
- 19 ට එහා ගිය ජනාධිපති බල සංශෝධනයක් අවශ්‍යයි
- 19 හා 20 සාධනීය කරුණු ඇතුළත් කිරීමට අපේක්ෂා කරනවා
2020 අග භාගයේ හඳුන්වා දුන්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරමින් පුළුල් ප්‍රජාතත්ත්‍රවාදී ජනතා අපේක්ෂාවන් මුඳුන් පත් වන පරිදි හා ගැටලු අවම වන පරිදි නව ව්‍යවස්ථා සංශෝධනයක් යළි ගෙන ඒමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇත. ඒ ජනාධිපති විධායක බලතල කප්පාදු කිරීම ඇතුළු 19 හා 20 සාධනීය අංග රැසක් එක් කරමින් 21 වැනි ව්‍යවස්ථාවක් හඳුන්වා දීමටය.
මේ වන විට ඊට කැබිනට් මණ්ඩල අනුමැතියද පසුගියදා හිමි වූ අතර අදාළ සංශෝධන සකස් කිරීමට ඇමැති මහාචාර්ය ජී. ඇල් පීරීස් ගේ සභාපතිත්වයෙන් යුුතු කමිටුවක්ද පත් කර ඇත.
මේ වන විට රට තුළ අරගල දියත් වී හමාරය. අන්තර්වාර පාලනයකට සුදානමක් ඇති අතර ජනාධිපතිවරයා විසින් මහා සංඝරත්නයට ඒ බව දන්වා යවා ඇත. මෙවන් අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති වන මේ පුළුල් පෙරළිය සිදුවිය යුත්තේ කුමනාකාරයෙන්ද යන්න පිළිබඳ විද්වත්හු විවිධ අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.
“මේ දේශපාලන පරිවර්තනය හේතු සාධක මත සිදුවූවක්. බලශක්ති, ගෑස් , කිරිපිටි මෙන්ම මිනිසුන්ගේ අත්‍යාවශ්‍ය දේවල අති විශාල මුදලකින් වැඩි වෙන්න ගත්තා. ජනතාව මේ ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එවිට ඩොලර් නැතිකම පිළිබඳ කතාව කරලියට ආවා. අනතුරුව ඩොලර් සංචිත ගැන ප්‍රශ්න මතු වුණා. ඉන්පසුව තමයි යම් යම් දේ ගැන ජනතාව ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. ආර්ථික ප්‍රශ්නයකින් මතුවී සමාජමය ප්‍රශ්නයක් වී අවසානයේ දේශපාලන ප්‍රශ්නයක් බවට මෙය පත්වුණා. දැන් මෙය ආණ්ඩුක්‍රම අර්බුදයක් දක්වා ගමන් කරලා. මේ නිසා අප යායුත්තේ කොතැනටද? මේ සඳහා කෙටි හා දිගු කාලින පියවරකට යා යුතුයි. කෙටිකාලීන විසඳුම 21 වන ව්‍යවස්ථාව විය හැකියි. නමුත් දිගු කාලින සාධනීය විසඳුමකට යාමට නම් නියෝජනය ශක්තිමත් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතුයි. ඒ හරහා අධ්‍යාපන වැනි විවිධ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ යුතුයි. මේ අරගලය හරහා සාධනීය දේශපාලන ව්‍යවස්ථාමය වෙනසකට මුල පිරිය යුතුයි. 19 වැනි ව්‍යවස්ථාවේ ඇතැම් සාධනිය කරුණු තිබුණා. 19 න් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට වැඩි බලතල පැවරුණා. නමුත් දැන් අපි කතා කළ යුත්තේ 19 හරිද නැතිනම් 20 හරිද කියා නෙමේ, නිවැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැඟීමයි කළ යුත්තේ.
