
1 රට වැහුවොත් අපේ ආර්ථිකය කඩා වැටෙනවා. තත්ත්වය පාලනය කරගතහොත් තවම රට වහන්න තරම් අවශ්‍යතාවක් නැහැ. රට වහන්න තරම් උග්‍ර තත්ත්වයක් ඇතිවෙයි කියලා මා හිතන්නේ නැහැ. වර්ධනයක් තියෙනවා සහ කොවිඩ් 19 පැතිර යාමක් තියෙනවා; එය පාලනය කරගත යුතුයි. හුදෙකලා කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් තෝරාගත් වැඩියෙන් පැතිරෙන පළාත් පමණක් හුදෙකලා කරන්න. කොච්චර ලෙඩ්ඩු ඉන්නවාද ශිඝ්‍රෙයන් පැතිර යනවාද කියන කාරණාවත්; ඒ පළාතෙන් අනික් පළාත්වලට යෑම් ඊම්වලින් යම් පැතිරයාමක් සිදුවෙයි ද කියලත් සලකලා බලලයි එසේ හුදෙකලා කිරීම් කළ යුතුව ඇත්තේ. රටම වහන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. ආර්ථිකමය අංශයෙන් සලකා බලා එසේ කිරීමට හැකියාවක් ඇතැයි කියලත් මම හිතන්නේ නැහැ. මේ රෝගය පාලනය කරන්න පුළුවන් සාර්ථකව ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සෞඛ්‍ය අධ්‍යාපනයක් සියලු මාධ්‍ය පාවිච්චි කරලා ප්‍රචාරණයක් ලබා දිය යුතුයි. සතියකින් දෙකකින් වුවත් හැකියාව තියෙනවා මෙය පාලනය කරන්න. ජනතාවට මෙහි ඇති බැරෑරුම්කම වටහා දිය යුතුයි. තමන්ගේ ජිවිත බේරා ගන්න අවශ්‍යයි; එමෙන්ම මෙය ශිඝ්‍රයෙන් බෝවන බවත් ජනතාව දැනුම්වත් විය යුතුයි. මුහුණු ආවරණය පැලඳීම, දුරස්ථ භාවය, දෑත් සේදීම ආදිය හැඩ ගස්වා ගැනීමට නිසි සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එය කළහොත් මේ රෝගය පාලනය කළ හැකියි.
2 මා මුලින් කිවා වගේ සංචරණ සීමා යෝග්‍යයයි කියලා තීන්දු කළයුතු වන්නේ ද අවශ්‍යතාව අනුවයි. ගමන් කිරීමේදි නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදිනවා නම් එක් දිස්ත්‍රික්කයෙන් අනෙක් දිස්ත්‍රික්කයට පැතිරීම අඩු වෙයි. සෞඛ්‍ය අංශවලට පාලනය කරන්න බැරි ආකාරයට දිස්ත්‍රික්කවල පැතිරෙනවා නම් එවැනි දිස්ත්‍රික්කයකින් පිටව යෑම තහනම් කිරීමට සිද්ධ වෙයි. දැනට ඇති තත්ත්වය අනුව එසේ කළ යුතුයි කියලා මා හිතන්නේ නැහැ. එය කළ යුතු වන්නේ පැතිරෙන වේගය පිළිබඳව සලකා බලලයි.
