රුවන් හොඳයි රනිල් නර­කයි | Page 3 | සිළුමිණ

රුවන් හොඳයි රනිල් නර­කයි

20 වෙනි සංශෝ­ධ­න­යට විරු­ද්ධව පාර්ලි­මේ­න්තුව තුළ ඔබලා දැඩි විරෝ­ධ­තා­ව­යක නිරත වුණා. කුමන හේතු­වක් නිසාද?

20 වෙනි සංශෝ­ධ­නය කියලා තියෙන්නේ මේ රටේ පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය විනාශ කරන, පහත් කරන මේ රට ඒකා­ධි­පති පාල­න­යක් කරා ගෙන යන තනි පුද්ග­ල­යෙකු මතට ර‍ෙට් නීතිය භාර දෙන ක්‍රම­වේ­ද­යක් හැටි­යට පෙන්වා දිය හැකියි.

මෙහිදී ජන­තා­වගේ අයි­තිය සම්පූ­ර්ණ­යෙන්ම නැති වෙලා යනවා. මේ සංශෝ­ධ­න­යෙන්ම ජන­තා­වගේ නිද­හස ජන­තා­වගේ පර­මා­ධි­පත්‍ය ජනා­ධි­ප­ති­ව­රයා ළඟට ගන්නවා. පාර්ලි­මේ­න්තු­වත් ජනා­ධි­ප­ති­ව­රයා අතර තිබුණු බල තුල­නය නැති වෙලා. පාර්ලි­මේ­න්තුව සහ අග­මැ­ති­ව­රයා අතර තිබුණු බලය නැති වෙනවා. ජන­ප­තිට බලය ලැබෙ­නවා. කරුණු රැසක් මේ සම්බ­න්ධව තිබෙ­නවා. ප්‍රධාන වශ­යෙන්ම ජනා­ධි­ප­ති­ව­රයා ඒකා­ධි­පති පාල­ක­යෙකු මෙන් බල­වත් කිරීම මෙම ව්‍යව­ස්ථා­වෙන් සිදු කරන නිසා මෙයට අපි සම්පූ­ර්ණ­යෙන්ම විරු­ද්ධයි.

20 වෙනි සංශෝ­ධ­නය වෙනස් කර පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ­හොත් ඔබලා එයට එකඟ වන­වාද?

විස්සක් ගෙන එන­වාට වඩා පහසු ක්‍රියා­ව­ලි­යක් වර්ත­මාන රජ­යට සිදු කරන්න තිබුණා. 19 වෙනි ව්‍යව­ස්ථාවේ නොගැ­ළ­පෙන තැන් නිවැ­රදි කරන්න රජ­යට හැකි­යාව තිබුණා. 19 ගැළ­පෙන්නේ නැත්නම් එය ගැළ­පෙන විදිය වෙනස් කර­න්නට හැකි­යාව තියෙන බව අපි රජ­යට අව­ධා­ර­ණය කර­නවා. මේ ක්‍රියා­දා­මය සිදු නොකර 19 සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කරලා 20 ගෙන ඒම නිවැ­රැදි ක්‍රියා­මා­ර්ග­යක් නොවෙයි. 19 තුළ සාධ­නීය කාරණා ගන්න තිබුණා කියන එක අපි අව­ධා­ර­ණය කර­නවා.

ජනා­ධි­පති පාර්ලි­මේ­න්තු­වට වග­කි­යන්න ඕන නෑ කියන්නේ ලොකු අර්බු­ද­යක්. පාර්ලි­මේ­න්තුව පත්ක­රන්නේ මේ රටේ එක්කෝටි හැට­ල­ක්ෂ­යක ජන­තා­වගේ ඡන්ද­යෙන්. එහෙත් මේ සංශෝ­ධ­නය මඟින් ජනා­ධි­ප­තිට බල­තල දෙනවා. අවු­රු­ද්දෙන් පාර්ලි­මේ­න්තුව විසි­රුවා හරින්න.

ජන­තාව පත්ක­රන මන්ත්‍රී­වරු 225 දෙනකු එක රැය­කින් ගෙදර යවන එක ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ගැළ­පෙ­න­වාද කියලා අපි රජ­යෙන් අහන්න කැම­තියි.

