මුහුණු හඳුනා ගැනීමේ ආරක්ෂක ක්‍රමවේද | Page 3 | සිළුමිණ

මුහුණු හඳුනා ගැනීමේ ආරක්ෂක ක්‍රමවේද

ඔලිම්පික් උලෙළක් පැවැත්වීමේදී ආරක්ෂාව ගැනද විශේෂයෙන් සිතිය යුතු වේ. එහිදී ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාව සම්බන්ධවද සැලකිය යුතුය. වෙනත් ඔලිම්පික් තරග පැවැත්වෙන අවස්ථාවන්හිදී ආරක්ෂක කටයුතු සඳහා දහස් ගණනින් ආරක්ෂක භටයන් යොදවනු ලැබූවද මෙවර ජපානය ඒ සඳහා අවම ආරක්ෂක භටයන් සංඛාවක් යොදවමින් ඒ වෙනුවට වැඩි වශයෙන් තාක්ෂණය භාවිත කර තිබෙනු දැකගත හැකි විය. විශේෂයෙන්ම ක්‍රීඩාංගණ තුළට ඇතුළුවීමේදී ක්‍රීඩකයන්ගේ සහ ඇතුළුවීමට අවසර ලබා සිටින පුද්ගලයන්ගේ මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිත කිරීමට ජපාන බලධාරින් කටයුතු යොදා තිබූ අතර එලෙස අදාළ යන්ත්‍ර මගින් හඳුනා ගන්නා පුද්ගලයන්ට පමණක් අදාළ ස්ථානවලට ඇතුළු වීමට පහසුකම් සැලසීමෙන් ආරක්ෂාව උපරිමෙන් තහවුරු කර තිබෙණු දැක ගැනීමටද හැකියාව ලැබිණි.

Comments