මෙතෙක් කල් සිදුවුණේ පැළැස්තර විසඳුම් ලබා දීමක්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශක්තිමත් කිරීමට විගණනය නියෝජනයෙන් ආරම්භ විය යුතුයි. එනම් පාර්ලිමේන්තුවට එන නියෝජිතයා කවරුන්ද යන්න තම ඡන්දදායකයන්ට තක්සේරු කරන ක්‍රමවේදයක් තිබිය යුතුයි. 21 වැනි ව්‍යවස්ථාව තාවකාලිකව ගෙන ආවත් මේ අවස්ථාවේ ඊට එහා ගිය දෙයක් ගැන කල්පනා කළ යුතු බවයි. අද ජනතා අරගලයක් සමඟ ආණ්ඩුක්‍රම අර්බුදයකට ගමන් කරලා. ඒ නිසා ශ්‍රී ලාංකික පුරවැසියන්ට ප්‍රතිලාභ හිමිවිය යුතු ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යා යුතුයි. “ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය චාමින්ද අබේසිංහය.
විද්වතුන්ගේ මතය වී ඇත්තේ 19 න් හෝ 20 න් එහා ගිය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයකට මේ අවස්ථාවේ රට ගමන් කළ යුතු බවකි. ඒ හරහා නියෝජන ක්‍රමයද ශක්තිමක් කළ යුතු බවකි.
“19 වැනි ව්‍යවස්ථාව ගෙනාවේ ජනාධිපති සතු අධික බලතල ඉවත් කිරීමේ අරමුණින්. ඒ හරහා පාර්ලිමේන්තු පරමාධිපත්‍ය බලය ඉහළට එසවුණා. වර්තමානයේ ජනාධිපති, පාර්ලිමේන්තුව තෝරන්නේ ජනතාව. එවිට පරමාධිපත්‍ය බල දෙකක් එකවර ක්‍රියාත්මක වෙනවා. ඒත් ජනතාව තමන් විසින්ම පත් කර ගත් 226 ම අද එපා කියනවා. දැන් මේ පරමාධිපත්‍ය දෙක අතර විශාල ඝට්ටනයක් ඇති වෙලා. ජනාධිපතිවරයා සතු විශාල බලතල ව්‍යවස්ථාදායකයට ලබා ගැනීමේ අරමුණ ඇතිවයි 19 ගෙනාවේ. මේ නිසා ජනාධිපතිවරයා විසින් විගණන, රාජ්‍ය සේවා, මැතිවරණ, පොලිස්, මානව හිමිකම්, මුදල්, සීමා නීර්ණ, අල්ලස්, ජාතික ප්‍රසම්පාද වැනි කොමිසම් සභාවලට කරන බලපෑම් වැළැක්වුණා. 19 න් ස්වාධීන වූ මේ කොමිසම් 20 න් පසු යළිත් ඒ ස්වාධීනත්වය අහෝසි වුණා. අද ජනාධිපතිවරයාගේ අධික්ෂණය යටතේ පවතින මේවාට විශාල බලපැම් කිරීමේ හැකියාව 20 න් ඇතිවුණා. මේ සියලු බලතල ජනාධිපතිවරයාට ලබා දීමෙන් කැබිනට් එකක් අවශ්‍ය වන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ ධූර කාලය අඩු කිරීම වැනි සාධනීය කරුණු කිහිපයක් 20 න් ඇතුළත් වූ බවත් කිව යුතුයි.
නව ව්‍යවස්ථාව හරහා හෝ 19 එහා ගිය ජනාධිපති බල සංශෝධනයක් අවශ්‍යයි. විධායක ජනාධිපති ධූරය නාමමාත්‍රික ජනාධිපති කෙනෙක් විය යුතුයි. ද්විත්ව පරමාධිපත්‍ය නැති කොට ජනාධිපතිවරයා මැතිවරණයක් හරහා නොව පාර්ලිමේන්තුව තුළින්ම පත් කර ගත යුතුයි. එසේම නව ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු අධික්ෂණය යටතේ රාජ්‍ය (State) පමණක් භාරදිය යුතු අතර කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ රජයට තීන්දු ගැනීමේ බලතල ලබා දිය යුතුයි. “ඒ විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන්ය.
