කැනඩා අගමැතිටත් බහුතරය නෑ | Page 3 | සිළුමිණ

කැනඩා අගමැතිටත් බහුතරය නෑ

 

 

ලොව කඩවසම්ම අගමැතිවරයා ලෙස විරුදාවලි දිනා සිටියද තුන්වැනි වරටත් කැනඩාවේ අගමැති ලෙස තේරී පත්වුණු ජස්ටින් ටෘඩෝටද තවමත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට අවස්ථාවක් හිමිවී නැත. පසුගියදා පැවති මැතිවරණය පැවැත්වීමට හේතුව වූයේද පාර්ලිමේන්තුවේ කිසිඳු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් සුළුතර ආණ්ඩුවක් ක්‍රියාත්මක වීමයි. එබැවින් මෙවර මැතිවරණයක් කරා යෑමට අගමැති ටෘඩෝ තීරණය කළද යළිත් ඔහුට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

 

කැනඩා පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 338ක් වන අතර අගමැති ජස්ටින් ටෲඩෝ නියෝජනය කරන කැනඩා ලිබරල් පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 159ක් පමණි. කැනඩා කොන්සර්වර්ටිව් පක්ෂය දෙවැනියට වැඩිම ආසන දිනා ගැනීමට සමත් වූ අතර එය ආසන 119කි. මැතිවරණයට ඉදිරිපත් වූ සෙසු සුළු පක්ෂ විසින් තවත් ආසන විවිධ සංඛ්‍යාවන් දිනා සිටින අතර මේ දක්වා එකී සුළු පක්ෂ සමඟ සන්ධාන ගත වෙමින් ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති ටෘඩෝ උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

ජස්ටින් ටෘඩෝ පිට පිට තුන් වතාවක් මහමැතිවරණවලින් වැඩිම ආසන දිනා ගනිමින් අගමැති ධූරයට පත් වුවද ඔහුට දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාව අහිමි වී තිබේ. 2019 වසරේදී පැවැත්වූ මැතිවරණයෙන් ඔහුගේ ලිබරල් පක්ෂයට හිමි වූයේ ආසන 157කි. කැනඩා පර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාව පවත්වා ගැනීමට අගමැතිවරයකුට ආසන 170ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තිබිය යුතුය. එහෙත් ටෘඩෝ එවරද රට පාලනය කළේ සන්ධාන ගත වෙමිනි. එහෙත් පසුව සන්ධානය අහෝසි වීමෙන් යළිත් මැතිවරණයක් කරා යෑමට අගමැතිවරයාට හිමි විය. මෙවරද මැතිවරණ ප්‍රතිඵලයට අනුව සන්ධාන ගත වීම හැර වෙනත් විකල්පයක් කැනඩා අගමැතිවරයාට හිමි වී නොමැත.

Comments