![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/25/KANDY-1-1.jpg?itok=irq9JkBC)
ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් නගර කලාපය මත්ද්‍රව්‍ය හා දුම්වැටි වලින් තොර කලාපයක් බවට පත්කර ඇත.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී එන් ආර් අමරසිංහ මහතා පවසන්නේ පෙරහර පැවැත්වෙන දින 10 තුළ මෙම නියෝගය ක්‍රියාත්මක බවයි.
රජයේ පරිශ්‍ර තුළ පිහිටා ඇති වෙළෙඳසැල්වල කිසිදු ආකාරයකින් දුම්වැටි , බුලත්විට ආදිය පවා විකිණීම තහනම් කර තිබේ.
මෙම කටයුතු අධීක්ෂණය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ සහාය ද ලැබී ඇති බව අමරසිංහ මහතා පැවසීය.
එමෙන්ම මහනුවර නගරයේ ආපනශාලා ඇතුළු වෙළෙඳසැල් පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරේ.