සත් සාමාජික රග්බි නායකත්වය ශ්‍රීනාත්ට | සිළුමිණ

සත් සාමාජික රග්බි නායකත්වය ශ්‍රීනාත්ට

 

මහනුවරින් මහා බල කණු හයක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් සමන්විත රග්බි කණ්ඩායමේ අනුමැතිය ලබා ගැනීම උදෙසා ක්‍රීඩා ඇමැතිවරයා වෙත මේ වන විට යොමු කර ඇත. අතිරේක ක්‍රීඩකයන් 8 දෙනෙකුද නම් කර ඇති අතර මෙවර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ මහනුවර ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරු ශ්‍රීනාත් සූරියබණ්ඩාරටයි .

මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කණ්ඩායමට සාමාජිකයන් 6 දෙනෙකු එක්ව සිටින අතර ශ්‍රීනාත්ට අමතරව තරින්ද රත්වත්තේ, නයිජල් රත්වත්තේ, ධනුෂ් දායාන්, කවිඳු පෙරේරා, බුද්ධිම පියරත්න කණ්ඩායමට ඇතුලක්ව සිටින අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මිතුන් හපුගොඩ හා රීසා රෆයිඩීන් එක්ව සිටිති. අදීෂ වීරතුංග හා චතුර සෙනෙවිරත්න දෙදෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර අංජුල හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සුදර්ශණ දික්කුඹුර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කණ්ඩායමට ඇතුළත්ව ඇත.

අතිරේක ක්‍රීඩකයන් 8 දෙනාට මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දිලුක්ෂ දංගේ හා හේෂාන් ජැන්සන් ඇතුළත්ව ඇති අතර රමේෂ් ප්‍රනාන්දු හා ලසිඳු ඉෂාන් හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්ද, සුදම් සූරියආරච්චි හා අවිශ්ක ලී සී. එච්. අැන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්ද, ඔවිල් හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින්ද, ඉරෝෂන් සිල්වා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින්ද අතිරේක අටදෙනාට එක්ව සිටිති.

ඉකුත් දෙසැම්බර් මස ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් නම් කර තිබූ ක්‍රීඩකයන් 56 දෙනෙකුගෙන් සමන් විත මූලික සංචිතය මෙම තේරීම් තරගාවලිය සඳහා යොදාගෙන ඇති අතර එහිදී ඔවුන් කණ්ඩායම් 4ක් යටතේ තරග වැදිනි.

ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් හා ෆාසිල් මරීජාගේ පුහුණුකාරීත්වය යටතේ මහනුවර ක්‍රීඩා සමාජය තනිව තරගාවලිය එක්ව පිටියට පිවිසුනු අතර මිතුන් හපුගොඩගේ නායකත්වයෙන් හා සනත් මාටිස්ගේ පුහුණුකාරීත්වයෙන් හැව්ලොක් හා පොලිස් කණ්ඩායම තරගාවලියට එක්විය. අදීෂ වීරතුංගගේ නායකත්වයෙන් හා ෂම්ලි නවාස්ගේ පුහුණුකාරීත්වයෙන් ත්‍රිවිධ හමුදා කණ්ඩායම පිටියට පිවිසුණු අතර සුදම් සූරියආරච්චිගේ නායකත්වයෙන් හා නිල්ෆර් ඉබ්‍රාහිම්ගේ ගුරුහරුකම් මැද සී.එච්. ඇන්ඩ් එෆ්.සී. හා සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායම පිටියට පිවිස සිටියේය.

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියේදී ක්‍රීඩා රග්බි තේරීම් සිදුවුයේ කමිටු ප්‍රධානී අමල් එදිරිසූරියගේ ප්‍රධානත්වයෙන්ය. පසුගිය අප්‍රේල් 1 වැනි දා සිට තාවකාලිකව ශ්‍රී ලංකා රග්බී සම්මේලනය තහනම් කිරීම හමුවේ රග්බී සම්මේලනයේ පරිපාලනය මේ වන විට සිදු කරමින් සිටින්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය යටතේය.

56 දෙනාගේ සංචිතයට ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ යෝෂිත රාජපක්ෂ ආරක්ෂක හේතුන් මත අවසන් සංචිතය තෝරා ගනු ලැබුණු තරගාවලියට සහභාගී වී නොමැත. යෝෂිත රාජපක්ෂ තරගාවලියට එක්වේද සැක සහිත නිසා යම් කිසි විදිහකින් විරෝධතාකරුවන් කොයි මොහොතේ හෝ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. පිටියට කඩාවැදීමේ අවධානම හේතු කොට ගෙන දැඩි පොලීස් ආරක්ෂාවක් ක්‍රීඩා පිටියට යොදවා තිබීම සුවිශේෂ සිද්ධියක් විය.

අවසන් සංචිතය ජූනි මස මුල් භාගයේ සිට පොදු රාජ්‍ය මණඩලීය සහ ආසියා ක්‍රීඩා උළෙල නිමා වන තුරු නේවාසික පුහුණු කඳවුරකට ඇතුළත් කිරීමට තිරණය වී ඇත. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 28 වැනි දා සිට අගෝස්තු 8 වැනි දා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන අතර ආසියා ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 10 වැනි දා සිට 25 වැනිදා දක්වා චීනයේ හැංෂූ නුවරදී පැවත්විමට නියමිතය.

 

 

--------------------

මේ ෆොටෝ එක දැක්කම අතීතය මතක් වුණා

වලල අපි හරිම දුප්පත්. ඉස්සර රිලේ එක දුවන 04 දෙනාටම තිබුණේ ස්පයික්ස් (දුවන සපත්තු) කුට්ටම් 02 විතරයි. පළවෙනි කෙනා දුවලා ඇවිත් ඉක්මනට ගලවලා සපත්තු දෙක තුන්වෙනියට දුවන කෙනාට දෙනවා. දෙවනියට දුවන කෙනා ඇවිත් හතරවෙනියට දුවන කෙනාට ඉක්මනට සපත්තු දෙක ගලවලා දෙනවා. තත්පර 40කට 50කට වඩා අඩුවෙන් මේ සපත්තු දෙක මාරු කර ගන්න වැඩේ කරන්න ඕනි.ඒ මතකයට අදත් ආදරෙයි.

ඩිල්ෂි වගේම අපි හැමෝම එදත් මේ වගේ අපේ ස්පයික්ස් වලට ආදරේ කළා. ගෞරව කළා. ග්‍රවුන්ඩ් එකේ ඇතුළට එන්න කලින් හැමදාම ගවුන්ඩ් එකට ආචාර කරලා තමයි වලල හැම කෙල්ලෙක් කොල්ලෙක්ම ඇතුළු වුණේ.ඒ තමයි වලල ක්‍රීඩාවේ චමත්කාරය..

(මුහුණු පොතෙන්)

Comments