3 වැඩි අනතුරුදායක තත්ත්වයක් ඇත්තේ ආබාධ ඇති අය, වයසක අය සහ වෙනත් ආබාධ ඇති අයටයි. එවැනි අයව එන්නත් කළ යුතුයි. දියුණු රටවලත් තවම එන්නත්කරණය කිරීම සම්පුර්ණයෙන් කිරීමට නොහැකි වෙලා තියෙනවා. එන්නත්කරණය කිරීමෙන් පාලනය කරන්න නම් අපිට අඩුම වශයෙන් සියයට අසුවක්වත් එන්නත්කරණය කරන්න වෙයි. ඒ මට්ටමට යන්න මම හිතන විදිහට කාලයක් ගත වෙයි. වයිරස විශේෂඥයකු ලෙස මට කියන්න තියෙන්නේ කොතරම් කාලයක් එන්නතක ආරක්ෂාව ශරීරයක පවතීද කියලා අපි දන්නේ නැහැ. තීරණවලට එළඹෙන්නට පෙර මේ තත්ත්වය නිසා එන්නත් ගැන වුවත් අලුත් කරුණු අපිට එකතු කරන්න වෙනවා. එන්නතක ආරක්ෂාව අවුරුද්දක් පමණ වෙන්න පුළුවන්. මෙය අවුරුද්දෙන් අවුරුද්ද එන්නත් කරන්න වෙනවා. තීන්දු තීරණවලට බහින්න කාලය මදි. ඒ කියන්නේ වයිරසය ඇතිවෙන්නේ කොහොමද; එන්නත්කරණය මඟින් කොතරම් කාලයක් ආරක්ෂාව පවතිනවා ද කියලා අපි තවම තෝරා බේරාගෙන නැහැ. ස්ථිර තීරණ වලට බැසගන්න පුළුවන් වෙන්නේ නිසි අධ්‍යයනයකින් පසුවයි. එතෙක් අපි විවෘත මනසකින් නිරන්තර ප්‍රවේශම් වෙමින් දත්ත එකතු කළ යුතුයි;මේ වයිරසය පිළිබඳව. එන්නත ලබා දීම කළාට පසුව දෙවැනි එන්නත දෙන්න හොඳ කොතරම් කාලයක් ගියාට පසුව ද; එන්නත්කරණයෙන් පසු ආරක්ෂාව කොතරම් කල්පවතිනවාද වගේ දේවල් අපි හැදෑරිය යුතුයි.
4 කෙසේ පැතිරුණාද කියනවාට වඩා පැතිරීම වැළැක්වීමයි අපි කළයුතු හොඳම දේ. මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් ආවද කියල හරි සැලකිය යුතු වෙනසක් වුණාද කියල හරි අපි දන්නේ නැහැ. ඒ ගැන අපිට කියන්න බැහැ. නමුත් කෙසේ හෝ පැතිරෙමින් පවතිනවා. ඒ සඳහා අපි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් අපි පරිස්සම් විය යුතුයි.
5 අනිවාර්යෙන් සියලු දේශපාලන බලවේග එකතු විය යුතුයි. සෞඛ්‍ය කමිටුවේදී මා කිව්වා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙ කොමිටියක් පිහිටුවන්න කියලා මේ වෙනුවෙන්. ඒ කොමිටිය දැනුම්වත් කරන්න කියලත් මා කිව්වා. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සහය දෙන්න අවශ්‍යයි. එය ක්‍රියාත්මක කිරීමට හැකිනම් හොඳයි. පොදු ප්‍රශ්නයක් ලෙස සලකා සියලුදෙනා සහය දෙන්න ඕන කියලා මා කියලා තියෙනවා.
1රට හුදෙකලා කරනවාද සංචරණ සීමා පනවනවාද කියන තීන්දු ගන්න ඕන දේශපාලඥයන් නොවෙයි. ඒ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන වෛද්‍යවරුන් විසිනුයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද පෙර අප්‍රේල් 8 වැනිදා මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ලංකාවෙ පැතිරෙන බවට හඳුනා ගත්තා. ශ්‍රි ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ඒ බව දැනුම් දුන්නා. ඒ වෙලාවේ රජයක් විදිහට යම් යම් පියවර ගත යුතුව තිබුණත් ආණ්ඩුව පියවර ගත්තේ නැහැ. ජනතාව අලුත් අවුරුදු සමරන්න ගිහින් මේ දේ වුණා නොවෙයි. ඊට කලින් මේ ප්‍රභේදය පැතිරෙමින් තිබුණා. ඒ නිසා සංචරණ සීමා පනවන්න ඕන කියලා වෛද්‍යවරුන් කිව්වත්, ඒ පිළිබඳ ක්‍රියාත්මක වුණේ නැහැ. අඩු තරමින් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් වීමක්වත් වුණේ නැහැ, විෂයභාර ඇමැතිවරියටම කියන්න වුණා. සෞඛ්‍ය අංශවලින් කරපු යෝජනාව බාර ගත්තේ නැහැ. පරාජය වුණා නම් යෝජනාව ඒ කවුද පරාජයට පත් කළේ. මේ කාරණා පිළිබඳව තීන්දු ගත යුතු වන්නේ වෛද්‍යවරුන් මිසක ඇමැතිවරුන් නොවෙයි. ඒ නිසා මේ පිළිබඳව ඒ අයගේ නිර්දේශ සැලකිල්ලට ගෙනයි ගතයුතු ක්‍රියාමාර්ග ගතයුතු වන්නේ.
