
පසුගිය වසර 3 ක කාලය තුළ ලංකාවේ Auto Mobile ක්ෂේත්‍රය සීඝ්‍ර දියුණුවක් ලබා ගත් බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රයද ලෝකයට නව්‍ය නිෂ්පාදන ඉදිරිපත් කිරීමට සමත් වී ඇති අතර ඉන්දියාවේ හා චිනයේ පවතින සුවිශාල වෙළඳපළ අපගේ නිෂ්පාදන කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම් රජය විසින් කර්මාන්තකරුවන්ට ලබාදෙන බවත් "5 INTERNATIONAL EXHIBITIONS " ප්‍රදර්ශනයට එක් වෙමින් ඇමතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්තයන් සවිබල ගැන්වීමේ අරමුණින් මෙරට ප්‍රථම වතාවට COMPLAST , RUBEXPO, MOPEXPO, COMEXPO, TOFAS යන ජාත්‍යන්තර ප්‍රදර්ශන 5 ක් එකම තැනක ක්‍රියාත්මක කරමින් සංවිධාන කරනු ලැබූ " 5 INTERNATIONAL EXHIBITIONS " ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ (Satyanjal Pandey) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශණ ශාලාවේදී ආරම්භ විය.
"Shaping Innovation, Powering Progress " තේමාවෙන්, ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos India පුද්ගලික සමාගම සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒකාබද්ධ සහයෝගීතාවයෙන් පවත්වන මෙම ප්‍රදර්ශනය හරහා මෙරට කාර්මික නිෂ්පාදන ගෝලීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙයි. මෙම ප්‍රදර්ශනය දින 3 ක් පුරා පැවැත්වෙන අතර මෙහි අන්තර්ගත RUBEXPO 2023 ප්‍රදර්ශනය හරහා රබර් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය , යන්ත්‍රෝපකරණ සහ නිෂ්පාදන ප්‍රදර්ශනය කරනු ලබයි. COMEXPO 2023 ප්‍රදර්ශනය හරහා නිෂ්පාදන අංශයේ සංවර්ධනය සඳහා නවීන තාක්ෂණික විසඳුම් හා සේවාවන්ගේ දායකත්වය ඉදිරිපත් කරනු ලබයි. TOFAS 2023 ප්‍රදර්ශනය හරහා භුමි නිර්මාණකරණය සඳහා භාවිතා කරන නවීන මෙවලම් පිළිබඳව දැනුවත්කිරීම සිදුකරයි. MOPEXPO 2023 ප්‍රදර්ශනය පළමු වරට මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනයට එක්වන අතර එහිදී මෝටර්රථ රථ අමතර කොටස්, ටයර්, බැටරි සහ ගරාජ් උපකරණ පිලිබඳව දැනුවත්කිරීම සිදු කරනු ලබයි.
මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, චීනය , මැලේසියාව , තායිවානය, එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රදර්ශකයන් 200 ක් එක්ව තිබේ.
මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවේදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කළේ,
අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් පවතින අවස්ථාවේ මෙවැනි ප්‍රදර්ශණ හරහා ගෝලීය තාක්ෂණය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වෙත යොදා ගනිමින් මෙරට නිෂ්පාදනයන් කෙරෙහි ගෝලීය අවධානය යොමු කර ගත හැකි බවත් එමඟින් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය තුලින් මෙරට ආර්ථිකය ස්ථාවර කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බවත්ය.
මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ සභාපති කල්‍යාන ධීරසේකර, ශ්‍රී ලංකා මොටර්රථ උපාංග නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩිමන්ත ජයවර්ධන, Automobile Industry Council හි සභාපති රවිත් සිල්වා, Smart Expos India පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී. ස්වාමිනාදන්, විදේශීය කර්මාන්තකරුවන්, දේශීය කර්මාන්තකරුවන්, ගැණුම්කරුවන්, දෙස් විදෙස් ආයෝජකයන් ව්‍යවසායකයින් ඇතුඑ විශාල පිරිසක් එක්වූහ.