කිරි­ඇ­ල්ලගේ අතේ කළු පටි ගැන අග­මැ­ති ­ගෙන් විම­සු­මක් | Page 2 | සිළුමිණ

කිරි­ඇ­ල්ලගේ අතේ කළු පටි ගැන අග­මැ­ති ­ගෙන් විම­සු­මක්

“අපිට 20 එපා. එපා. එපා. අපිට එපා. ඕන ඕන ඕන අපිට 20 ඕන රට හදන්න ඕන” සමගි ජන බල­වේ­ග­යත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් ඉකුත් 22 වැනිදා පාර්ලි­මේන්තු සභා ගර්භය මැද පැයක පමණ කාල­යක් විරෝ­ධතා දැක්වීය. පාර්ලි­මේ­න්තුව දැඩි උණු­සු­ම්කාරී තත්ව­යට පත්ව තිබූ අතර මෙහිදී මැති ඇම­ති­ව­රුන් මෙන්ම පක්ෂ විප­ක්ෂ­වල මන්ත්‍රී­ව­රුන් නොයෙ­කුත් සටන් පාඨ කිය­මින් කෑ කෝ ගසනු දැක ගත හැකි විය.

 

දෙපා­ර්ශ්වය එකි­නෙකා ළඟට පැමිණ මුහු­ණට මුහුණ ළංක­ර­මින් කෑ ගසා­ගත් අතර අතින් පයින් ප්‍රහාර එල්ල කිරීම දක්වා නොගොස් කටින් පම­ණක් විරෝ­ධ­තා­ව­යක් පෙන්වී­මට දෙපැ­ත්තේම මන්ත්‍රී­ව­රුන් මහත් අප­හ­සු­තා­ව­යෙන් යුතුව වග­බලා ගත්හ. මෙලෙස මැති සබය ශබ්දා­ගා­ර­යක් බවට පත්වූයේ 20 වෙනි ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධන කෙටු­ම්පත පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට ආණ්ඩුව සූදා­නම් වන­වාත් සම­ඟිනි.

පාර්ලි­මේ­න්තුව උදෑ­සන 10.00ට පමණ කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ වී න්‍යාය පත්‍ර­යට අනුව සිදු කර­ගෙන ගියේය.

අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා සහ කැබි­නට් මෙන්ම රාජ්‍ය ඇම­ති­වරු පැමිණ සිටි අතර විපක්ෂ නායක රනිල්, සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රමුඛ සමගි ජන බල­වේ­ගය නියෝ­ජ­නය කරන සෙසු පක්ෂ­වල නාය­ක­යන් මෙන්ම පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු රැසක් සභාව වෙත පැමි­ණි­යහ.

 

මනූෂ - හේෂා හොර රහසේ හොර වැඩක

 

මේ අත­ර­තුර සමගි ජන බල­වේ­ගය නියෝ­ජ­නය කරන මන්ත්‍රී­වරු කිහි­ප­දෙ­නකු විරෝ­ධ­තාව සඳහා අවශ්‍ය දේවල් සංවි­ධා­නය කර­මින් සිටි­යේය. ගාල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි මනුෂ නානා­ය­ක්කාර, රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි හේෂා විතා­නගේ, නලින් ජය­තිස්ස මෙහි ප්‍රධා­න­ත්වය ගනු ලැබීය.

විරෝ­ධතා පුවරු, කළු පටි බෙදා හැරීම ඒ වන විටත් ඉතා රහ­සි­ග­තව සිදු කිරී­මට මෙම මන්ත්‍රී­ව­රුන් කට­යුතු කළහ.

20 අව­ජා­ත­කයි, 20 අපිට එපා, ඇතුළු සටන් පාඨ බෝඩ් මත අඳිනු ලැබ ඇත්තේ පාර්ලි­මේන්තු සංකී­ර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යා­ලය තුළ­දීය.

