කොරෝනා මරණ චීන­යෙන් පම­ණයි | සිළුමිණ

කොරෝනා මරණ චීන­යෙන් පම­ණයි

කොරෝනා වයි­ර­සය පැති­ර­යෑම පාල­නය කිරී­මට චීනය උප­රිම උත්සාහ දැරූ­වද දුර්වල සෞඛ්‍ය පහ­සු­කම් සහිත රට­වල ආර­ක්ෂාව වෙනු­වෙන් තමන් ගෝලීය හදිසි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කරන බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පවසා තිබේ. පුව­ත්පත මුද්‍ර­ණය වන අව­ස්ථාව වන විට කොරෝනා වයි­ර­සය හේතු­වෙන් මිය­ගිය සංඛ්‍යාව 230ක් විය. රෝගය ආසා­ද­නය වූ සංඛ්‍යාව 10000කට ආසන්න යැයි වාර්තා විය. ලොව පුරා රට­වල් 23කට රෝගය පැති­ර­ගොස් තිබූ නමුත් මරණ සිය­ල්ලට වාර්තා වී තිබුණේ චීන­යෙන් පමණි.

මේ අතර කොරෝනා වයි­රස ආසා­ද­නය සුව­පත් කළ හැකි ඖෂධ වර්ග තුනක් පිළි­බ­ඳව නිවේ­ද­න­යක් රුසි­යානු සෞඛ්‍ය අමා­ත්‍යං­ශය විසින් නිකුත් කොට තිබේ. මේ ඖෂධ වර්ග තුන හෙප­ට­යි­ටීස් සී, එච්අ­යිවී ඇතුළු තවත් රෝග කිහි­ප­ය­කට ලබා­දෙන ඖෂධ බව ප්‍රකාශ වී තිබේ.

Comments