![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2018/01/05/sil-06-11-na-01-ndk09062017.jpg?itok=6lbonZtz)
‘ලංකාවේ හොරු අල්ලන එක කවදාවත්ම සිදු නොවෙන එකක් කියලා මිනිස්සු හිතාගෙන හිටිය. ඒක බැඳුම්කර වාර්තාවෙන් බිඳ වැටුණා’
’ඒකෙන් සමහර අයට පිස්සු හැත්‍ථලා’
’වැඩියෙන්ම පිස්සු හැදිලා තියෙන්නේ හොරකම් කිරීමේ නිදහස හැමදාම තියෙන්න ඕනැ කියලා හිතෙන අයට’
‘ඔව් හොරු අල්ලනවා කියන එක, හොරකම නතර කරනවා කියන එක ඒ අයට හිතාගන්න අමාරුයි’
‘හොරකම් කරන එක නැතිවුණොත් දේශපාලනය තුළ ඒඅය දකින එකම තේරුමත් අහෝසිවෙලා යනවා’
‘හොරු ඔක්කොම කලබල වෙලා බැඳුම්කර වාර්තාවේ මොකක් හරි අඩුපාඩුවක් හොයනවා’
‘ඒකෙන් ඉතිහාසය වෙනස් කළා කියන කාරණේ හංගන්න හදනවා’
‘ඒ වගේ වැඩි දෙනෙක් මූට්ටුවෙලා ඉන්නේ බෝට්ටුවකට ද පෝට්ටුවකද?’
’ඒ තැන්වලත් ඉන්නවා. තවත් තැන්වලත් ඉන්නවා. කොහොම නමුත් සියලූම හොරුන්ට මෙය ඇදහිය නොහැකි අත්දැකීමක්’
’දේශපාලන සංස්කෘතියේ ඇත්තම වෙනසක්’
‘හොරකම් කිරීමේ නිදහස හැමදාම තබාගැනීම වෙනුවෙන් තමයි ඒ අය බැඳුම්කර වාර්තාවේ අඩුපාඩු හොයන්නේ’
‘අඩුපාඩුවක් නැතිව හොරකම් කිරීම තමයි ඔවුන්ගේ සිහිනය’
‘හොරු අල්ලන්න තරම් නිර්භීත හා අවංක අය දේශපාලනයෙන් තුරන් කිරීම’
‘එතකොට ඒක ද පුංචි ඡුන්දෙට මහරජ්ජුරුවොත් එන්නේ’
‘ආ ඔව් මංගල දැක්මේ ලොකු රජ පුටුවක් දාලා නාටිකාංගනාවන් මැද්දෙන් ආවේ ඒ හින්දා’
‘මහරජ්ජුරුවෝ ඉස්සරහට දාගෙන හරි තමන්ගේ හොරකම් කිරීමේ නිදහස ආරක්ෂා කරගැනීමට ඔවුන් පෝට්ටුවෙන් සිහින දකිනවා’
මා සිහිනයෙන් ද කොමිසමක හිර වී ඇති බවක් දැණිනි. අමිහිරි වුවත් ඒ සිහිනයේ මෙතෙක් විඳින්නට නොලැබුණු අමුතු මිහිරක් ද දැවටී ඇති බව සිහිනෙන් ම මට කල්පනා විය.