19 ය මඟින් අපි කැබි­නට් මණ්ඩ­ලය ඇතුළු ඇම­ති­කම් සීමා කිරී­මට පිය­වර ගත්තා. ඇම­ති­වරු වැඩි වශ­යෙන් පත් කරාට ජනතා මුදල් වැඩි­පුර නාස්ති වෙනවා. අපි මේ තත්වය වෙනස් කිරී­මට ඇමැති මණ්ඩ­ලය අඩු කළා. 20 වෙනි සංශෝ­ධ­නය තුළින් මේ තත්වය වෙනස් වෙනවා. විශේ­ෂ­යෙන් ම ජනා­ධි­ප­ති­ව­ර­යාට අවශ්‍ය ගණ­නක් ඇම­ති­වරු පත් කිරී­මට හැකි වෙනවා.

කොමි­ෂන් රැසක් මේ යටතේ අහෝසි වෙනවා. මෙය ඉතා භයා­නක තත්ව­යක් බව අපි ජන­තා­වට ප්‍රකාශ කර­න්නට කැම­තියි.

පාර්ලි­මේ­න්තු­වට ගෙන එන 20 වෙනි සංශෝ­ධ­නය සම්මත කර ගැනී­මට තුනෙන් දෙකක බල­යක් අව­ශ්‍යයි. රජ­යට දැන­ට­මත් එම බලය ඇති බව ප්‍රකාශ වෙනවා. මේ අභි­යෝ­ගය ඔබ­ලාට ජය ගත හැකිද?

වර්ත­මාන රජ­යට පාර්ලි­මේ­න්තුව තුළ කිසි­සේත් තුනෙන් දෙකක බලය හිමි කර ගන්න බෑ කියන කාර­ණය අපි පැහැ­දි­ලිව කිය­න්නට ඕන. පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝ­ජ­නය කරන මන්ත්‍රී­වරු රැසක් ම මෙයට විරු­ද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට අප සමඟ සාකච්ඡා වට කිහි­ප­යක්ම පවත්වා තිබෙ­නවා. මෙන්න මේ හේතුව නිසා තමයි මහි­න්දා­නන්ද ඇම­ති­ව­රයා පාර්ලි­මේ­න්තු­වේදි ප්‍රකාශ කළා ඔවුන් විප­ක්ෂයේ මන්ත්‍රී­වරු විසි­දෙ­නකු ගන්නා බව. නමුත් අපි කිය­නවා ආණ්ඩු පක්ෂයේ තිහ­කට වැඩි මන්ත්‍රි­ව­රුන් පිරි­සක් මෙයට විරු­ද්ධව ඡන්දය ප්‍රකාශ කර­නවා කියලා. ඔවුන් ඡන්ද නොදී මඟ අරින බව ප්‍රකාශ කර තිබෙ­නවා.

සුළු පක්ෂ නාය­ක­යන් සන්ධා­නය වීමක් පිළි­බ­ඳව දිගින් දිග­ටම ප්‍රකාශ කර­නවා. ඔබලා ඒ සඳහා කැමැ­ත්තක් නැද්ද?

නෑ. එහෙම නෑ. අපි පක්ෂ කිහි­ප­යක සාමා­ජි­ක­යන් මෙන්ම ප්‍රබල පක්ෂ එක­තු­වෙලා තමයි මැති­ව­ර­ණ­යට තරග වැදුණේ. ඇත්ත­ටම අපි සමගි ජන බල­වේ­ගය හැටි­යට තනි පක්ෂ­යක්. මැති­ව­ර­ණ­යට තරග කරපු පක්ෂය. නමුත් තව දින කිහි­ප­ය­කින් එය සමගි ජන බල සන්ධා­නය බවට පත්වෙ­නවා. ඒ නිසා ඉදි­රි­යේදි ගැටලු සහ­ගත තත්ව­යක් ඇති වන්නේ නැහැ.