කළු පැහැති ෆයිල් කව­ර­වල සටන් පාඨ ලියනු ලැබුවේ රෝහිණී කවි­රත්න විසිනි. ඇය ඉතා දක්ෂ ලෙස එම පාඨ අඳිනු ලැබුවේ ගුරු­ව­රි­යක් වශ­යෙන් කට­යුතු කර ඇති බැවිනි. මාතලේ දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කරන ඇයට මෙය පවරා තිබුණේ නලින් ජය­තිස්ස මන්ත්‍රී­ව­රයා විසිනි. දෙමළ භාෂා­වෙන් සටන් පාඨ ලියනු ලැබුවේ වඩි­වේල් සුරේෂ් මන්ත්‍රී­ව­ර­යාය.

මෙලෙස අඳිනු ලැබූ සටන් පාඨ මැති සභාව තුළට සඟ­වා­ගෙ­න­විත් හරීන් ප්‍රනාන්දු සහ හර්ෂ ද සිල්වා ඔවුන්ගේ ආසන යට සඟවා තිබුණි.

 

ස.ජ.බ. අයගේ අත්වල කළු­පටි

 

සමගි ජන බල­වේ­ගයේ මන්ත්‍රී­ව­රුන් එකි­නෙ­කාගේ අත්වල කළු පටි ගැට­ගැ­සී­මට කට­යුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ වම් අතේ කළු­ප­ටිය බඳිනු ලැබුවේ මනූෂ නානා­ය­ක්කාර මන්ත්‍රී­ව­රයා විසිනි.

ලක්ෂ්මන් කිරි­ඇල්ල මහතා ඉදි­රි­පිට සිටින අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා සිනා­සෙ­මින් කියා සිටියේ ඔබ­තුමා කළු පටි­යක් බඳින්නේ නැද්දයි කියාය. මම කළු පටි­යක් ඔබගේ අතේ බඳි­න්න­දැයි අග­මැ­ති­ව­රයා මෙහිදී කිරි­ඇල්ල මන්ත්‍රී­ව­ර­යා­ගෙන් විමසා සිටි­යේය.

විප­ක්ෂයේ බාධක සියල්ල බිඳ දම­මින් පෙ.ව. 11.40ට පමණ අධි­ක­රණ අමාත්‍ය ජනා­ධි­පති නීතිඥ අලි සබ්‍රී නැගී සිටි­මින් 20 වන ව්‍යවස්ථා සංශෝ­ධන පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළහ.

මේ සම­ඟම නැවත දැඩි විරෝ­ධ­තා­ව­යක් පාර්ලි­මේ­න්තුව තුළ ඇතිවූ අතර එකම කාල­ගෝ­ට්ටි­යක් බවට පාර්ලි­මේ­න්තුව පත්විය.

එහෙත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ගේ අත්පො­ළ­සන් මැද මෙම කෙටු­ම්පත පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කෙරිණි.

මේ සම­ඟම සජිත් ප්‍රේම­දාස මහතා රීති ප්‍රශ්න­යක් මතු කර­මින් 20 සංශෝ­ධ­නය මෙරට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආප­ස්සට යවන බව ප්‍රකාශ කළේය.

 

බන්දු­ල­ගෙන් මුදල් රෙගු­ලාසි ගැන කතා­වක්

 

එහිදී නැගී සිටි බන්දුල ගුණ­ව­ර්ධන අමා­ත්‍ය­ව­රයා සමගි ජන බල­වේ­ගයේ විරෝ­ධතා මැද මුදල් රෙගු­ලාසි දිගින් දිග­ටම කියා­ගන යනු ලැබීය. ඔහුට සහය වීමට උදය ගම්ම­න්පිල, කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, ජනක බණ්ඩාර තෙන්න­කෝන් යන අමා­ත්‍ය­ව­රුන් ක්‍රියා­ත්මක විය.

මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, විමල් වීර­වංශ ඇතුළු මන්ත්‍රී­වරු පිරි­සක් දිගින් දිග­ටම 20 අපිට ඕනෑ බව කිය­මින් කෑගැසූහ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ සහ විප­ක්ෂයේ මන්ත්‍රී­වරු අතර කිසිඳු ගැටු­මක් ඇති­විය නොහැකි තත්ව­යක් සභා ගර්භය තුළ තිබිය යුතු බව අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රී­වරුන් වෙත දන්වා තිබුණි.

මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ලොහාන් රත්වත්තේ යන අමා­ත්‍ය­ව­රුන්ට විශේෂ රාජ­කා­රි­යක් ලෙස ගැටුම් හට ගැනී­මට ඉඩ නොත­බන ලෙසට වග­බලා ගන්නා ලෙස ප්‍රකාශ කර තිබූ අතර ඔවුන් තිදෙනා එම කට­යුත්ත අකු­ර­ටම ඉටු­ක­රනු ලැබීය.

“අදත් ඊයෙත් ආපු දෙදෙ­නෙ­කුම හරවා යවලා තියෙ­නවා. අනෙක් කාර­ණය කාන්තා­වක් පැය ගණ­නක් රස්ති­යාදු කරලා ඇගේ ඉල්ලීම මඟ හැරලා තිබෙ­නවා.”

“මෙතන ක්ලාක් කෙනෙක් නැතිලු, පියන් කෙනෙක් නැතිලු. එක­වු­න්ටන් කෙනෙක් නැතිලු. සල්ලි ගෙවන්න ආපු අය හරවා යවලා තිබෙ­නවා.”

ඔයාලා මෙහෙම කරන එක හරිද ජන­තා­වට සේවය කර­නවා කියන්නේ මේක­ටද. මේවා ඉදි­රි­යේදි නම් කොහො­ම­ට­වත් සිද්ධ වෙන්න බෑ. මම සිද්ධ වෙන්න ඉඩ තබ­න්නෙත් නැතැයි ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් එක හුස්මට කියා­ගෙන යනු ලැබීය.

ඒ ඉකුත් 23 වැනිදා පස්ව­රු­වේ­දීය. කිසි­වෙකු නොසිතූ මොහො­තක කිසි­වෙ­කු­ටත් නොදැ­නෙ­න්නට නාරා­හේ­න්පිට පිහිටි නිවාස සංව­ර්ධන අධි­කා­රි­යට අයත් කාර්යා­ල­යට හදිසි නිරී­ක්ෂ­ණ­ය­කට එක්වෙ­මිනි.

ඒ වන­වි­ටත් එම කාර්යා­ලයේ නොයෙක් තන­තු­රු­වල නිර­තව සිටින පුද්ග­ල­යන් රාජ­කා­රී­වල නිරත නොවී සිටිනු ජනා­ධි­ප­ති­ව­රයා නිරී­ක්ෂ­ණය කළේය.

සේවා ලාභි­යෙකු කළ පැමි­ණි­ල්ල­කට අනුව ජනා­ධි­ප­ති­ව­රයා එම කාර්යා­ලය වෙත ගියේය.

රාජ­කාරී අව­ශ්‍ය­තා­වක් සඳහා අවස්ථා ගණ­නා­ව­කදී පැමි­ණි­යද එය ඉටු­කි­රී­මට නිල­ධා­රීන් අපො­හො­සත්ව ඇති අතර කාර්ය මණ්ඩ­ලය ප්‍රමා­ණ­ව­ත්‍ ­නො­වන බව පව­ස­මින් සේවා ඉටු නොක­රන බවට පැමි­ණි­ලි­කා­රිය සඳ­හන් කර තිබුණි.

කාර්යා­ලය අධී­ක්ෂ­ණය කළ ජනා­ධි­ප­ති­ව­ර­යාට ප්‍රමා­ණ­වත් සේවක පිරි­සක් එහි සිටින බව නිරී­ක්ෂ­ණය වූ අතර සේවා ලබා ගැනී­මට පැමිණි ආබා­ධිත පුද්ග­ල­යෙකු දැඩි අප­හ­සු­තා­ව­යක පත්ව සිටි අයුරු දැක ගත හැකි විය.

