ට්‍රම්ප් බන්ධනාගාරයට | සිළුමිණ

ට්‍රම්ප් බන්ධනාගාරයට

ජෝර්ජියා මැතිවරණ කඩාකප්පල් කිරිමේ චෝදනා එල්ල වී ඇති අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ජොර්ජියා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට පැමිණ භාරවිය. 
 
2020 වසරේ දී ජෝජියාවේ මැතිවරණ ප්‍රතිඵල ආපසු හැරවීමට උත්සහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා 13ක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ජාවාරම් , කුමන්ත්‍රණ ඇතුලු හිටපු ජනාධිපතිවරයාට අපරාධ චෝදනා එල්ල වු හතරවන අවස්ථාව මෙයයි.
 
මේ වන විට ට්‍රම්ප් ඇතුලු විත්තිකරුවන් 12 දෙනෙකු භාර වී ඇති අතර දස දෙනෙකු ඇප මත මුදාහැර සිටියි.
 
බන්ධනාගාරයට පැමිණීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීව දත්ත ලබාගැනීම සිදුව ඇති අතර තද නිල් පැහැති ඇදුමකින් සහ රතු පාට ටයි පටියකින් සැරසුනු හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන් බන්ධනාගාරයට පැමිණියේ රාත්‍රී 7ට පමණය.
 
අඩි 6යි අගල් 3ක් උස සහ රාත්තල් 215ක් බර නිල් සහ දුඹුරු හෝ ස්ට්‍රෝබෙරි හිසකෙස් ඇති බවට ලැයිස්තු ගත කළ ඔහුගේ සිරකරු අංකය පී 01135809 ලෙස සටහන් කෙරුණි.
 
කෙසේ වෙතත් ඔහුට අදාළ නීතිමය කටයුතු විනාඩි 20කට වඩා අඩු කාලයකින් අවසන් බව වාර්තා වේ.
 
අමෙරිකා ඩොලර් ලක්ෂ දෙකක බැදුම්කරයකට සහ නඩුවේ සම විත්තිකරුවන් හා සාක්ෂිකරුවන්ට එරෙහිව සමාජ මාධ්‍ය භාවිත නොකිරීම ඇතුලු කොන්දේසිවලට යටත්ව ඔහු මුදා හැර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
එසේම ට්‍රම්ප් බන්ධනාගාරයට පැමිණීමේ දී ඔහු සමඟ පැමිණි පරිවාරක රථ පෙළපාලිය පිළිබඳවද විශේෂයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 
 
නැවතත් නිව්ජර්සි වෙත යාමට සිය ගුවන් යානයට ගොඩවීමට පෙර මාධ්‍යවේදීන් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ‘මම කිසිම වරදක් කළේ නැහැ‘ යනුවෙනි.
 
 

Comments