සුවය ලැබූ චීන කාන්තාව රෝහලෙන් පිටව යයි | සිළුමිණ

සුවය ලැබූ චීන කාන්තාව රෝහලෙන් පිටව යයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19) එම රෝහලෙන් පිටව ගියාය.

ශ්‍රී ලංකාවෙන් හමුවූ COVID-19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වන්නේ ඇයයි.

එම චීන ජාතික කාන්තාව රෝහලෙන් පිටව යාමට සූදානම්ව සිටි අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ද ඊට එක්ව සිටියහ.

මෙම  අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද එක්ව සිටියාය.

මෙහිදී එම කාන්තාව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරට වෛද්‍යවරුන් සිදු කළ විශිෂ්ඨ මෙන්ම කාරුණික සේවාවට විශේෂ ස්තූතියක් සිදු කර සිටියාය.

සංචාරකයින් කණ්ඩායමක් සමඟ පසුගියදා මෙරටට පැමිණි ඇය සිය සංචාරය නිමකර ආපසු සිය රට බලා යාමට සූදානම්වන අවස්ථාවේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පරීක්ෂා කිරීමේදී පසුගිය ජනවාරි 25වනදා COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය.

මෙරට වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවලට යොමුවූ ඇය මේ වනවිට සම්පූර්ණ සුවය ලබාගැනීමට සමත්වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

Comments