SHMA සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව නව අධ්‍යයන පාඨමාලාවක් | Page 2 | සිළුමිණ

SHMA සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව නව අධ්‍යයන පාඨමාලාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (SHMA) ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඉකුත් දා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඒ තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth -SSG) නම් වූ සිය විශේෂ පුහුණු වැඩසටහන රට පුරා විසිරුණු තෝරාගත් අධ්‍යයන මධ්‍යස්ථානවලදී ආරම්භ කිරීම සඳහාය.

ව්‍යාපෘතියේ පළමු අදියර 2025 වසර තෙක් ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ යටතේ සිසුන් 2,240 දෙනකුට පුහුණුව හිමිවේ. තාක්ෂණික කුසලතා දියුණුවෙන් ඔබ්බට යමින්, පුද්ගල සංවර්ධනය සහ භාෂා පුහුණුව ද ඊට එක්කොට තිබීම විශේෂත්වයකි.

බවර් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂිකා පවිත්‍රා සමරසිංහ, SHMA හි පීඨාධිපති ඩැනියෙලා මුණසිංහ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති උපාලි කැප්පෙටිපොළ, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් සහ ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර් අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

Comments