![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/24/bandage-wakkiya-2016-1.jpg?itok=fzwwWMXd)
මේ දවස්වල අබිලිංගෙ කඩේ, සැල්ටොංගෙ බාර්රෙකේ පොරදාන මාත්තුරුකාව පේරාදෙණිය විස්ව විද්‍යාලෙ කොල්ලන්ගෙ කලිසම් ගැලවිල්ල ගැන. වෙන මාත්තුරුකාවක් ඇත්තෙම නැද්ද හැබෑට. අපිට ඔව්වගෙ ලකයක් නෑ. ඉනේ දිය ලණුව ගැට ගැහුවෙ මළපොත අකුර නොදන්න කාලේ. අමුඩ කෙටිය එදා ඇන්ද විදියට තවමත් අඳිනවා. හැබැයි අපි ගොයිතැන් බත් කොරන්ඩ ලේසියටනෙ ඕක අඳින්නේ. නැහ්නං අපටත් බැරියැ කලිසං ගහන්ඩ. මෙතන තියන පුරස්නේ දෙමාපියො රටට ණය වෙලා මස්සලා දුන්නු කලිසං අනික් කොල්ලො එක්කහු වෙලා ගලෝන එක නෙවැ.
“නිමලෙ මොකද හිතන්නෙ ඔය ගැලවිල්ල ගැන?”
අබිලිං ඇහුවා.
“අඩමානයක් නෑ. හිරට හිරේ ඇඳගෙන යන්න ඇති. අවයවවලට අසන්නෑසියක් වෙයි කියලා ජේස්ට ළමයි ගලවන්ඩ ඇති අනුකම්පාවට.”
නිමලෙ කීවා.
“අහවල් දේට ද වෙන ම ගෙදරකට අරං ගියේ?”
“විස්ව විද්දියාලෙ ආරක්සකයො වරදවා තේරුම් ගනී කියලා”
“අහවල් එකට ද පොලු මුගුරු?”
“ඒවා පොලු නෙවෙයි උදලු මිටි”
“උදලු මිටි? අහවල් දේට ද?”
“උදලු තලේකට මිටක් ගහන්ඩ පුරුදු කොරන්ඩ. කවද හරි උපාදි අරං ගෙදර ගිය දවසක බඩ ඉරිඟු ටිකක් වවලා හරි ජීවත් වෙන්ඩ එපා යැ”
ඔය කතා බතා අස්සේ රුවං කොලුවා යකඩ මරංගෙ ලොකු කොලුවත්තෙක්ක කඩදහි රෝහල් කිහිලි ගහගන යනවා දැක්කා. යකඩ මරංගෙ කොලුවා විස්ම විජ්ජාලෙ ඉඳලා උණ හැදිලා ගෙදර ඇවිත් ඉන්නේ. මායි නිමලෙයි ගියා මුන් දෙන්නා මොන ගිනි විජ්ජුම්බරයක් කරනවද බලන්ඩ. අපි යද්දී නිමලේ ලැ ගෙදර පිළිකන්නෙ ඉටි රෙද්දක් එලා ගන ඒක උඩ කඩදහි දිගෑරලා මොන මොනවද ලියනවා.
බලමු මොනවද ලියන්නෙ කියලා. එබිලා බැලුවා කඩදහිඔලට.
“නවක වදය මුවාවෙන් ආණ්ඩුව සිසු දඩයමේ” - අන්තර් විස්ව විද්‍යාල පිස්සු බල මණ්ඩලය
“නවක වදය පෙරට දමා සයිටම් විරෝධීන් මර්දනය කිරීමේ කුමන්ත්‍රණයක්”
“ඊයේ කැලණියට. අද පේරාදෙණියට. හෙට කොළඹට”
“සිසු දඩයමට පෙර නේවාසිකාගාර ප්‍රස්න විසඳනු”
“අම්මේ තාත්තේ - ඔබේ දරුවන්ගේ ජීවිත අනතුරේ”
“සිසුන් නිදහස් කර උප කුලපති කූඩුවට දමනු”
“සයිටම් ප්රශ්නය යට ගැසීමට නවක වදය පෙරට ගනී”
“සිසු මර්දනය ලෝක බැංකු අවශ්‍යතා ඉටු කිරීමක්”
“ආණ්ඩුව සිසු මර්දනය පේරාදෙණියෙන් අරඹයි”
“සිසුන් නිදහස් කර ගැනීමේ කූට වියාපාරයට ඔබේ සහාය දෙන්න”
“සිසුන් නිදහස් කරන තුරු සටන දිගට ම”
“ලෝක බැංකු - මෛත්‍රී - රනිල් හවුල
නවක වදය ඉදිරියට ගෙන සිසු දඩයමේ”
“අධිරාජ්‍ය ගැති ආණ්ඩුව ගෙදර යවමු”
“සිසු නිදහස සුරකිමු”
“ප්රතිගාමී කුමන්ත්‍රණ පරදවමු”
“සිසුන් අත්අඩංගුවට ගැනීම පිටුපස
සයිටම් පාලකයෝ”
මේ අපබ්බුරංසෙ තේරුම් ගන්ඩ බැරි ව මායි නිමලෙයි කූරටියා පඳුරු ඈත් මෑත් කොරගෙන සීනි කරිඤ්ඤං තිප්පොළට ගෑටුවා ආයිබොවන්ඩ. එතනට එන උන්දලා තමයි ඔව්වගෙ අර්ත හරියටම විග්ගරහ කොරන්නෙ.