‘13 සම්පූ­ර්ණ­යෙන් ඉවත් කරන්න මම එකඟ නෑ’ | Page 3 | සිළුමිණ

‘13 සම්පූ­ර්ණ­යෙන් ඉවත් කරන්න මම එකඟ නෑ’

ඔබ­තුමා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හා එහි නාය­ක­ත්වය සමඟ අර්බු­ද­යක් හදා­ගෙන තිබුණා. දැන් එය නිම වෙලාද?

මම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යත් එක්ක කිසිම අර්බු­ද­යක් නෑ. එහි නායක මෛත්‍රී­පාල සිරි­සේන සමඟ පම­ණයි මට අර්බු­ද­යක් තිබුණේ. ඒක තව­මත් නිම වී නෑ. රටට බොරු කියල බලය ලබා ගෙන රට විනාශ කරපු නාය­ක­යෙක් විදි­යට සිරි­සේන පිළි­බ­ඳව මට තිබෙන්නෙ පිළි­කු­ලක්. 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමේ සිට මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය දක්වා ම ඔහු කළ කී දේ පිළි­බ­ඳව ඉවසා ගන්න බැරුව තමයි ඔහුට ගෑවුණ අය­කු­ට­වත් ඡන්ද­යක් දෙන්න එපා කියල මම කීවේ. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් දේශ­පා­ල­නය ආරම්භ කරපු අපිට ඒ පක්ෂය සමඟ ප්‍රශ්න­යක් නෑ. දැන් එහි බොහෝ පිරි­සක් අපිත් එක්ක සුහ­දව කට­යුතු කර­නවා. අතීත අත්දැ­කීම් අනුව අනා­ග­තයේ ඇති විය හැකි තත්ත්ව­යන් ගැන හිත­ලයි මම සිරි­සේන හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සම්බ­න්ධ­යෙන් යම් යම් ප්‍රකාශ සිදු කළේ.

හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යෙක් පාර්ලි­මේ­න්තුවේ සාමාන්‍ය මන්ත්‍රි­ව­ර­යකු වීම ඔබ දකින්නෙ කොහො­මද?

මහින්ද රාජ­ප­ක්ෂ­යන් මේ විදි­ය­ටම පාර්ලි­මේ­න්තු­වට ඇවිල්ලා විප­ක්ෂයේ කාර්ය­භා­රය මැන­වින් සිද්ධ කළා. සිරි­සේන මහ­තා­ටත් දැන් ආණ්ඩු පක්ෂ­යත් සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කරන්න පුළු­වන්. කොන්දේසි නොදා පාවා­දීම් නොකර ඔහු කට­යුතු කරයි කියල අපි විශ්වා­ස­යෙන් බලා­ගෙන ඉන්නවා.

තුනෙන් දෙකේ බල­යක් ඉල්ලා­ගෙන ව්‍යව­ස්ථාවේ 19 වන සංශෝ­ධ­නය වෙනු­වට 20 වැනි සංශෝ­ධ­නය ගෙනෙන්න සූදා­නම් වෙන්නෙ හිටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ පාර්ලි­මේ­න්තු­වට ගෙන එන්න කියන කතාව ඇත්තද?