මහ­ජන අව­ශ්‍යතා කාර්ය­ක්ෂම සහ නොපි­රි­හෙලා ඉටු කිරීම රාජ්‍ය සේව­ක­යන්ගේ මූලික වග­කීම බව කාර්ය මණ්ඩ­ලය හමුවේ ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කළේය.

නිපු­ණතා සංව­ර්ධන, වෘත්තීය අධ්‍යා­පන පර්යේ­ෂණ හා නව නිපැ­යුම් රාජ්‍ය අමා­ත්‍යාං­ශයේ ඉදිරි සැල­සුම් පිළි­බඳ ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඉකුත් 22 වැනිදා සාක­ච්ඡා­වක් පැවැ­ත්වුණි. මේ සඳහා එම අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රිහූ සහ රාජ්‍ය ඇම­තිනි වෛද්‍ය සීතා අර­ඹේ­පොල මහ­ත්මිය සහ­භාගී වූහ.

ඉකුත් සෙන­සු­රාදා ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ පුත්ත­ලමේ සංචා­ර­යක නිරත විය. එතුමා මදු­ර­න්කු­ලිය වතු යාය­කට ගියේය. පසුව රද­ගුරු මන්දි­රය, කෘෂි තාක්ෂ­ණික ආය­ත­නය නිරී­ක්ෂ­ණය කරනු ලැබු­වේය. මේ ගමන සඳහා අග­ර­ද­ගුරු කාදි­නල් රංජිත් හිමි­පා­ණන් එක්වීම විශේෂ කරු­ණකි.

21 වැනි සඳුදා ජනා­ධි­ප­ති­ව­රයා කාර්ය බහුල දින­යකි. ඔහු රාජ්‍ය අමා­ත්‍යාං­ශ­වල ඉදිරි වැඩ­ස­ට­හන් පිළි­බ­ඳව විම­ර්ශන කට­යුතු සාකච්ඡා කිරීම ආරම්භ කළේය. ‍‍

කාන්තා හා ළමා සංව­ර්ධන පෙර පාසල් හා ප්‍රාථ­මික අධ්‍යා­පන පාසල් යටි­තල පහ­සු­කම් සහ අධ්‍යා­පන සේවා රාජ්‍ය අමා­ත්‍යාං­ශ­වල නිල­ධා­රි හා අදාළ ඇම­ති­ව­රු එක්වූහ.

එදින රාත්‍රි­යේදී ජනා­ධි­ප­ති­ව­රයා වීඩියෝ තාක්ෂණ භාවි­ත­යෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩ­ලයේ සැසි­වා­ර­යට සම­ගා­මීව සංවි­ධා­නය කෙරුණු ඉහළ පෙළේ එක්දින සමු­ළුව අමතා කතා කළේය.

එක්සත් ජාතීන් රාජ්‍ය­යන්ගේ අභ්‍ය­න්තර කට­යු­තු­ව­ලට මැදි­හත් නොවනු ඇතැයි අපේක්ෂා කරන බව ජනා­ධි­ප­ති­ව­රයා සමස්ත ප්‍රජා­වට පැව­සීය.

බදාදා උදෑ­සන ජනා­ධි­ප­ති­ව­රයා වැඩ­ස­ට­හන් ආරම්භ කරනු ලැබුවේ අග­මැති මහින්ද රාජ­පක්ෂයන් සමඟ එක්වෙ­මින්ය.

ඔවුහු ජනා­ධි­පති කාර්යාල භූමියේ ඇති නිද­හස් අධ්‍යා­ප­නයේ පියා ලෙස සම්මා­න­යට පත් ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්න­න්ගර ශ්‍රීම­තා­ණන්ගේ 51 වැනි ගුණ සැම­රු­මට සහ­භාගි වෙමින් එම පිළි­රු­වට පුෂ්පෝ­ප­හාර පුද කළහ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා විසින් නව රජයේ පළමු කැබි­නට් රැස්වී­මේදී පෙන්වා දුන් අව­ශ්‍ය­තා­වය හා වැද­ග­ත්කම සැල­කි­ල්ලට ‍ගනිමින් අප­න­යන සංව­ර්ධන සභාවේ පළමු හමුව 23 වැනි දින පස්වරු 04.00ට ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් හා අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ සහ­භා­ගී­ත්ව­යෙන් යුතුව ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවැ­ත්විණි.

