
ජංගම දුරකථනය යනු වර්තමානයේ ජීවත් වන මිනිසාට බෙහෙවින් අත්‍යවශ්‍ය උපකරණයකි. මෙය සන්නිවේදන උපකරණයකි. නමුදු අද මිනිසා මෙම සන්නිවේදන උපකරණය අයහපත සඳහා භාවිතා කරන්නේය. අද ළමා පරපුරවැඩිහිටියන් අබිබවා ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇත. මුහුණු පොත, අන්තර්ජාලය තුළ ළමා මනස පමණක් නොව වැඩිහිටි මනස ද විකෘති කරන දෑ අඩංගු වේ.
ඒ නමුදු අප මේ සන්නිවේදන උපකරණය භාවිත කළ යුත්තේ දැනුම ලබා ගැනීමටය. ලෝකය පිළිබඳ තොරතුරු කියවීමටය . නැරඹීමටය.
කෙසේ වෙතත් අද ළමයා මෙන්ම තරුණ පරපුර ද වැඩිහිටියන්ද ජංගම දුරකථනයට ඇබ්බැහි වීම නිසා පොත පතින් ඈත් වී ඇත.
ලිහිණි දෙව්මිණී ඩයස්
10 ශ්‍රේණිය සී,
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
දෙහිවල