
මුළු ලොවට සාමය සතුට රැගෙන ඔන්න නැවතත් නත්තල උදා වුණා. උඳුවප් මාසයේ අපට දැනෙන සීතල පවසන්නෙත් නත්තලේ අසිරියයි.
පුංචි අපිට තෑගි දෙන්නට නත්තල් සීයා සූදානම් වෙනවා ඇති. නත්තල් සැරසිලි, පාට පාට විදුලි බුබුළු, තෑගි බෝග, සෙල්ලම් බඩු, සුබ පැතුම් පත් සාප්පුවල පිරී තිබෙයි.
කිතුනුවන් වන අප නත්තල සැමරිය යුත්තේ අසරණ දුප්පත් අයට උදව් උපකාර කරමිනි. එවිටයි, නත්තලේ සෑබෑ අසිරිය අපට විඳින්නට හැකි වෙන්නේ.
ඔබ සැමට සුබ නත්තලක් වේවා!
එඩ්‍රිනා පෙරේරා
3 ශ්‍රේණිය ‘සී‘,
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බම්බලපිටිය.