![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/12/01/tl-2.jpg?itok=ciwHlj9p)
"අද තියෙන්නෙ ඒකාදිපති පාලනයක්" ප්‍රාදේසීය සබාවෙ හිටපු සබාපති තුමා කියද්දි මයික් විජේ ඔළුව වනනවා....එයාගෙ හැටි එහෙම තමයි. මන්තිරි කෙනෙක් කීවොත් කීවම තමා. හිටපු ඇමතිටත් කටපුරා ඇමති කියල කියන්නෙ... පස්සෙන් ගිහිල්ල ගල් බාගෙකට වැඩි දෙයක් ලැබුන්නැහැ. හැබැයි යිතිං මන්තිරි දුන්න හින්ද ගල් බාගෙත් මහමෙරක් වගේ තමා .
"....මන්තිරි තුමා මොකද එහෙම කියන්නෙ?" උන්නැහෙ ගියාට පස්සෙ විජේගෙන් මං ඇහුවා....
"චන්දෙ පහු කොරන එකෙන් ඒකයි පේන්නෙ" විජේ කියපි.
මන්තිරි තුමා කියපු එක තමයි විජෙත් කියන්නෙ.....
"එතුම මේ දවස්වල දුකෙන් ඉන්නෙ පව්" විජේ හූල්ලනවා......
"ඒ මොකද මලේ?"
"ගේ වැඩ අතරමග නැවතිලා. ගල් වැඩ පොළට වැඩ නෑ. කොන්තරත් කාරයො වෙනද වගේ යන්නෙ එන්නෙ නෑ. ගෙදර පාළුවෙලා. අපට ඔය දේ වුණා නම් තේරෙයි. පව් අප්පා." විජේ හූල්ලනවා..... කිව්වහම මොකද ආයිබන්ඩ උගෙ හීල්ලිල්ලට මගෙ පපුවත් හෝස් ගාලා පිච්චිලා ගියා............ " උන්නැහේ උඩ තට්ටුවට නගිනවා බිත්ති අතගානවා. බහිනවා"
"කීයක් තියනවද."?.
"තුනයි නැග්ගුවෙ. තව දෙකක් නග්ගන්න තියනවා. මන්තිරි දීමනාව නැතුව ඒක කරගන්ඩ විදියක් නෑ"
"හද්දෙයියනේ. එච්චර පඩියක් හම්බුවෙනවද?"
"මහලොකු පඩියක් නෑ. හම්බුවෙන සොච්චමෙන් නොකා නොබී ඉතුරු කොරගෙන තමයි ඕක හදනේ"
"පව් දෙයියනේ. ඔය කාලකන්නි චන්ද දායකයන්ට තේරෙන්නැද්ද කීය කීය හරි එක්කහු කොරලා වැඩේ ඉවර කරල දෙන්න "
"අද කොහෙද එහෙම මනුස්සකං තියෙන්නෙ. ළමයි දාගන්නකං හොඳයි. පොලීසියට ටැලිපෝන් කොරලා කොල්ල එලියට ගන්නකං හොඳයි. ඉම් පස්සෙ උන්නද මළාද වගක්නෑ... "
" උන්නැහේ ඒකාදිපති කතාවක් කීවෙ මොන අදහසින්ද?"
"ඇමතිල යසට ඇමතිකම් කොරනවා. අනික් නායකයොත් පුටුවල ඉන්නවා. අපේ සබාව කොරගන්ඩ දෙන්නෙ නෑ කියන එකයි අදහස" "ඇත්ත නේන්නම් සබාව තිබ්බ නම් මාසෙ පඩියෙන් දෙයියනේ කියලා ඉතුරු වැඩ ටික කෙරෙනවා. කොන්තරත්කාරයො අහක බලන්නෑ. ගෙදර සෙනග පිරිලා.... මගුල් ගෙදර වගේ. දැං අපායට හෙන ගැහුවා වගේ. තොපි විතරක් කන්නෙ අපට කන්ඩ දෙන්නැද්ද කියල හිතෙන්නෙ ඔය වෙලාවට තමයි".