2 දිස්ත්‍රික් අතර සංචරණය සීමා කළ යුතු ද යන තීන්දු ගත යුතු වන්නේ ද දේශපාලන අධිකාරිය නොවෙයි, වෛද්‍ය උපදෙස් අනුවයි. දේශපාලඥයන්ට කියන්න බැහැ, කුමන දිස්ත්‍රික්කයේද සංචරණ සීමා පැනවිය යුත්තේ, දිස්ත්‍රික් අතර යන්න පුළුවන්ද එපාද යන දේ ගැන. ඒ වගේම හමුදාවට කියන්නත් බැහැ, වසංගත රෝග පිළිබඳව වෙනම ඒකක තියෙනවා, ඒවගේම ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය කියන දේ සැලකිල්ලට ගෙනයි මේ දේ කරන්න අවශ්‍ය වන්නේ. එසේ නැතිව වෙනත් අය තීන්දු කිරීම විද්‍යාත්මක නැහැ.
3එන්නත තමයි පාලනය කිරීමට ඇති එකම ක්‍රමවේදය කියලා රජයත් කියන්නේ. නමුත් එන්නත් කිරීමේ දී අනුගමනය කරන ක්‍රමවේදය සාර්ථක නැහැ. තවම දීලා තියෙන්නේ ලක්ෂ නවය හමාරයකට පමණයි. පළමු මාත්‍රාව දුන්න අයට දෙවන මාත්‍රාවත් දීමට වැඩපිළිවෙලක් නැහැ; එයත් අසාර්ථකයි. එන්නත නම් මේකට තියෙන පිළියම කලින් ඇණවුම් කරලා, මුදල් ඒ වෙනුවෙන් යොදවා, ඒ වෙනුවෙන් මැදිහත් විය යුතුයි. ඒ වගේම පීසීආර් පරීක්ෂණ කළ යුතුයි. පරික්ෂණ කළහොත් පමණයි ව්‍යාප්තිය වර්ධනය පිළිබඳව දැනුම්වත්වීම් වෙන්නේ. රෝහල්වල අඩුපාඩු බොහොමයක් තියෙනවා. ඇතැම් රෝහල්වල මුව ආවරණ ලබා ගැනීමට ලිපි ලියා ඉල්ලීම් කරන්න අවශ්‍ය මට්ටමක් තියෙන්නේ. දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය ඇඳන් නැහැ. ගිය සතියේ වෙනතුරු කොරෝනා රෝගීන්ට ඇඳන් තිස්අටයි වෙන් කරලා තිබුණේ. එය එකසිය හතළිහ දක්වා වැඩි කළේ දිනදෙකකට තුනකට පෙරයි. තවත් රෝහල්වලට පහසුකම් අත්‍යවශ්‍යයයි. මේ රෝගය ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා කියලා වෛද්‍යවරුන් කියන්නේ. රෝහල්වල ඉඩ නැති නිසා බොහෝ අය ගෙදර නිරෝධායනය වෙනවා. ඒ රෝගීන් රැගෙන යන්න තැනක් නැහැ; රෝහල් පිරිලා ඉඩ නැහැ. රෝගය දරුණු තත්ත්වයකට ආවොත් කොහොමද මුහුණ දෙන්නේ කියලා ගැටලුවක් තියෙනවා. එහෙම අර්බුදයක් මතු නොවුණත් ඔක්සිජන් සහ රෝහල් ධාරිතාව මදි වෙන්න පුළුවන් ඉදිරියට. ඒ සඳහා දැනටමත් ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා සැලසුම් සහගත වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. එන්නත් ගැන කිව්වෙත් විශාල ප්‍රමාණයක් ලංකාවට එනවා කියලා. ඒත් තාම මුකුත් නැහැ වැඩපිළිවෙළාක්. කලින් වගේ ප්‍රමාද නොකර දැන්වත් මේ ඔක්සිජන් සඳහා අදාළ ආයතන දැනුම්වත් කර ඒ සඳහා සූදානම් විය යුතුයි.
