හීනටියන සිසිල් මහත්තයා වන්ෂොට් වූ හැටි | Page 2 | සිළුමිණ

හීනටියන සිසිල් මහත්තයා වන්ෂොට් වූ හැටි

 

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි දිවියේ අත්දැකීම් ඇසුරින් ලියවුණු ‘මේ ඒ කතා’ කෘතියට දිනයාදුර ලක්ෂ්මන් ධර්මරත්න ද සිල්වා හෙවත් ‘වන් ෂොට්‘ පිළිබඳ පරිච්ඡේදයක්ද වෙන් විණි. එකී කෘතිය පාදක කොටගෙන ‘වන් ෂොට්‘ පිළිබඳ සැකැසුණු කොටස් තුනකින් යුත් ලිපි පෙළෙහි පළමුවැන්නයි මේ.

 

 

අපරාධ ලොව කිරුළ කලින් කලට වෙනස් වේ. ඒ ඒ කලට අපරාධ ලොවේ ප්‍රබලයා වන්නේ කවුරුද ඔහු එහි රජු ලෙස භෞතීෂ්ම ලැබ කිරුළ හිමිකර ගනී. එය ද ලේසි පහසු කටයුත්තක් නොවේ. සොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, වංචා වැනි ම්ලේච්ජ ක්‍රියාවන් සිදුකර තිබීම ඒ සඳහා මුලික සුදුසුකම් ලෙස සැලකිය හැකිය. ඊට අමතරව පොලිසිවල, උසාවිවල නොමැකෙන අයුරින් නම සටහන් වීම මෙන්ම පත්තරවල මුල්පිටු ඔහු නමින්, ඔහු රුවින් වෙන් වීම ද විශේෂ සුදුසුකමකි. නිදහසේ හුස්මක් ගැනීමට නොහැකි වීම, සිතූ සේ සුවපහසු නින්දක් ලැබීමට නොහැකි වීම මෙන්ම නිරතුරුවම මරණ බය දැනීම යනු ඔහුට ලැබෙන බෝනස් ප්‍රතිලාභයන් ය.

හැට හැත්තෑව දශකයේ අපරාධ ලොව කිරුළ හිමිකර ගත් වන්ෂොට් ද දැහැමි දිවියක් අපේක්ෂාවෙන් සිටි ගමට හිතෛෂී යහපත් තරුණයෙකි. සමාජයට පිළිලයක් වූ තවත් එක් නරුමයකුගේ පාපකාරී ක්‍රියාවක් හේතුවෙන් අපරාධ ලොවට ඇදවැටුණු ඔහු ගැන කතාවයි මේ. අසාධාරණයට එරෙහි වුණු ‘සිසිල් මහත්තයා’ අපරාධ ලොවට ‘වන්ෂොට්’ වුණේ මෙහෙමයි.

වත්මන් සමාජයේ ‘වන්ෂොට්’ කියූ පමණින්ම සිහියට නැඟෙන්නේ රංජන් රාමනායකයි. ඒ ඔහුගේ වන්ෂොට් චිත්‍රපටය නිසායි. අප මේ කියන්නට යන්නේ සැලෝලයිට් වීරයෙක් ගැනවත් නවකතාවක චරිතයක් ගැනවත් නම් නොවේ. කලක් අපරාධ ලොව හොල්ලාගෙන සිටි රියල් වන්ෂොට් ගැනය.

මිනුවන්ගොඩ හීනටියන උපන් ඔහු අපරාධ ලෝකයට ‘වන්ෂොට්’ වුවත් ගමට සිසිල් මහත්තයාය. උප්පැන්නයට අනුව නම් ඔහු දිනයාදුර ලක්ෂ්මන් ධර්මරත්න ද සිල්වාය. හීනටියනට යාබදව පිහිටි වලාන පන්සලේ පින්කම්පොළට ආ පච්ච කොටන්නකු අතින් තම වම් අතේ පිටි අල්ල මත වන්ෂොට් යන අකුරු හතර කොටා ගත් දින සිට අවසන් සුසුම වා තලයට මුසුවන තෙක්ම ඔහුගේ ලියාපදිංචි නාමය ‘වන්ෂොට්’ම විය.