ඔබ පාර්ශ්ව­යට සම්බන්ධ වෙලා පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන රාවුෆ් හකීම්, රිෂාඩ් බදු­ර්දීන් ඇතුළු කිහි­ප­දෙ­නකු සමගි ජන බල­වේ­ග­යෙන් ඉවත් වන බවට ප්‍රචා­රය වී තිබෙ­නවා. මෙය ඇත්තක් ද?

දැනට එහෙම කිසිදු තත්ව­යක් ගොඩ­නැ­ගිලා නැහැ. අපිට විරු­ද්ධ­වා­දීන් කියන කතා. ප්‍රචා­ර­යෙන් ගැට­ලු­වක් නෑ. කියන එක අප අව­ධා­ර­ණය කර සිටි­නවා.

බදු­ර්දීන් මන්ත්‍රී­ව­රයා හකීම් මන්ත්‍රි­ව­රයා මෙන්ම අනෙක් පක්ෂ නාය­ක­යන් අප සමඟ ඉතා සමී­පව කට­යුතු සිදු කර­ගෙන යනවා. සමගි සන්ධා­නයේ සාමා­ජි­ක­යන් හැටි­යට ඔවුන් ක්‍රියා­ශී­ලීව වැඩ කට­යුතු කර­ගෙන යනවා.

එක්සත් ජාතික පක්ෂ­යට නව නියෝජ්‍ය නාය­ක­යෙකු පත්ව සිටි­නවා. ඔබ කණ්ඩා­යම මේ සම්බ­න්ධව සැහී­ම­කට පත්ව­න­වාද?

ඇත්ත­ටම රුවන් විජේ­ව­ර්ධන මහතා ඉතා දක්ෂ තරුණ නාය­ක­යෙක්. ඔහුට හොඳ දැක්මක් තිබෙ­නවා. ඔහු අවංක නාය­ක­යෙක්. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ වර්ත­මාන නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මහතා. ඔහු තවත් මාස හත­රක් ඉන්නවා. අපිට පෙනී යන කරුණ නම් රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් සෙසු නාය­ක­යන් රූකඩ මෙන් නට­වන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නාය­කයා ප්‍රකාශ කර තිබෙ­නවා. ඔහු සමගි ජන බල­වේ­ගය සමඟ ඉදි­රි­යේදි කට­යුතු කිරී­මට කැමැති බව මේ පිළි­බ­ඳව ඔබ­ලාගේ පිළි­තුර?

ඇත්ත­ටම රුවන් විජේ­ව­ර්ධන මහතා විශ්වාස කළ හැකි වැද­ගත් මහ­ත්ම­යෙක්. අපි විශ්වාස කර­නවා එක්සත් ජාතික පක්ෂ­යට සමගි ජන සන්ධා­නය සමඟ ඉදි­රි­යේදි එකතු විය හැකියි. ඒ සඳහා කිසිඳු බාධා­වක් නැහැ. හෙළ උරු­මය, මුස්ලිම් කොංග්‍ර­සය වැනි පක්ෂ අප සමඟ සම්බන්ධ වී සිටින ආකා­ර­ය­ටම ඔවුන්ට අප සමඟ සම්බන්ධ විය හැකියි.

විශේ­ෂ­යෙන්ම මේ පක්ෂයේ නාය­ක­යන් රැසක්ම අප සමඟ ඉතා සමී­පව වැඩ කළ දක්ෂ නාය­ක­යන්. ඔවුන්ව ඔය තත්ව­යට පත් කළේ කිහි­ප­දෙ­නකු පම­ණයි. ඒ රනිල් වික්‍ර­ම­සිංහ මහතා සමඟ සම්බන්ධ වෙලා. මෙය ‍ෙත්රුම් ගත් නිසා අපි පක්ෂ­යෙන් ඉවත් වෙලා සජිත් ප්‍රේම­දාස නාය­කයා සමඟ ආරම්භ කළ අලුත් ගමන සාර්ථක වෙලා තිබෙන බව මහ­මැ­ති­ව­රණ ඡන්ද ප්‍රති­ඵ­ල­යෙන් මනා­වට පෙන්නුම් කරන කරු­ණක් බව මා මේ මොහොතේ අව­ධා­ර­ණය කර­න්නට කැම­තියි.

