හෙට්ටිමුල්ල ආදි සිසු ක්‍රිකට් ජය 2010 කණ්ඩායමට | Page 11 | සිළුමිණ

හෙට්ටිමුල්ල ආදි සිසු ක්‍රිකට් ජය 2010 කණ්ඩායමට

හෙට්ටිමුල්ල ජාතික පාස‍ලේ ආදි සිසුන්ගේ සහාගිත්වයෙන් පැවැති සුහද ක්‍රිකට් තරගයෙන් 2010 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ආදි සිසුන් නියෝජනය කළ කණ්ඩායම ජයගනු ලැබිණි. තරගාවලිය පසුගිය 27 වැනි දා හෙට්ටිමුල්ල නව ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

කණ්ඩායම් විසි අටක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අනු ශූරතාව 2009 සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටි ආදි සිසු කණ්ඩායමද තෙවැනි තැන 2000 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙ කණ්ඩායමටද හිමි විය.

තරගයේ වීරයා සමෘද්ධික කල්දේරා විසින් ද තරගාවලියේ හොඳම පිතිකරු, හොඳම පන්දුයවන්නා හා තරගාවලියේ වීරයා වශයෙන් පිළිවෙලින් ජනක මහේෂ්, නිලංග බණ්ඩාර හා තිලිණ විජේසිංහ සම්මාන දිනාගනු ලැබීය.

Comments