ව්‍යවස්ථා සංශෝධනයට නීතීඥයන්ගේ සහය අත්‍යාවශ්‍යය. ඒ සඳහා අප යායුත්තේ කොතැනකටද? වත්මන් 20 වැනි ව්‍යවස්ථාව පිළිබඳ ඔවුන් තුළ ඇත්තේ මෙවැනි අදහසක්ය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුමයි. අප යළිත් යා යුත්තේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බවයි මගේ අදහස. එසේම විධායක බලතල තිබිය යුතු නැහැ. තමන් විසින් පත් කරන අගමැති විවේචනය කිරීම, අඩුපාඩු පෙන්වා දීමේ හැකියාව කැබිනට් මණ්ඩලය සතුවිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා පත්විය යුත්තේ ඒ ඒ කොට්ඨාසයට වගකිව යුතු පරිදි මිස දිස්ත්‍රික්කයක් නියෝජනය වන පරිදි නෙමෙයි. දැන් පවත්නා ක්‍රමය නිසා දේශපාලනයට ආවේ නුසුදුස්සන්. කළු සල්ලි ඇත්තන්ට පමණයි දිස්ත්‍රික්කය තුළ තරග කළ හැක්කේ . ඒ නිසා මෙය අසමත් ක්‍රමයක්. ඒ් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්සය.
මේ වන විට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මෙන්ම සමගි ජන බලවේගය විසින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයට ඇතුළත් කළ යුතු කරුණු කාරණා රාශියක් ඉදිරිපත් කොට ඇත.
“අපි ඉදිරිපත් කළේ නැවතත් අගමැතිවරයාට හා කථානායකවරයාට බලය ලැබෙන වැඩ පිළිවෙළක්. මේ හරහා විධායක ජනාධිපති බලතල කැපීමක් සිදු වෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනා පත් කිරිමේදි සිවිල් සංවිධානවලින් ගැනීම, නම් කිරීමේදි කළ යුතු වෙනස්කම් මෙහි අන්තර්ගත කළා. ද්විත්ව පුරවැසි බව පිළිබඳ 19 වැනි වගන්තියේ කරුණු ඇතුළත් කරන්නට යෝජනා කළා. ස්වාධීන කොමිසම් සභා, එනම් පොලිස්, විගණන, ප්‍රසම්පාදන ඇතුළු කොමිසම් සභා නැවත බලාත්මක කිරීමට අවශ්‍ය වෙනස්කම් ඇති කිරීමට යෝජනා කළා. විනිසුරුවරුන් පත් කිරීම, නීතිපති පත් කිරීම මෙන්ම පොලිස්පති ආදි අය පත් කිරීමේදි ව්‍යවස්ථාදායක සභාව හරහා කළ යුතු වෙනවා. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරයන්ය.
“19 හා 20 වැනි ව්‍යවස්ථාවේ සාධනිය කරුණු හරහා තමයි 21 ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධව විවිධ යෝජනා ලැබි තියෙනවා. ඒ සියල්ල අපි තේරීම් කාරක සභාවකට යොමු කළා. ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කිරිමක් සිදු කරනවා. සියල්ල අවසානයේ ඉතා හොඳ ව්‍යවස්ථාවක් ගෙන ඒමයි අපේ අරමුණ.
“ඒ ජල සම්පාදන ඇමැති මොහාන් ප්‍රියදර්ශනද සිල්වා ය.
“21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලික පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට නීති කෙටුම්පතක් සම්පාදක වෙත අවශ්‍ය මඟ පෙන්වීම සඳහා ඇමැති මණ්ඩල අනු කමිටුවක් පසුගියදා කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමි වුණා. සකස් කරුණු ලබන මූලික කෙටුම්පත සහ දැනටමත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා සාකච්ඡා කර පොදු එකඟතාවයක් සහිත කෙටුම්පතක් සකස් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරෙනවා. පෞද්ගලික මන්ත්‍රි යෝජනා දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන්. ඒ කරුණු සැලකිල්ලට ගෙන රජය මඟින් ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත සමඟ සමපාත වන ලෙස මෙරට ජනතාවගේ සහ විවිධ අංශයන්ගේ ඉල්ලීම් ඇහුම්කන් දෙමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ පාර්ලිමේන්තුවට බලය පැවැරෙන සහ බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය නොවන ආකාරයේ සමතුලනයක් ඇති වන ලෙස පනත් සකස් කෙරෙනවා“ ඒ අධ්‍යාපන හා වැවැලි කර්මාන්ත ඇමැති, සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණය.