ඉන්දියාවේ විශාලතම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන Lyca Productions සිය මෙහෙයුම් පුළුල් කරමින් ශ්‍රී ලංකාව තුළ නවීන චිත්‍රපට නිෂ්පාදන මධ්‍යස්ථානයක් පසුගියදා ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ දේශීය චිත්‍රපට කර්මාන්තය නංවාලීම සඳහා දැනුම හා නවීන තාක්ෂණයන් හුවමාරු කිරීම මෙන්ම ශ්‍රී ලාංකිකයන් පුහුණු කිරීම ද අරමුණු කර ගනිමින් මෙරට සිනමා තරු සහ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්රයේ දැවැන්තයින්ගේ සහභාගිත්වයෙන් පැවති උළෙලකදී ඉන්දියාවේ ඉහළම චිත්‍රපට නිෂ්පාදන පහසුකම් සහිත සමාගමක් වන Lyca Productions මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළේය.
Lyca සමූහයේ සභාපති, Allirajah Subaskaran මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියාවේ Lyca Productions සහ මෙරට EAP Films and Theaters (Pvt) Ltd සමඟම අතර උපායමාර්ගික හවුල්කාරිත්වයක් පවතින බව සඳහන් කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “EAP සමූහ ව්‍යාපාරයට චිත්‍රපට ක්ෂේත්රයේ දීර්ඝ ඉතිහාසයක් ඇති අතර ශ්‍රී ලංකාවේ නවීන චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් පිහිටුවීමට ඔවුන් සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතා සතුටට පත් වනවා. Lyca Productions Sri Lanka හි අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තය ජාත්‍යන්තර චිත්‍රපට කර්මාන්තය තුළ නිෂ්පාදන සහ අනෙකුත් සෑම අංශයකින්ම තරගකාරී මට්ටමකට ගෙන ඒම සඳහා ඉහළ සම්පත් දායකත්වයක් ලබා දීමයි.