මෙම සභාව පිහි­ටු­වීමේ ප්‍රධා­න­තම පර­මා­ර්ථය වශ­යෙන් අමාත්‍ය මණ්ඩ­ලය විසින් ලබා දී ඇති සාමාන්‍ය හෝ විශේෂ උප­දෙ­ස්ව­ලට යටත්ව ජාතික අප­න­යන සංව­ර්ධන ප්‍රති­පත්ති හා වැඩ­ස­ට­හන් සකස් කිරීම හා ක්‍රියා­ත්මක කිරීම පෙන්වා දිය හැකිය. අප­න­යන සංව­ර්ධන සභාවේ පළමු රැස්වීම 1980 සැප්තැ­ම්බර් 11 දින පැවැත්වූ අතර එතැන් සිට 1992 මැයි 26 දක්වා රැස්වීම් 10ක් පවත්වා ඇත. ඉන්පසු වසර 28ක් පුරා­වට මෙම අමාත්‍ය මණ්ඩ­ලය රැස්වී නොමැත.

 

ජන­පති එක්සත් ජාතීන්ගේ සමු­ළුව වීඩි‍යෝ තාක්ෂ­ණ­යෙන් අම­තයි

 

සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශය මූලික කර ගනි­මින් රටේ සම්ප­ත්ව­ලින් උප­රිම ප්‍රයෝ­ජන ලබ­මින් රටට ආදා­යම් හිමි කර දෙන අප­න­ය­න­ක­රු­වන්ගේ වෙළෙ­ඳ­පොළ අව­ශ්‍යතා නිසි නියා­ම­න­ය­කින් යුතුව උසස් මට්ට­මින් ඉටු කර දීම­ටත්, හැකි සෑම අව­ස්ථා­ව­ක­දීම ඔවුන්ට ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළ සකසා දීම­ටත්, රට­ටත් අප­න­ය­න­ක­රු­වා­ටත් වාසි­දා­යක සහ වැඩි ප්‍රති­ලාභ අත්ක­ර­ගත හැකි අන්දමේ නව සැල­සුම් ක්‍රියා­ත්මක කිරී­ම­ටත් මෙම­ඟින් ඍජු­වම හැකි­යාව ලැබෙන අතර අප­න­යන ක්ෂේත්‍රයේ ගැටලු විස­ඳ­මින් දැනට පවත්නා ජාතික වෙළෙඳ ප්‍රති­ප­ත්තිය සංශෝ­ධ­න­යට සහ නව්‍ය­ක­ර­ණ­යට ලක් කිරී­මත් අර­මුණු කර ගනි­මින් සාකච්ඡා ආරම්භ කෙරිණි.

මෙහිදී දේශීය ගොවි­යාගේ නිෂ්පා­ද­න­යන් සඳහා මූලි­ක­ත්වය ලබා දීම­ටත් ප්‍රති අප­න­යන කට­යුතු නියා­ම­න­යක් සහි­තව සිදු කිරී­මට අප­න­යන නිෂ්පා­දන ගම්මාන ඇති කිරීම සඳ­හාත් ගත හැකි ක්‍රියා­මාර්ග රැසක් පිළි­බ­ඳව මෙහිදී සාක­ච්ඡා­වට බඳුන් විණි. තානා­පති කාර්යා­ල­වල සිටින වෙළෙඳ ප්‍රව­ර්ධන නිල­ධා­රීන් මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා පෞද්ග­ලි­ක­වම දැනු­ම්වත් කර ඇති බව ජනා­ධි­ප­ති­තුමා විසින් මෙහිදී සභාව දැනු­ම්වත් කරන ලදී. එමෙන්ම ගුව­න්තො­ටු­පළ පහ­සු­කම් වැඩි­දි­යුණු කර ව්‍යාපා­රි­ක­යන්ගේ හා ආයෝ­ජ­ක­යන්ගේ ආක­ර්ෂ­ණය දිනා­ගැ­නීම සඳහා පසු­බිම් සැක­සීමේ අව­ශ්‍ය­තා­වය අග්‍රා­මා­ත්‍ය­තුමා විසින් පෙන්වා දුන් අතර අප­න­ය­න­ක­රු­වන් අධෛ­ර්ය­වත් කරන අන්දමේ නීති රෙගු­ලාසි ප්‍රති­ස­මා­ලෝ­ච­නය කර ඒවා නිසි පරිදි සැක­සිය යුතු බවට යෝජ­නාව ජනා­ධි­පති කාර්ය සාධක බළ­කායේ ප්‍රධානී බැසිල් රාජ­පක්ෂයන් ඉදිරිපත් කරන ලදී.