ඔය කතාව විප­ක්ෂය හදපු අමූ­ලික බොරු­වක්. ඒ අය ජන­තා­වට බොරු කියල 19 වන සංශෝ­ධ­නය ඉවත් කිරීම වළක්වා ගන්නයි ඔවුන් කට­යුතු කරන්නෙ. 19 තිබු­ණොත් ඒ ආණ්ඩුවේ අග­මැති හා ජන­පති අතර ගැටුම් ඇති­වෙන බව මෛත්‍රි, රනිල් ගෙන් ඒ අය දන්නවා. ඒ විදි­යට අර්බු­ද­යක් අපේ ආණ්ඩු­වෙන් හැදෙ­න­වාට ඔවුන් කැම­තියි. 19 තිබ්බත් නැතත් අපේ ආණ්ඩුවේ එහෙම අග­මැති ජන­පති අතර අර්බු­ද­යක් ඇති වෙන්නෙ නෑ. රටේ ජාතික ආර­ක්ෂාව ජනා­ධි­පති යටතේ තිබෙන්න ඕනේ. නමුත් 19 වන සංශෝ­ධ­න­යෙන් ඒක ඉවත් කරලා. එදා යහ­පා­ලන රජයේ ජනා­ධි­පති ව්‍යවස්ථා විරෝ­ධිව අමා­ත්‍යාංශ දෙකක් තබා­ගෙන හිටියා. අපේ ජනා­ධි­පති ව්‍යවස්ථා විරෝ­ධීව කට­යුතු කරන්න සූදා­නම් නෑ. ඒකයි ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය කරන්න හදන්නෙ. ඔබ සඳ­හන් කළ ආකා­ර­යට බැසිල් රාජ­ප­ක්ෂ­යන්ට පාර්ලි­මේන්තු එන්න ජාතික ලැයි­ස්තුවේ මන්ත්‍රි­වරු ඕනෑ කෙනෙක් ඉවත් වෙන්න සූදා­නම්. නමුත් එතුමා තිරය පිටු­පස සිට රාජ්‍ය යාන්ත්‍ර­ණයේ ක්‍රියා­කා­රී­ත්වය හදන්නෙ එතු­මායි. එතුමා කරන ඒ සුවි­ශේෂ කාර්ය අප අගය කරන්න ඕනේ. එතු­මාට පාර්ලි­මේ­න්තු­වට එන්න ඕනේ නම් 19 තිබු­ණත් නැතත් එන්න පුළු­වන්.

ඔබත් බස්නා­හිර පළාත් සභාවේ මහ ඇමැති ලෙස කට­යුතු කළා. දැන් ඔබේ විප­ක්ෂයේ සම­හරු කිය­නවා 13 වන ව්‍යවස්ථා සංශෝ­ධ­නය ඉවත් කරන්න කියලා ඔබත් ඊට එක­ඟද?

මම කියන්නෙ 13 වන සංශෝ­ධ­න­යෙන් ස්ථාපිත කළ පළාත් සභා තියෙන්න ඕනෑ කිය­ලයි. පළාත් සභා සුදු අලි­යෙක් වෙන්න වැඩ කරන්න බැරි මහ ඇමැ­ති­වරු පත්වු­ණොත් විත­රයි. අද­ටත් මට මිනිස්සු කතා කරන්නෙ මහ ඇමැති කියලා. මම ඒ ධුරය දරන කාලයේ තමයි ජන­තා­වට සමී­පව විශාල වැඩක් කරලා තිබෙන්නෙ. සුදු අලි­යෙක් කියන එක මධ්‍යම රජ­ය­ටත් වලං­ගුයි. 2015 - 2019 දක්වා පැවැති යහ­පා­ලන ආණ්ඩු­වත් සුදු අලි­යෙක්. 13 න් නිර්දේ­ශිත රාජ්‍ය පරි­පා­ල­න­යට අදාළ බලය බෙදන්න ඕනේ. දේශ­පා­ල­නි­කව බලය බෙදා හැරී­මට මගේ එක­ඟ­තා­වක් නෑ. ඒ කියන්නේ රාජ්‍ය පාලන බලය නොබෙදා රාජ්‍ය පරි­පා­ලන බලය බෙදන්න ඕනේ. මිනි­ස්සුන් ගේ හැම ප්‍රශ්න­යම කොළඹ එන­වට වඩා ඒ ප්‍රශ්න­ව­ලට ඒ ප්‍රදේ­ශ­ව­ල­දීම විස­ඳුම් ලබා­ගත හැකි ක්‍රම­යක් තිබෙන්න ඕනේ. මේ නිසා 13ට සංශෝ­ධන එකතු කළාට කමක් නෑ. එය සම්පූ­ර්ණ­යෙන් අහෝසි කර­න­වාට මම එකඟ නෑ.

මහ මැති­ව­ර­ණ­යට පෙර බර­ප­තළ අමා­ත්‍යං­ශ­යක වග­කීම් පැවැරී තිබුණ ඔබට මැති­ව­ර­ණ­යෙන් පසුව තටු කපාපු අමා­ත්‍යාං­ශ­යක් ද ලැබුණෙ?

