන සමග සම්බන්ධ වී තිබිණි.

හෙඩ්ෆෝන් නිෂ්පාදනයේ විශේෂඥයකු වන Onvocall සමාගම සිය රැහැන් රහිත ඉයර්ෆෝන් Alexa සමාගම සමග එක්ව ඉදිරිපත් කර තිබිණි. GE සමාගමේ තවත් අති දියුණු නිෂ්පාදනයක් ලෙස සැලකීමට බඳුන් වූ මේස ලාම්පුව Amatons හි හඬ සේවාව සමග සම්බන්ධ කර තිබිණි.

මෙහිදී මයික්‍රොෙසාෆ්ට් සමාගම ප්‍රිමියම් ඕඩියෝ ස්පීකර් ඔස්සේ තම ප්‍රචාරණයන් සිදුකිරීමද ප්‍රදර්ශනයේ විශේෂ අංගයක් විය. ගූගල් සමාගම තම උපරිම තාක්ෂණය මේ ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ අතර නවතම ස්පර්ශක ටැබ්ලට් වර්ගයේ පරිගණකයක්ද ඒ අතර විය.

අන්ධ පුද්ගලයන් සඳහා අයිපෑඩයක් ද මේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි. ඕස්ට්‍රියානු නව නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කර තිබූ මේ උපාංගයේ කුඩා ප්‍රමාණයේ භෞතිකමය බුබුළු විශේෂයක් හඳුන්වා දී තිබූ අතර එය එය ස්පර්ෂක සංවේදී තිරය මගින් වේගවත් බ්‍රේල් අකුරු මාදිලියක් වෙත යොමු කර තිබිණි.


ලන්ඩන් තාක්ෂණ දැක්මේ රොබෝ රජ ෙව්

රූපවාහිනී තිරය ඔස්සේ West world Humans වැනි රූපවාහිනී වැඩසටහන්වලදී දකින ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය මගින් නිමැවුණු දර්ශනවලට වඩා තවමත් අප සිටින්නේ දශක ගණනාවකට මෙපිටිනි.

එසේවුවද ලන්ඩනයේ පැවති CES තාක්ෂණ දැක්මේදී මේ දෘශ්‍ය රූප සැබෑවක් වන බවට ඉඟි පළවිය. ඒ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබූ රොබෝවරුන් ආශ්‍රිත නව අත්හදාබැලීම් රාශියක්ම සමගිනි.

මේ ව්‍යාපෘතිය සඳහා ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය, ඉම්පීරියල් කොලීජිය හා එඩින්බර්ග් සරසවිය මේ සඳහා විශේෂඥ උපදෙස් ලබා දී තිබේ. ප්‍රදර්ශනය කර තිබූ ආකෘති සැබෑවක් කර ගැනීම සඳහා චීනය දැනටමත් විශාල මුදලක් වැය කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඒ වෙනුවෙන් වැයවෙතැයි අපේක්ෂිත ඩොලර් මිලියන 10ක මුදල ලබා දීමට අයෝජකයන් සමග ගිවිසුම්ගත වීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ අනපේක්ෂිත පුදුමය ඇති කර තිබුණේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබූ මොඩියුල රොබෝ කිහිපයකි. මේ රොබෝ උපක්‍රමිකව භාවිත කළ හැකි වීම එ්වායේ සුවිශේෂත්වය වේ. ලෙගෝ මාදිලියේ Modi යනුවෙන් නම් කර තිබූ රොබෝවක්ද මේ අතර තිබී ඇති අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයන් විශේෂයෙන් එම රොබෝවට ආකර්ෂණය වූ බව සඳහන්ය. මෝටර්, විදුලි බුබුළු, අධෝ රක්ත පරීක්ෂක උපකරණ ආදී අමතර උපාංග රාශියකින්ද මේ රොබෝවන් සමන්විත වී තිබේ.

යුනිබොට් නමින් රොබෝ වැකියුම් ක්ලීනරයක්ද ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබූ අතර නිවාස පිරිසුදු කිරීමට අමතරව එයට වායු ආර්ද්‍රකරණ උපකරණද සවි කොට තිබේ. කැමරාවක් සහ පටිගතකරණයක් සහිත බැවින් මේ රොබෝව ගෘහ ආරක්ෂක උපකරණයක් ලෙසින්ද භාවිත කිරීමට හැකියාව ඇති බව පැවසේ.

රොබෝ ටෙනිස් සහ රොබෝ චෙස් ක්‍රීඩකයන්ද ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබුණේ නරඹන්නන් පුදුමයට පත් කරමිනි. ලොන්ඩරියක සියලු කාර්යයන් පහසුවෙන් තනියම නිම කර ගන්නා රොබෝවක්ද ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි. මෙවැනි නිපැයුම් වසර කිහිපයක සිට ප්‍රදර්ශනයේ වැඩි අවධානය දිනා ගන්නා අංග වූ නමුදු මෙවර ප්‍රදර්ශනය තනිකිරම රොබෝවන් වෙනුවෙන්ම වෙන් කර තිබූ බවක් දිස් වූයේයැයි විචාරකයන්ගේ මතය විය.

මේ සමහර නිර්මාණ දෙස හාස්‍යයෙන් බැලිය හැකි වුවද ලෝකයේ අනාගතය යනු එවන් නිර්මාණ සමග ජීවිතය බෙදා ගැනීම වනු ඇති බව විචාරකයන් පෙන්වා දී තිබේ. 

Comments