වීඩියෝ තාක්ෂ­ණය මඟින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩ­ලයේ 75 වැනි රාජ්‍ය නායක සමු­ළුව අමතා ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂයන් මෙසේ ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාව කිසි­වෙ­කුට ගැති නැති මධ්‍යස්ථ විදේශ ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කර­නවා. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ලෙස තේරී­පත් වූ ආණ්ඩු­ව­ලට සහය වීම එක්සත් ජාතීන්ගේ වග­කී­මක්. දශක තුන­කට ආසන්න කාල­යක් බෙදු­ම්වා­ද­යෙන් හා ත්‍රස්ත­වා­ද­යෙන් බැට කෑ ශ්‍රී ලංකාව සෑම ආකා­ර­ය­කම ත්‍රස්ත­වා­දය හෙළා දකි­නවා.”

අග­මැති මහින්ද රාජ­පක්ෂ ප්‍රධා­න­ත්ව­යෙන් උත්සව වැඩි වශ­යෙන් ඉකුත් සති‍ෙය් නොපැ­වැති අතර පාර්ලි­මේ­න්තුව තුළ සාම­කාමි මෙන්ම කල­හ­කාරි තත්ව­යක් උද්ගත නොවීම සඳහා අවශ්‍ය පරි­ස­රය ගොඩ­නැ­ඟී­මට ඔහු කට­යුතු කළේය.

අග­මැති මහින්ද රාජ­පක්ෂ විසින් රට පුරා ජල ගැට­ලුව විස­ඳීමේ පොදු යාන්ත්‍ර­ණ­යක් සකස් කිරීම වෙනු­වෙන් කමි­ටු­පත් කිරී­මට පිය­වර ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පොදු දිය­බෙත්ම කළ­ම­නා­ක­ර­ණය ප්‍රවේ­ශ­යක් ක්‍රියා­ත්මක කිරීම උදෙසා වන උපාය මාර්ගික යාන්ත්‍ර­ණ­යක් සකස් කිරී­මට අදාළ ආය­තන හමු­වක් අග­මැති ලේකම් ගාමිණි සෙන­රත්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී පැවැ­ත්වුණි.

කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් මඟින් කෙරෙන අප­න­ය­න­වල ගෝලීය ප්‍රති­ශ­තයේ සාමාන්‍ය ඉහළ නැංවී­මට රජය සහ­යෝ­ගය දක්වන බව අග­මැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

හම්බ­න්තොට මාගම් රුහු­ණු­පුර ජාත්‍ය­න්තර සම්මේ­ලන මධ්‍ය­ස්ථා­න­යේදී ඉකුත් 20 වැනිදා පැවැති කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­යක සංව­ර්ධන සම්ම­න්ත්‍ර­ණ­යට සහ­භාගි වෙමින් අග­මැ­ති­ව­රයා එසේ කීය.

ජනා­ධි­පති කාර්ය සාධක බළ­කායේ සභා­පති බැසිල් රාජ­පක්ෂ ඉකුත් සතියේ අවස්ථා තුන­කදී අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී සාකච්ඡා තුන­කට සහ­භාගි විය.