අසූව දශකයේ මැද භාගය වනවිට ධර්මරත්න ද සිල්වා හෙවත් වන්ෂොට් තාරුණ්‍යයට එළැඹ සිටියේය. ගමේ තරුණ කැල හා එක්ව ගමේ පොදු වැඩවලදී පෙරමුණ ගෙන ක්‍රියා කළ ඔහු ආර්ථික අතින්ද ශක්තිමත් වූවෙකි. තරුණ කැල හා එක්ව ගමේ පොදු යහපත උදෙසා ක්‍රියාකිරීමෙන් ඔහුට ගමේ කොයි කාගේත් හිත් දිනා ගැනීමට හැකිවිය. පන්සල ඇසුරේ හැදුණු වැඩුණු ඔහු සැබැවින්ම යහපත් තරුණයකු විය.

‘ජයතිලක’ හීනටියන ගමේ සුප්‍රකට කසිප්පු ව්‍යාපාරිකයාය. හීනටියන ගමේ වගුරුබිම් ආශ්‍රිතව හැළි අරක්කු පෙරා බෝතල් කර අවට ගම්වලට ද බෙදා හැරිය ඔහු යටතේ 50කට වැඩි පිරිසක් සේවයේ නියුතු වී සිටියහ. මේ හේතුවෙන් ඔහු ගමේ ධනවතෙක් මෙන්ම පොලිස් සහායද හිමි බලපුළුවන්කාරයකු විය. ‘වන්ෂොට්’ සහ ඔහු අතර ආරෝවක් නැති වුවද වැඩි ඇයි හොඳැයියක් ද නොතිබිණි.

හදිසියේ ම දෙදෙනා අතර ආරෝවකට මුල පිරුණේ ජයතිලක යටතේ වැඩ කළ මීමැස්මොර රෝගී තරුණයකුගේ නරක් වූ මළ සිරුර හීනටියන වගුරු බිමකින් මතු වීමත් සමඟයි. කාත් කවුරුවත් නොමැති අහිංසක තරුණයාගේ අවසන් කටයුතු කිරීමට ජයතිලක ඉදිරිපත් නොවීම වන්ෂොට් සහ ජයතිලකගේ මේ ආරෝවට මුල විය. අනතුරුව තම මිතුරන් හා එක්ව එම මළ සිරුර භූමිදානය කිරීමට කටයුතු කළේ ද වන්ෂොට් ය. ඒ ගැන දැනගත් ජයතිලක එය වටහා ගත්තේ එය වන්ෂොට් තමාට කළ අපහාසයක්, අභියෝගයක් ලෙසිනි. මළ සිරුර තම නිවස ඉදිරිපසින් ගෙන යද්දී අහසට වෙඩි තබා තම විරෝධය මෙන්ම බලපුළුවන්කාරකම පෙන්වන්නට යෑමෙන් මහා ඛේදවාචකයකට මුල පිරුණි. ජයතිලකගේ ක්‍රියාවෙන් කිපිණු වන්ෂොට් ඇතුළු පිරිස වහා මළ සිරුර පසෙකින් තබා ගැටුමට එක්වීම කෙළවර වූයේ මිනුවන්ගොඩ පොලිසිය පැමිණ එය නිරාකරණය කොට දෙපිරිසම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. ඒ වන විටත් දෙපිරිසෙන් 10ක් 15ක් තුවාල ලබා අවසන්ය. දෙපිරිසම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රදේශය තුළ තාවකාලික සංහිඳියාවක් ඇති කළ ද එය අළුයට තිබෙන ගිනිපුපුරක් මෙන් කොයි මොහොතක හෝ ඇවිළෙන බව සැවොම දැන සිටියහ. එය එසේ යැයි පවසමින් නැවත ගැටුම ආරම්භ වූයේ ජයතිලකගේ පිරිසක් විසින් සිංහල අවුරුදු දා වන්ෂොට්ගේ සොහොයුරකු කපා කොටා තුවාල කිරීමෙනි. මේ සිද්ධියෙන් වියරු වැටුණු වන්ෂොට් ද වෙඩි කෑ ඌරකු මෙන් කිපුණ ද වහා තම කෝපය තාවකාලික පාලනය කර ගත්තේ පිරිස් බලය අතින් තමා පොහොසත් වුවද මුදල් සහ බලපුළුවන්කාරකමින් ඉදිරියෙන් සිටින්නේ ජයතිලක බව දැන සිටි නිසාය. විශේෂයෙන් ම මිනුවන්ගොඩ පොලිසියේ ඇතැම් නිලධාරින් ජයතිලකගේ මුදලට යට බව සිදු වූ ඇතැම් කාරණා නිසා ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටියේය.