නෑ මට තිබු‍ණ අමා­ත්‍යාං­ශය එහෙ­මම තිබෙ­නවා. සංචා­රක ගුවන් සේවා ආයෝ­ජන පරි­පා­ලන ආදි විෂ­ය­යන්ට අම­ත­රව තවත් විෂ­ය­යක් මට වැඩි­පුර දීලා. අමා­ත්‍යාං­ශයේ නම සංචා­රක කියල කෙටි කරලා තිබු­ණත් මහ මැති­ව­ර­ණ­යට පෙර තිබූ අමා­ත්‍යාං­ශ­ය­ටත් වඩා වැඩි වග­කීම් ඒ නව අමා­ත්‍යාංශ්‍ය යටතේ මට පැව­රිලා. ඩි. වී. චානක මන්ත්‍රි­ව­රයා මගේ රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස පත් කරලා. අප දෙන්නා එක­තුව හොඳින් වැඩ කර­නවා. මැති­ව­ර­ණ­යට පෙරත් මට නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යෙක් හිටියා; කෙහෙ­ළිය රඹු­ක්වැල්ල. එතුමා වෙනු­වට මෙවර චානක පත් කරලා.

රටක ආර්ථි­කයේ විශාල වග­කී­මක් සංචා­රක විෂ­ය­යට පැව­රෙ­නවා. ඒ අනුව ආර්ථි­කය දියුණු කරන්න සංචා­රක කර්මා­න්තයේ ඉදිරි සැල­සුම් මොන­වාද?

පාස්කු ප්‍රහා­ර­යත් කෝවිඩ් වසං­ග­ත­යත් සමඟ සංචා­රක ව්‍යාපා­රය කඩා වැටිලා තිබුණා. රට සාමාන්‍ය තත්ව­යට පත්වූ පසු සංචාර ව්‍යාපා­රය රටට රටේ ආර්ථි­ක­යට ගැළ­පෙන ආකා­ර­යට ක්‍රියා­ත්මක කළ යුතු ආකා­රය වෙන් වෙන්ව හඳු­නා­ගෙන තිබෙ­නවා. ඒ පිළි­බ­ඳව මම අමාත්‍ය මණ්ඩ­ල­යට වාර්තා­වක් ඉදි­රි­පත් කරලා තිබෙ­නවා. ඒ අනුව රටට අහි­ත­කර විදි­යට එක­වර ගුවන් තොටු­ප­ළ­වල් ඇරලා සංචා­රක ව්‍යාපා­රය දියුණු කර­නවා වෙනු­වට විවිධ කාර්ය­ය­න්ගෙන් කාර්ය­යට සංචා­ර­ක­යන් කණ්ඩා­යම් ලෙස ලංකා­වට ගෙන්වා ගන්න අපේක්ෂා කර­නවා. කණ්ඩා­යම් ක්‍රම­යට සංචා­ර­ක­යින් ගෙන්වා ගැනී­මෙන් සෞඛ්‍ය­යට හානි­යක් නොවන ආකා­ර­යට ඔවුන්ව පාල­නය කරන්න පුළු­වන්. නිර­තු­රුව කොවිඩ් කමි­ටුව සමඟ සෞඛ්‍යය බල­ධා­රින් සමඟ සාකච්ඡා කර­මින් ඔවුන්ගේ උප­දෙස් අනුව ක්‍රම ක්‍රම­යෙන් රට සංචා­ර­ක­යින්ට සම්පූ­ර්ණ­යෙන්ම විවෘත කරන්න කට­යුතු කර­නවා.

මීට පෙර පැවැති මැති­ව­ර­ණ­ව­ලදී ඔබ ගම්පහ දිසාවේ පළමු තැනට පත් වුණා. මේ මැති­ව­ර­ණ­යේදී දෙවැනි තැන හිමි වුණේ ඇයි?

