නමින් හෙළි වන ඔබේ චරිතය නාම අංක 6 හිමි ඔබ ගැනයි මේ | Page 3 | සිළුමිණ

නමින් හෙළි වන ඔබේ චරිතය නාම අංක 6 හිමි ඔබ ගැනයි මේ

තමන්ගෙ ගෞරවයත් රැකගෙන අනුන්ගේ ගෞරවයත් රකින කෙනෙක් ආදරයේදී ඉතා හැඟීම්බරයි රැකියාව ඔබට දේව කාර්යයක් වගෙයි

බේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට ගැළපෙන ඉලක්කම් සියල්ල තනි අංකයක් ලැබෙන තුරු එකතු කළ පසු අවසාන වශයෙන් ලැබෙන තනි ඉලක්කම ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකයයි. ඒ අනුව ඔබේ ප්‍රකාශන අංකය හෙවත් නාම අංකය, අංක 6 නම් මේ එයින් හෙළිවෙන ඔබේ චරිත ලක්ෂණයි.

 

නාම අංක හෙවත් ප්‍රකාශන අංක 6න් උපන් ඔබ ගැන සඳහන් කරන විට තමන්ගේ ගෞරවය රැකගෙන සමාජයේ අනිකුත් අය කෙරෙහි ද ගෞරවනීය පුද්ගලයෙකු ලෙස නීතියට ගරු කරමින් කාටත් කරදරයක් නැතිව ජීවත් වන පුද්ගලයකු ලෙස හැඳින්විය හැකිය. නාම අංක 6 හිමි අය තමන් ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කරයි. ඔබට ව්‍යාපාර සහ ස්වයං රැකියා මඟින් හොඳ සාර්ථකත්වයක් ලැබිය හැකිය.

කලාත්මක හැකියාවන්ගෙන් ද යුක්ත ඔබට විවිධ, නිර්මාණාත්මක දේවල් කිරීමට හැකියාව ඇති අතර මෝස්තර නිර්මාණවලට මෙන්ම රංගන හැකියාවන්ගෙන් ද යුක්ත වෙයි. ඔබ මිනිස්සුන්ට උදවු කිරීමට ද කැමතිය. ඉතා උණුසුම් හැඟීමකින් යුතුව අන් අය සමඟ ගනුදෙනු කරන ඔබ ආදරයේදී ඉතා හැඟීම්බර පුද්ගලයෙකි. රාජකාරි කටයුතු වුවමනාවටත් වඩා කිරීමට පෙලඹෙන ගතියක් ද ඔබට ඇත. ඒ නිතරම රැකියාව ප්‍රමුඛ කාර්ය කොට සලකන නිසාය. ස්වභාවික පරිසරයට ඉතා ඇලුම් කරන ඔබ තම ගෙවත්ත, මිදුල ඉතා ලස්සනට අලංකාරව තබා ගැනීමට පෙලඹෙන අතර මල් වගා කිරීමට මෙන්ම උයන් අලංකරණයට ළැදියාවක් දක්වයි. නිතරම පිළිවෙළට හා ලස්සනට සිටීමට කැමති ඔබ තම ශරීර ස්වභාවය සහ රූපය පිළිබඳ උනන්දුවක් දක්වන අයෙකි. සංගීතය මෙන්ම ගෘහ නිර්මාණය වැනි දේවල්වලට ද වඩාත් ප්‍රිය කරයි. සතුන් කෙරෙහි ද ඔබ තුළ විශේෂ ආදරයක් කරුණාවක් දක්නට ලැබේ.

සැබවින්ම ඔබ මනුෂ්‍ය ගතිගුණවලින් පිරිපුන් පුද්ගලයෙක් වෙයි. අවශ්‍ය ඕනෑම විටෙක මිත්‍රත්වයෙන් උදව් කරයි. අන් අයගේ ප්‍රශ්න ගැටලු නිර්මාණශීලි ආකාරයෙන් විසඳා දීමේ හැකියාවක් ඔබට ඇත. ඔබගේ විවාහය සහ ආදරය කුමන පැත්තකට හැරුණත් එය එතරම් ගැටලුවක් කර නොගනී. සියල්ල උපේක්ෂාවෙන් ඉවසීමෙන් විඳ දරා ගනී. පිරිසක් නිවැරදිව මෙහෙය වීමේ හැකියාව ඔබට ඇත. එහෙත් වෙනත් අයගේ ජීවිතයේ ප්‍රශ්න පිළිබඳ ඔබ ඕනෑවට වඩා කරදර වීම අවශ්‍ය නොවන බව මතක තබාගන්න. ස්වභාවයෙන්ම සමාජශීලී සහ සුහදශීලී පුද්ගලයකු වන ඔබ කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙක් වනු ඇත.

භාවිතා කරන නමට අනුව ඔබගේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය සොයා ගන්නේ මෙසේය. පළමුව ඔබ භාවිත කරන නම කොළයක සටහන් කර ගන්න. ඉන්පසු මෙහි ඇති වගුවේ දැක්වෙන පරිදි ඔබේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට ගැළපෙන ඉලක්කම් ලියාගෙන ඒවා තනි අංකයක් ලැබෙන තුරු එකතු කරගන්න. අවසාන වශයෙන් ලැබෙන තනි ඉලක්කම ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකයයි.

 

නාම අංක 7 පිළිබඳ ලබන කලාපයෙන්

බලාපොරොත්තු වන්න.

ඒ. ජේ. දීපාලෝකප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, පාඨශාලාචාර්යඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය

Comments