උඳු භාවිතා කර ආහාර නිෂ්පා­ද­නය කරන දේශීය උඳු වගාව සඳහා යොමු විය යුතු බව පප­ඩම් හා කුළු­බඩු නිෂ්පා­දන කර්මා­න්ත­ක­රු­වන් සමඟ දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කළ අතර ගෙව­තු­ව­ගාව තුළින් දේශීය කෘෂි කර්මා­න්තය නංවන ආකා­රය පිළි­බ­ඳව බැසිල් රාජ­පක්ෂ මහ­තාගේ සාකච්ඡා පැවැ­ත්විණි.

වර්ත­මාන ජන­මාධ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ උප­න්දි­නය සැප්තැ­ම්බර් 21 වැනි­දාය. එදින උදෑ­ස­නම ඔහුට කතා කළේ අග­මැති මහින්ද රාජ­ප­ක්ෂය. “ඔබට සුභ උපන් දින­යක් මැති­තුමා. ඔබගේ සියලු වැඩ­ක­ට­යුතු සාර්ථක වේවා­කි­යලා මා ප්‍රාර්ථනා කර­නවා.” මෙහිදී අග­මැ­ති­ව­රයා පැව­සීය.

 

කෙහෙ­ළිය උපන් දින­යට පැළ සිටු­වයි

 

උපන් දිනය දා ඇම­ති­ව­රයා කොළ­ඹින් බැහැර විය. ඔහු අනු­රා­ධ­පුර ප්‍රජා නග­රයේ බෞද්ධ වතා­ව­න්වල නිර­ත­වී­මෙන් පසු රුක් රෝපණ වැඩ­ස­ට­හ­නට එක් විය. අන­තු­රුව දාන­මය පිංක­මට ද ඔහු සහ­භාගි විය.

ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රචා­රක ලේකම් ටිල්වින් සිල්වා මහ­තාගේ මෑණි­යන්ගේ දේහයේ අව­සන් කට­යුතු සඳහා බේරු­වල නිවසේ තැන්පත් කර තිබූ අතර ඒ සඳහා දේශ­පා­ල­න­ඥ­යන් රැසක් ද අව­සන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි­යේය.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ ඊට සහ­භාගි වූ අතර එම අව­ස්ථාවේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන, විජිත හේරත්, සුනිල් හඳු­න්නෙත්ති අතර එම නිව­සේදී සුහද කතා­බ­හක් ද ඇති විය.

විපක්ෂ නායක සහ සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස පසු­ගිය සති අන්තය ගත කරනු ලැබුවේ ගාල්ල සහ මාතර දිස්ත්‍රි­ක්ක­ව­ලය.

‘දිනමු’ පිහි­ටු­වීමේ වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව සජිත් ඒ ඒ දිස්ත්‍රි­ක්ක­වල විහා­ර­ස්ථා­න­ව­ලට ගොස් නායක හිමි­වරු හමු­වූයේ පාර්ලි­මේ­න්තුව තුළ විප­ක්ෂයේ කාර්ය­භාර්ය ඉටු­ක­රන ආකා­රය සහ පක්ෂයේ ඉදිරි වැඩ­පි­ළි­වෙළ පිළි­බ­ඳව සාකච්ඡා කිරී­ම­ටය.

 

සජිත් ගාල්ල - මාතර පන්සල්වලට යයි

 

“ඔබ­තුමා පාර්ලි­මේ­න්තු­වේදී විප­ක්ෂයේ කාර්ය භාරය හොඳින් ඉටු කර­නවා. පාර්ලි­මේ­න්තු­වේදී ආණ්ඩුව හිතු­ව­ක්කාරී ආකා­ර­යට කට­යුතු කරන එකට බාධා වෙලා තියෙන්නේ. ඔබ­තු­මන්ලා ශක්ති­මත් විප­ක්ෂ­යක් විදි­යට කෙළින්ම ඉන්න නිසයි” හිමි­ව­රුන් කිහි­ප­දෙ­න­කුම සජිත්ට එසේ ප්‍රකාශ කළහ.