4 පැතිරීම වැළැක්වීමට ක්‍රියාමාර්ග රැසක් තියනවා. එකක් පමණක් නොවෙයි. සෞඛ්‍ය පුරුදුත් ප්‍රධාන වෙනවා. ලෝකය පුරා මේ රෝගය පැතිරීම වැළකීමට ක්‍රියාමාර්ග රැසක් අරගෙන තියෙනවා. ඒ ක්‍රියා මාර්ග නිසි අනුපිළිවෙළකින් ගැනීමෙන් වැළැක්වීම කළ හැකි වෙන්නේ. ලෝකයේ මේ වගේ රෝග පාලනය කරපු රටවල් තියෙනවා. ඒ රටවලින් පූර්වාදර්ශ අරගෙන මේ අවස්ථාවේ කටයුතු කළ යුතුයි. එකම පිළිතුර රට හුදෙකලා කිරීම කියලා අපි කියන්නේ නැහැ. නමුත් විවිධ ක්‍රියාමාර්ග තියනවා පිළිවෙළින් ගත යුතු. දේශපාලන බල අධිකාරියේ වුවමනාවට අති විශාල පැතිරීමක් ඇති පිළියන්දල නගරය ඇරියා වගේ කටයුතු නොකළ යුතුයි. සමහර තැන් විවෘත වුවහොත් බරපතළ අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දීමට වෙනවා.
5සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බව අපි පළමු රැල්ලේදිම කිව්වා. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් හදන්න කියලා අපි කිව්වා. ඒවා කරන්නේ නැහැ. දේශපාලන වාසි ලබා ගැනීමටයි උත්සාහ කළේ. දෙවැනි රැල්ලේ දි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා. විසි වැනි ව්‍යවස්ථාව ඒ අවස්ථාවේ සම්මත කර ගත්තා පාර්ලිමේන්තුව හදිසියේ කැඳවලා. දැන් පෝට්සිටිය සම්මත කරගන්න උත්සාහ කරනවා. මෙවැනි ව්‍යසනයක් පැතිරෙමින් කොවිඩ් තුන්වැනි රැල්ල පිළිබඳ ව ජනතාව භිතියෙන් සිටින අවස්ථාවක් මේක. හඬක් නඟන්න පාරට එන්න බැරි අවස්ථාවක් මේක. ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතා විරෝධ කොරෝනා පාවිච්චි කරලා මැඬ පැවැත්වීමටයි. සියලුම දේශපාලන බලවේග සංවිධාන අනිවාර්යෙන්ම මේ අවස්ථාවේදි එකතු විය යුතුයි. ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැහැ. රජය ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ නැහැ. එසේ එකමුතුවක් වෙනවා නම් ඒ පිළිබඳ හොඳ ක්‍රමවේද තියෙනවා. ආපදා කළමනාකරණ පනතක් තියෙනවා. 2005 මාර්තු මාසයේ සම්මත වූ පනත අනුවත් සියලු දේශපාලන ක්‍රියාන්විත සැදිය යුතුයි. එහෙත් සියලු දේශපාලන බල කදවුරුවල එකතු විය යුතුයි යන අවශ්‍යතාව එලෙසම අදටත් පවතිනවා.
1රට වැසිය යුතුද කියන දේ සෞඛ්‍ය අංශ ගන්න ඕනෑ තීන්දුවක්. අපි දිගින් දිගටම දැක්කා සෞඛ්‍ය පරීක්ෂකවරු, දොස්තරවරු මේ රට ඇරීම, වැහීම ගැන අදහස් පළ කරනවා. නව ප්‍රභේද පැතිරීම් ගැන දැනුම්වත් කිරිම් කරනවා. ඒ විෂය දැනුම් ඇති අය මට මතකයි විෂය භාර ඇමැතිවරියට කිව්වා රට වහන්න කියලා. මේක දේශපාලන තීන්දුවක්. එන්නත ලබා දීම හෝ රට වැසීම යන දෙකෙන් එකක් අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. නමුත් ආණ්ඩුවට මේ දෙකෙන් එකක්වත් කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා ලෝකයේ භයානකම රටක් බවට අද ලංකාව පත් වෙලා තියෙනවා. එංගලන්තය වගේ රටවල අපිට වැඩිය බොහොම දරුණුවට මේ වයිරසය පැතිරුණා. එංගලන්තය වහලා