කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ණය නැති යුව­ළක්

ඒ දෙන්නා
සැඩ සුළං බල­න­කොට
එල්තිනෝ කියන වචනෙ
අහ­ල­වත් නෑ!
ඒත් පෙම්වතී කිව්වෙ,
කතාවෙ හැටි­යට
නම සැර වැඩී කිය­ලයි!
පෙම්වතා හ්ම්හ් කියලා හිනා වුණා
වැඩි­කල් ගියේ නෑ
චණ්ඩ මාරුත, සුනාමි, ලැව් ගිනි කඩා වැදුණා
ඒ මදි­වට නෝනගෙ මතක අම­තක වුණා
දොස්ත­රල කිව්වෙ ඩිමෙ­න්ෂියා කිය­ලයි
මොන­ෂියා වුණත් ඇය අත්හ­රි­න්නට පුළු­වන්ද?
අන්තිම මොහොත දක්වාම ඔහු ඈ ළඟ
නෝනා , මහ­ත්තයා අතෑ­රලා දෑස් පියා­ගත්තා
මහ­ත්තයා ලෙඩ ගානේ තවම අදි­නවා
ඒත් දුක්වෙන්නෙ මොක­ටද?
ඒ දෙන්නා කාට­වත්ම ණය නෑ!
මහ­ත්තයා පුරා විද්‍යාවේ - නෝනා අධ්‍යා­පනේ

රන්ජන් අම­ර­රත්න


මිලින වූ මල් කැකුළු

අකී­කරු කොට කලි­සම - රඳ­න්නට ඔහු දරන වෑයම
ඇලී කුස­පොත්ත පිට­ටම - කොහේ රැඳෙ­න්නද කලි­සම
ඉරුනු බෑගය පොත් ටික - උර­දරා ඔහේ පාවෙන
ඇට සැකිලි සිය දහස් ගණ­නක් - හිමි­දි­රියේ සිප්හ­ල්වල
මිලින වී නිදි­කිරා වැටෙන - අනා­ගත දරු පර­පු­රක
ශෝච­නීය දුක්ඛ දොම්නස - රටක කෝ අභි­මා­නය

මුණ­සිංහ රන්කොත්ගේ


ඇයයි ජීවය පිඹින්නී..


නියං කලට වට මහ වැස්සයි ඔබ
කර­ලින් බර­වුන වෙල්යා­යයි ඔබ
බෝපත් අත­රින් නැගෙන සිහිල ඔබ
උදේම ඇහෙනා
මහ­පි­රි­තයි ඔබ....
නිදි­වර වරා දරු­වන් ගැන සිතන්නී
ඇස ගැටෙනා තුරා පෙරමං බලන්නී
මහ­මෙර තරම් දුක් ගින්දර දරන්නී
රජුන් කර­න්නට
ජීවය පිඹින්නී...
ගත දුබල වූවත්
වෙහෙස නොම­දන්නා
පිරුන තුටු කදු­ළින්
පුතුන් හිස සිඹිනා
සියලු දේ අත් හැරි­ය­යුතු
විත්ති දන්නා
එකම දෙය දරු­පෙ­මයි
නොවන අත් හරිනා....

රවී ප්‍රසාද් කරු­ණා­රත්න


අතී­තා­ව­ර්ජ­නය

අදින් පස් වස­ර­කට පෙර - මා ඉසි­ඹු­ලත් දිනයේ
මතකේ මගේ දිග­හැරේ - සමු­ගත්ත උත්සවේ
ලොක්කගේ ඉඳන් සොක්කත් - මගේ ගුණ­මයි හැමොම කීවේ
මොන මළ­ග­ම­කද අනේ - මැරුණ මිනි­හගෙ අගුණ කීවේ
මමත් මළ මිණි­යක් වගේ- බලන් උන්නා මුල­සුනේ
මගේ යටි­හිත මටම කීවා - ඇත්ත­ටම ඒ උඹද ඇසුවා
කිසිත් වෙන­සක් නොදක්වා මා - සිතින් පම­ණක් සිනා වූවා
ඉසිඹු ලැබ සුවසේ - නිරෝගි සම්පත් පැතුවේ
ඒ වද­න්නම් කීවේ - හද­ව­තට එක­ඟ­වයි සිතුනේ
එදා මට පිදු හාන්සි පුටුවේ - හිඳමි අද ඉස්තෝ­ප්පුවේ

බිමල් හේරත් මුද­ලි­නා­යක


මව­කගෙ කඳුළු

ජාති ජරා
පස්පව් අකු­සල් ගැන
හිතන්නෙ කොහො­මද
කඳුළු ගඟක හිඳ
දනිමි හොඳා­කා­රව
හැම මොහො­තෙම
එතෙර වෙන්න බැහැ
සංසා­රෙන් කිසි­දින...
එන­මුදු ජීවය
දුක් නැත අද දින

ශ්‍රීමතී කුමාරි ජය­කොඩි


සිහින

මිලින වී යන සඳ කිරණ දැක සැන­හි­ලුන් උඩු බුරන්නේ
සිහින මාලිග ගුව­න්ත­ලයේ මහ දවා­ලෙත් හදන්නේ
බමන මත­කට හුරුව නෙක විධ දසුන් මනසේ රඟන්නේ
අමන ලොව­කට විවර වී ඇති රටක සෙව­ණැලි මැවෙන්නේ

අම්බ­ල­න්ගොඩ සම­ර­නා­යක


(නිමිත්ත- සාහිත්‍ය මාසය)

වෙරළ මත ඉඳ
සයුර සහ අහස ගැන
දිවු­ර­මින් එපා තව
ලොකු කුඩා පොරොන්දු...
හැකි­නම් ලිය­න­වද
සරල සුන්දර කතා­වක්
ඒත් නැත්නම්
සොඳුරු කෙටි­ක­තා­වක්
සයුර සහ අහස ගැන
රස විඳි­න්නට මට...
දන්න­වනේ,
බිනර මාසය ඇවිත්...

මාලතී රූපිකා පුංචි­හේවා


නිදි­කුම්බා

පුංචි රිද­වු­ම­ක­ටත් ඇකි­ලෙන
ඇසි­ල්ල­කින් යළි යළිත් පිබි­දෙන
පුංචිම සුළ­ඟ­කට වුවද...
හමන අත­ටම නැවෙන
නුඹ, නිදි­කුම්බා පඳුර
විලා­සි­තාව නොව­වන
සුව­ඳ­වත් නොබ­ලන
මල­සු­න­ට­වත් නොව­ඩින
කාට­වත්ම නොපෙ­නෙන
නුඹ පුංචි නිදි­කුම්බා මල
රෝස පැහැ­යෙන් දිලෙන

සුජාතා මාලිනී අම­ර­සිංහ


සිතන්න

අද හෙට ගැන නොවෙයි ඈතට සිත­පල්ලා
පෙර රජ වරුන්ගෙ වැඩ ගැන සොය­පල්ලා
නිත­රම හොඳ දේට මුල් තැන දීපල්ලා
තම වග­කීම හරි­යට ඉටු කර­පල්ලා
එක­මු­තු­කම ඇතොත් එය මිණි මුතු­වන්ය
රට දැය රැක­ග­න්නට එත­කොට පුළු­වන්ය
දැන් දැන් ඕන වැඩ කරනා මිනි­සුන්ය
රජ­කම ලබ­න්නට උන්හට පුළු­වන්ය

චන්ද්‍ර රම්‍ය කුමාර

Comments