බදු ප්‍රතිපත්තිවලට විරුද්ධව පෙබරවාරි 08 සිට විරෝධතා සතියක් | Page 12 | සිළුමිණ

බදු ප්‍රතිපත්තිවලට විරුද්ධව පෙබරවාරි 08 සිට විරෝධතා සතියක්

වර්තමාන බදු ප්‍රතිපත්තිය හා විදුලි බිල වැඩි කිරීම වැනි ගැටලුවලට එරෙහිව රජයට විරෝධතාවය පළ කරමින් පෙබරවාරි 08 සිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නිදහස් සේවක සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මෙම තීරණය දැනුම් දෙනු ලැබුවේ පෙබරවාරි 03 වැනි දා රාජගිරිය සරණ පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට නිදහස් සේවක සංගමයේ රංජිත් හෙට්ටිආරච්චි, එයාර් ලංකා සංගමයේ සභාපති ජනක විජයපතිරත්න, ඛනිජ තෙල් සංස්ථා සංගමයේ ජගත් විජේගුණවර්ධන, ලේක්හවුස් නිදහස් සේවක සංගමයේ අනුර ගොඩකන්ද ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය- නිශ්ශංක විජේරත්න

Comments