කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙ | සිළුමිණ

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙ

නව කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකෙරෙන තරුණියක් අනුරාධපුරයෙන් වාර්තා වී තිබේ

අවුරුදු 23ක් වයසැති මෙම තරුණිය අනුරාධපුරය, හිදෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපළේ සේවය කරනු ලබන සේවිකාවක් බවයි හෙළිවී ඇත්තේ.

නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග එම තරුණියව අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇත.

පසුව ඇයව අංගොඩ පිහිටි IDH රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

 

Comments