“19 වැනි සංශෝ­ධ­නයේ තියෙන නරක ඉවත් කරලා හොඳ දේවල් ඇතු­ළත් කරන ‘නයි­න්ටීන් ප්ලස්’ ගැන තමයි අපි ඉදි­රි­පත් කරන්නේ අපේ හාමු­දු­රු­වනේ” සජිත් ස්වාමීන් වහ­න්සේලා හමුවේ පැහැ­දිලි කළේය. මේ පිළි­බ­ඳව සිවිල් සමාජ ක්‍රියා­කා­රීන් ද සජිත්ගේ කට­යුතු අගය කර­මින් කතා කර තිබුණි.

මේ අතර 20 වෙනි සංශෝ­ධ­න­යට විරු­ද්ධව ක්‍රියා කරන ආකා­රය පිළි­බ­ඳව සමගි ජන බල­වේ­ගය කොළ­ඹදී මෙන්ම කොළ­ඹින් පිට­තදී සාකච්ඡා කිහි­ප­යක්ම පව­ත්වනු ලැබීය.

“මේක සම්මත කළ­හොත් අදට වඩා මතු පර­ම්ප­රාව අපිට ශාප කරයි. ඒ නිසා මේ දවස පාර්ලි­මේන්තු ඉති­හා­සයේ තීර­ණා­ත්මක දව­සක්” රාජිත සේනා­රත්න කීවේය.

“ආණ්ඩුව යන මේ ඒකා­ධි­පති ගමන වහාම නතර කරන්න ඕන. අපි ඊට එරෙ­හිව සටන් කරන්න ඕන.” මරි­ක්කාර් සඳ­හන් කළේය.

“අපි විස්සට විරු­ද්ධව වෙන්නේ පුද්ගල කේන්ද්‍රීය හේතු­ව­කට නොවෙයි. විස්ස කියන්නේ මේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අව­සන් කරන ව්‍යවස්ථා සංශෝ­ධ­න­යක් නිසා. මේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අගය කරන සියලු දෙනා වෙනු­වෙන් අපි අර­ගල කරමු” සජිත් නාය­ක­ත්වය ගෙන සිය සග­යන්ට කීවේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ලෙස පත්වූ රුවන් විජේ­ව­ර්ධන එම පක්ෂයේ තිබූ සීතල යුද්ධය නිමා කිරී­මට කට­යුතු ක්‍රියා­ත්මක කළේය.

“රුවන් පක්ෂ‍ෙය් සෙසු අය එක්ක කතා කරලා පක්ෂයේ අනා­ග­තය ගැන සැල­සුම් මෙන්ම උප­ක්‍රම පිළි­බ­ඳව වාර්තා­වක් හදලා පක්ෂ­යට ඉදි­රි­පත් කරන්න තීන්දු කරලා තිබෙ­නවා. එම වාර්තාව මට ලැබු­ණම මගේ අද­හස් ද ඇතුළු කරලා කෘත්‍යා­ධි­කාරි මණ්ල­යට ඉදි­රි­පත් කර­නවා. එත­නදි තවත් ප්‍රයෝ­ජ­න­වත් අද­හස් මතු වුව­හොත් ඒවට ඇතුළු කරන්න පුළු­වන්.” යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිංහ ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා සිරි­කො­තේදී පැවැති හමු­ව­කදී කීවේය.

“දැන් රවි, නවීන් වගේ නාය­ක­යන් රුවන්ට විරුද්ධ වූ අය මොන­වගේ තීන්දු­වක් ගනී­විද? ඔවුන් ඔබ­තුමා සමඟ සාකච්ඡා කළේ නැද්ද? මෙහිදී කිහි­ප­දෙ­න­කුම රනි­ල්ගෙන් විමසා සිටි­යේය.

“මට නම් කතා කළේ නෑ. රවි, නවීන් මොනවා කර­යිද කියලා මම දන්නේ නෑ. ඒ අයයි තවත් කණ්ඩා­ය­ම­කුයි එකතු කර­ගෙන ඉදි­රි­යට යන එක දැන් නව නියෝජ්‍ය නාය­කගේ වග­කීම බව රනිල් තම ස්ථාව­රය සඳ­හන් කළේය.

Comments