අපටත් දියව් | සිළුමිණ

අපටත් දියව්

 "යාන්තං ඔන්න කෝච්චිනං දුවනවා" නිමලෙ හුසුමක් උඩට ගත්තා....ගනේවත්ත ඉස්ටේසමෙං මාස් මෝසං හුළඟට කෝච්චි සද්දෙ ඇහෙනවා..

හුඟ දොහකට පස්සෙ...

" දවස් කීයක් ඕක ඇහෙයි ද ?"

"ඒ මොකද?"

"ඉස්ටැයික් එකෙං වුණේ කෝච්චි රියැදුරන්ගෙ පඩිය දොස්තර මහත්තුරු දැනගත්තු එක"

"ඉතිං?"

"ඩැයිවර්ලගෙ පඩියවත් අපට නෑ කියලා දියව් දියව් බෝඩ් අරන් ඒ උත්තමයො පාරට බහිනවා"

"ඊට පස්සෙ බස් කොන්දොස්තරලා බහිනවා"

"එයාල මොකද කියන්නෙ"?"

"කෝච්චි සුදුද අපි කළුද අහනවා"

"දොස්තර මහත්තුරු බැස්ස නම්

කොන්දොස්තරු බැස්සම මොකද අහනවා"

"ඊට පස්සෙ?"

"ඊට පස්සෙ අන්තරේ බහිනවා."

"අන්තරේ බහින්නෙ මොන දොස්තරල වෙනුවෙන්ද?"

"දොස්තර මහත්තුරු වෙනුවෙන්"

"එතකොට කොන්දොස්තරලා වෙනුවෙන් අන්තරේ බහින්නැද්ද"?

ඒකට නං කිසිම උත්තරයක් නෑ. කොහොමිං කොහොම හරි ඉස්ටැයික් ඉවරයි කීවට මේක ඉන්ටවල් එකක් ඉතරක් වෙයි වගේ.අනේ මන්දන්නෑ .මම්මේ කල්පනා කොළේ අපටත් ඉස්ටැයික් කොරන්ඩ පොටක් නැද්ද කියලයි.

Comments