ගමේ තරුණ කැලට නායකත්වය දෙමින් යහපත් දිවියක් ගත කළ ධර්මරත්න ද සිල්වා නමැති තරුණයා වන්ෂොට් බවට පත්කර අපරාධ ලොවට ඇදදැමීමට මෙම සිද්ධිය මූලික විය. තම සොහොයුරාට කළ අපරාධයෙන් දැඩි සේ කිපුණ ද තම කේන්තිය පාලනය කර ගත් ඔහු පළමුව මිනුවන්ගොඩ පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් කළ ද ඔවුන් ඒ පිළිබඳ ක්‍රියාකළ අයුරුද ඔහුව මේ තත්ත්වයට ඇද දැමීමට උත්තේජකයක් විය. පැමිණිල්ල කර පැය ගණනක් එහි රැඳී සිටිය ද කිසිම විමසීමක් හෝ සාධාරණයක් ඉටු නොවූ තැන ඔහුට සිදු වූයේ තම බාහු බලයෙන් මෙය විසඳා ගැනීමට පෙලඹීමයි.

නීතියේ පිහිට පසෙකලා බන්ධනාගාරයේ දී ගොඩනැඟුණු මිතුදමක් ඔස්සේ තම ළබැඳි මිතුරකු වූ ‘ඩීසල් කළුවා’ හමුවීමට ඔහු ගියේ තම ගැටලුවට සහායක් පතාය. බන්ධනාගාරයෙන් පැනවිත් ගම්පහ ප්‍රදේශයේ සැඟවී සිටින තවත් සුප්‍රකට අපරාධකරුවකු වන මෙරින් කින්සන් හෙවත් ‘බබී’ මුණ ගැසෙන්නේ ද මේ හමුවේ දීය. බන්ධනාගාරයේ දී හමු වූ තම හිතෛෂී මිතුරා පත්ව ඇති අසරණ තත්ත්වය වටහා ගත් ‘ඩීසල් කළුවා’ දෙවරක් නොසිතාම වන්ෂොට්ට උදවු කිරීමට ඉදිරිපත් විය.

කලබල වී ‘ගේමට’ බැසීමෙන් පත්වන අනතුරුදායක අවාසි තත්ත්වය තම මිතුරාට වටහා දුන් කළුවා තමා කියන පරිදි වැඩ කරන්නට වන්ෂොට් එකඟ කරගත්තේය. කළුවා යනු අපරාධ ලොවේ ‘ඩිග්රිකාරයකු’ බව දැන සිටි වන්ෂොට් ද ඔහුගේ සැලැස්ම සාවධානව අසා සිටිමින් කියා සිටියේ කළ හැකි දෙයක් ඉක්මනින්ම කළ යුතු බවයි.

ඩීසල් කළුවාගේ සැලැස්මට අනුව වන්ෂොට්ගේ ඉදිරි මෙහෙයුම ලබන සතියේ

Comments