මහනුවර ඇසළ මහ පෙරහර අගෝස්තු 30දා | සිළුමිණ

මහනුවර ඇසළ මහ පෙරහර අගෝස්තු 30දා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහරේදී ප්‍රථම වරට සධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල ඇතාට හිමි විය. කණ්ඩුල සමඟ දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන සිංහ රාජා සහ මියන් රාජා දෑලේ ගමන් කරත්දී කණ්ඩුල සධාතුක කරඬුව වැඩමවන අයුරු මෙහි දැක්වේ.

මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 21 වැනිදා ඇරැඹි අතර, එය 31 වැනිදායින් අවසන් වේ. අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ අගෝස්තු 30 වැනිදා බදාදාය. මෙවර පෙරහරට ලංකාවේ සිටින අලි ඇතුන් 75කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, පෙරහර සංචාරය කරන වීදි ප්‍රමාණය සහ සහභාගි වන නර්ථන කණ්ඩායම් ප්‍රමාණය ද වැඩි කර තිබේ. පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා කොළඹ කොටුවෙන් පෙරවරු 9.50ට ආරම්භ කෙරෙන විශේෂ දුම්රිය අගෝස්තු 31 දක්වා ධාවනය වන අතර, එය සෑම දිනකම මධ්‍යම රාත්‍රී 12ට මහනුවරින් කොළඹ බලා පිටත්වනු ඇත.

(සටහන - නාමලී ගමගේ, ඡායාරූපය - බුද්ධික රොෂාන්)

Comments