සමගි ජන බල­වේ­ගයේ නාය­ක­ත්වය වෙනු­වෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් කිහි­ප­දෙ­න­කුම සටන් කර­නවා කියන්නේ ඇත්තක්ද?

එය මා සම්පූ­ර්ණ­යෙන්ම ප්‍රති­ක්ෂේප කර­නවා. අපගේ විරු­ද්ධ­වා­දීන් විසින් නිර්මා­ණය කරන දේවල්. මේවාට අපි උත්තර දිය යුතු නැහැ. මොකද අපි මේ වන විට සාර්ථක ගම­නක් යමින් සිටි­නවා.

සමගි ජන බල­වේ­ගය තුළ නාය­ක­ත්ව­යට කිසිඳු ගැට­ලු­වක් නැහැ. එහි නාය­ක­ත්වය දරන්නේ සජිත් ප්‍රේම­දාස මහතා. ඔහුට අපි සියලු දෙනාගේ ආශි­ර්වා­දය ලැබිලා තිබෙ­නවා. ලබා දී තිබෙ­නවා. ඉදි­රි­ය­ටත් ලබා­දෙන්න කට­යුතු කර­නවා. අනික ඔහු නාය­කයා ලෙස අපි සියලු දෙනාගේ කැමැ­ත්තෙන් පත් කරලා අව­සන්. නැවත නාය­ක­යෙක් දැනට අවශ්‍ය නැහැ. අපි ඔහු අග­මැති කරන සටන ජනා­ධි­පති කරන සටන දැන­ට­මත් ආරම්භ කර හමා­රයි. අප සමඟ සිටින සෙසු නාය­ක­යන් ඔහුව පිළි­අ­රන් තිබෙ­නවා.

මේ රටට පළාත් සභා අව­ශ්‍යද? නැද්ද?

පළාත් සභා මේ රටට අව­ශ්‍යයි. ඒ නිසා පළාත් සභා මැති­ව­ර­ණය ඉක්ම­ණින් පැවැ­ත්විය යුතුයි.පළාත් සභා ඇති කර තිබෙන්නේ මේ රටට අවශ්‍ය නිසා බව මා මතක් කර­න්නට කැම­තියි. මේ රටේ පැවැති ජන­වා­ර්ගික අර්බු­ද­යට ලබා­දුන්න ස්ථිර විස­ඳු­මක් හැටි­යට පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන්නට පුළු­වන්. පළාත් සභා පව­ත්ව­න­වාද නැද්ද යන්න ආණ්ඩුවේ කාර­ණ­යක්. ඒ නිසා ආණ්ඩුව මේ පිළි­බ­ඳව පිළි­තු­රක් ඉතා ඉක්ම­ණින් ලබා දිය යුතුයි.

පළාත් සභා මැති­ව­ර­ණ­යට අප මුළු ලංකා­වම නියෝ­ජ­නය කර­මින් ඉදි­රි­පත් වනවා. ස්ථිර වශ­යෙන් අපිට මෙහිදී ජය­ග්‍ර­හ­ණය ලබා ගත හැකි බවත් අපි අව­ධා­ර­ණය කර සිටි­නවා.

20 ට එරෙ­හිව ජනතා විරෝ­ධතා රැල්ලක් ඇති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කර තිබෙ­නවා. කොහො­මද මේ රැල්ල ඇති කරන්නේ?

ජනතා නියෝ­ජ­න­යක් හැටි­යට අපි දැන­ට­මත් 20 ට විරු­ද්ධව ක්‍රියා­මාර්ග රැසක් ගෙන තිබෙ­නවා. ජන­තා­වගේ අයි­තිය විනාශ වෙන්න යන මෙම සංශෝ­ධ­නය හකුලා ගන්නා තුරු අපි විරෝ­ධතා රැල්ලක් ක්‍රියා­ත්මක කර­නවා. ජාතික මට්ට­මින්, පළාත් මට්ට­මින් ප්‍රාදේ­ශීය මට්ට­මින් මෙන්ම ගම් මට්ට­මින් ඉදි­රි­යේදි මේ සඳහා ජන­තාව පෙළ ගස්ස­නවා.

Comments