තිබ්බා. යන්තම් දැන් එංගලන්තේ හොඳ තත්ත්වෙකට පත් වෙලා තියෙනවා. නමුත් මේ ආණ්ඩුව අසාර්ථකයි. ආණ්ඩුව පළවෙනි රැල්ල පාලනය කරනකොට කිව්වා, ඒ අයගේ ජයග්‍රහණයක් කියලා. ලෝකයේ පළවෙනි 10 වැනි යන් අතර ඉන්න රටක් කියලා. අද මේ covid වසංගතයේ පැතිරීම ගැන වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ. සෞඛ්‍ය අංශවල උපදෙස් නොතකා දේශපාලන සහ හමුදා තීන්දු අරන් තමයි අද රට මේ තත්වෙට පත් වෙලා තියෙන්නේ. වගකීම ගන්න ඕන ආණ්ඩුවයි. අපිට චෝදනා එල්ල කළා පාස්කු ඉරිදා සිද්ධියෙන් දෙසිය ගානක් මැරෙනකොට.අද 700 ගානක් මැරිලා. තව මොනවා වෙයිද කියලා කියන්න බෑ. අපි ප්‍රාර්ථනා කරමු ජනතාවට මුකුත්ම වෙන්න එපා කියලා නමුත් ආණ්ඩුව මේකත් එක්ක සෙල්ලම් කරපු නිසා මෙය වුණේ. මේ ව්‍යසන දේශපාලනීකරණය කරපු නිසා තමයි මේ තත්වෙට පත් වුණේ. ආණ්ඩුව එන්නත් ගේන්නේ නැතිව මිත්‍යාව පස්සේ දුවනවා. ආණ්ඩුව හිතුවා මිත්‍යා කණ්ඩායම් පස්සේ ගිහින් බලයට ආවා වගේ කිරිමුට්ටි පැණි පස්සේ ගියාම මෙය හරි යයි කියලා. මාධ්‍යයයි, ආණ්ඩුවයි මේවා පිටිපස්සේ දුවන එක නොවෙයි කළ යුතු වන්නේ; විද්‍යානුකූල ක්‍රමවේද වලට යෑමයි. විශේෂයෙන් එන්තත්කරණය කිරිම ඉක්මන් කළ යුතුයි.
2 පළමුවැනි රැල්ල අවස්ථාවේදි රට වැසුව නිසා ඒ රැල්ල පාලනය කරගන්න පුළුවන් වුණා. අපි වගේ දූපත් රාජ්‍යයක පුළුවන් වුණා පාලනය කරගන්න. විපක්ෂනායකවරයා එදා කිව්වා වසංගතය පාලනය කරගන්න පාර්ලිමේන්තුවේ අවශ්‍ය පියවර ගන්න කියලා . ඒ වෙලාවේ ආණ්ඩුවේ ඇමැතිවරු බොළඳ පිළිතුරු දුන්නා. අපි කිව්වා විපක්ෂය විදිහට එන්නත් ඇණවුම් කරන්න කියලා. ආණ්ඩුව එය ගණන් ගත්තේ නැහැ නොමිලේ ඉන්දියාවෙන් හම්බ වුණ ටිකයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකන් හම්බ වුණ ටිකයි විතරයි, ලංකාවට ඇවිත් තියෙන්නේ. දැන් තමයි එන්නත් ගේන්න ලෝක බැංකුවෙන් ණය ගන්නේ කොහොමද කියලා හිතන්නේ. සීනිවලට ගජමිතුරන්ට සහන දෙද්දි ඒ බදු මුදලින්ම එන්නත් ගෙන්නන්න තිබුණා. රජයට උදවු කරපු රජයට සහය දෙන ගජමිතුරන්ට සහන දෙන්න විතරයි, ආණ්ඩුව කල්පනා කරන්නේ. මිනිසුන් ගැන හිතන්නෙ නැහැ. එන්නත ගෙන්වන්න ඕන නැති නම් රට වහන්න ඕන. ඒ දෙකින් එකක්වත් ආණ්ඩුව කරන්නේ නැහැ. හමුදාපතිවරයා කියනවා මේ වසරේ අවසානය වනවිට සියයට හැටකට ජනගහනයෙන් එන්නත දෙනවාලු එතකොට අශ්වයා ස්ථාලයෙන් පැනලා ඉවරයි .
3 එහෙම වුණොත් දිස්ත්‍රික්ක සියල්ල වහන්න වෙනවා, එයට හේතුව මේ වන විට සියලු දිස්ත්‍රික්කවල පැතිරිලා තියනවා. එසේ නම් රට ම ලොක් ඩවුන් කරන්න වෙනවා. රට වහන්න බැරි නම් සංචරණ සිමා හෝ පැනවිය යුතුයි. ආර්ථිකය වට්ට ගත්තා බදු සහන දිලා ගජ මිතුරන්ට. දැන් එ් ගජ මිතුරන්ට දුන් බදු සහන වල වන්දියත් අද ගෙවන්න වෙන්නේ අහිංසක ජනතාවටයි. රට වහන්න විදිහක් නැහැ ආර්ථිකය කඩාවැටෙයි කියලා අඩු තරමින් ශිඝ්‍රයෙන් පැතිරෙන ගම් ටිකවත් වැසිය යුතුයි කියලා අපිට හිතෙන්නේ.
