දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ – ජනපතිගෙන් ගැසට් නිවේදනයක් | Page 13 | සිළුමිණ

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ – ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

වහා ම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.
 
අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.
 
දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදු වන පීඩා අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.  
 
මේ අතර, දුම්රිය වර්ජනය හේතුවෙන් වටිනා තරුණ ජීවිතයක් අද රටට අහිමි විය.  තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ජීවිත බිලි ගැනීමට හෝ මගීන් අපහසුතාවට පත් කිරීමට වෘත්තිය සමිතිවලට කිසිදු අයිතියක් නොමැති බව ජනතාව පවසයි. 

Comments