
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (SHMA) ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඉකුත් දා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඒ තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth -SSG) නම් වූ සිය විශේෂ පුහුණු වැඩසටහන රට පුරා විසිරුණු තෝරාගත් අධ්‍යයන මධ්‍යස්ථානවලදී ආරම්භ කිරීම සඳහාය.
ව්‍යාපෘතියේ පළමු අදියර 2025 වසර තෙක් ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ යටතේ සිසුන් 2,240 දෙනකුට පුහුණුව හිමිවේ. තාක්ෂණික කුසලතා දියුණුවෙන් ඔබ්බට යමින්, පුද්ගල සංවර්ධනය සහ භාෂා පුහුණුව ද ඊට එක්කොට තිබීම විශේෂත්වයකි.
බවර් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂිකා පවිත්‍රා සමරසිංහ, SHMA හි පීඨාධිපති ඩැනියෙලා මුණසිංහ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති උපාලි කැප්පෙටිපොළ, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් සහ ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර් අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.