4 ආණ්ඩුවට පුළුවන් කමක් තිබුණේ නැහැ, එන්නත් ටික ඇණවුම් කරන්න. මහාචාර්ය ජයසුමන කිව්වා එන්නත් එනවා කියලා. ආණ්ඩුවේ පිළිවෙළක් නැතිකම පේනවා ඉතා පැහැදිලිව. පළවෙනි එන්නත්කරණය කළ අයට දෙවැනි එක දෙන්න විදිහක් නැහැ. ආණ්ඩුවේ අය කියනවා දෙවන එන්නතට වෙන එන්නතක් දෙන්න පුළුවන් කියලා. නමුත් විෂය දන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා, එහෙම දෙන්න බැහැ කියලා. ආණ්ඩුව යන්නේ අවිධිමත් ගමනක්, එන්නත් ගෙන්නපු නැති එක ගැන ආණ්ඩුව වග කියන්න ඕන. නැවත වරක් ආණ්ඩුව මිත්‍යාව පැත්තට යනවා. රජයට වැඩපිළිවෙළක් නැති නිසායි රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ තත්තවයට මුහුණ දුන්න රටවල් අද වයිරසය පාලනය කරගෙන තියෙනවා. ආණ්ඩුව කල්පනා කරන්නෙ කොහෙන් හරි එන්නත් ගෙනත් දෙන්න. අපි කියන්නෙ දේශපාලඥයන්ට බැහැ වෛද්‍ය විද්‍යානුකූල තීන්දු ගන්න. ඒවගේම හමුදාව යුද්ධ කළාට වෛද්‍ය විද්‍යාව දන්නේ නැහැනේ. ඒ නිසා මේ අවස්ථාවේ වැඩකරන්න ඕන විශේෂඥ වෛද්‍ය උපදෙස් මතයි. මේ ප්‍රභේදය පිළිබඳව අදාළ අංශවලින් අහලා සොයා බලා කටයුතු කරන්න කියලා මම ආණ්ඩුවට කියනවා. රට නොවසා පැතිරීම වැළැක්විය හැකිවන්නේ එන්නත්කරණය මඟින් නම් එසේ කළ යුතුයි. මේ දරුණු අවස්ථාවේ නැතිනම් රට වැසිය යුතුයි. ආණ්ඩුවේ තීරණය විපක්ෂයට ගන්න බැහැ. හුඟක් අය හිතන්නේ යුද්ධය දිනුවා වගේ වසංගත පාලනය කරන්න පුළුවන් කියලා. යුද්ධ කරන්නෙ එක විදිහකට වසංගත පාලනය කරන්නේ තව විදිහකට මේ ගැන ඇත්තටම ආණ්ඩුවට අදහසක් නැහැ. ඒ නිසා ආණ්ඩුව මේ දෙක වරද්ද ගත්තා.
5 පළමු රැල්ල අවස්ථාවේදී ප්‍රධාන විපක්ෂයේ පක්ෂය ලෙස සමඟි ජන බලවේගයේ අපි අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සහයෝග දෙන්න කැමැතියි කියලා. අපිත් සම්බන්ධ කරගන්න කියලා. අපිව කැඳෙව්වේ අගමැතිතුමාගෙ එක් රැස්වීමකට පමණයි. අපි දේශපාලන වාසි ගන්නේ නැහැ. රටක් ලෙස ව්‍යසනයෙන් මේ රටේ ජනතාව බේරා ගන්නයි අපිට ඕන. විපක්ෂයේ සහය දෙන්න උත්සාහ කරන්නේ ඒකයි, අද මොකක්ද කරන්නේ පාර්ලිමේන්තුවේදි විපක්ෂයට ප්‍රහාර එල්ල කිරීම කරන්නේ. විපක්ෂය මේ පිළිබඳ කාරණා ඉදිරිපත් කළාම හාස්‍යයට ලක්කළා. මුලින්ම අපි කියන්නේ අපිව හාස්‍යයට ලක්නොකර හාස්‍යයට ලක්වන තමන්ගේ මන්ත්‍රීවරුන් ටික පාලනය කරගන්න කියලා. ඒ වගේම විපක්ෂයේ සහයත් මේ සඳහා ගන්න කියලා අපි කියන්නේ.