මගේ මැති­ව­රණ ව්‍යාපා­රය දියත් කළේ මට ගම්පහ පළමු තැන ගන්න නොවෙයි. ගම්ප­හින් මන්ත්‍රි­වරු 13 දෙනෙකු පත් කර ගන්නයි මම උත්සාහ කළේ. යුද්ධය ජය­ග­ත්තත් කිසිම මැති­ව­ර­ණ­ය­කින් අපට මන්ත්‍රි­වරු 13 දෙනෙකු ගම්ප­හින් පත් කර­ගන්න බැරි වුණා. ගම්ප­හින් ලක්ෂ පහක වැඩි ඡන්ද ගන්න මන්ත්‍රි­වරු 13ක් පත්කර ගන්න හා තුනෙන් දෙකේ බල­යක් සහිත මැති­ව­රණ ජයක් ගන්න තමයි මම මගේ මැති­ව­රණ ව්‍යාපා­රය දියත් කළේ. මම කිසිම වේලා­වක මට මනා­ප­යක් ඉල්ලුවේ නෑ. මගේ කණ්ඩා­යම දින­වන්න කිය­ලයි මම කීවේ. අවස්ථා දෙක­කදි මහ මැති­ව­රණ වලින් ලක්ෂ තුන­කට වඩා පිට පිටම ඡන්ද ලබා ගන්න පුළු­වන් වුණේ මටත් මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­තු­මා­ටත් පම­ණයි. මගේ තැන එකද දෙක ද නොවෙයි. මගේ කණ්ඩා­යමේ වැඩි පිරි­සක් පාර්ලි­මේ­න්තු­වට පැමි­ණීම තමයි මගේ සතුට.

තුනෙන් දෙකේ බල­යක් තිබු­ණත් ආණ්ඩු­වට එක­තුව ඉන්න කණ්ඩා­යම් නොස­තු­ටින්ද? ඔවුන් ගේ නොස­තුට අළු­යට ගිනි­පු­පුරු මෙන් කොයි හෝ මොහො­තක මතු වෙයිද?

නෑ. එහෙම කිසිම දෙයක් නෑ. අපි දැන් එක කණ්ඩා­ය­මක් ලෙස එකට වැඩ කර­ගෙන යනවා. නාලක ගොඩ­හේවා ඇමැ­ති­ව­ර­යත් මට වඩා ඡන්ද ගත්තා. එතු­මත් මට නිර­තු­රුව කතා කරලා එකට වැඩ කර­නවා. සම­හරු ආණ්ඩු­වට පිටින් ඉඳ­ගෙන විවිධ මත­වාද හදන්න උත්සහ කළත් ආණ්ඩුව එක කණ්ඩා­ය­මක් විදි­යට කට­යුතු කර­ගෙන යනවා.

ජනා­ධි­ප­ති­ව­රයා අපේක්ෂා කරන ජනතා කේන්ද්‍රීය ආර්ථි­කය ගොඩ නඟන්න අමාත්‍ය මණ්ඩ­ලයේ සංයු­තිය නිවැ­ර­දියි ප්‍රමා­ණ­වත් කියල ඔබ හිත­න­වාද?

ඔව් අනි­වා­ර්ය­යෙන් ම මේ අමාත්‍ය මණ්ඩ­ලය හරහා මෙරටේ ජනතා කේන්ද්‍රීය ආර්ථි­ක­ය­කට ශක්ති­මත් අත්ති­වා­ර­මක් දාන්න පුළු­වන්. අපේ සම්ප­ත්ව­ලින් අපේම දේවල් නිප­ද­වන්න ජන­තාව පෙල­ඹුණේ කොවිඩ් 19 වසං­ග­තය සම­ඟයි. එදා සිරි­මාවෝ මැති­නිය ගේ වගා සංග්‍රා­මය වැනි වැඩ­ස­ට­හන් දිග­ටම ක්‍රියා­ත්මක වුණා නම් අපිට අද මෙහෙම වෙන්නෙ නෑ. කොවිඩ් වසං­ග­තය නිසා ඒ ක්‍රමය යළි රට තුළ ගොඩ නැගුණා. ඒ ගොඩ­නැ­ගුණ ජනතා කේන්ද්‍රීය ආර්ථික වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කරන්න ඊට අවශ්‍ය පහ­සු­කම් හදන්න පුළු­වන් අමාත්‍ය මණ්ඩ­ල­යක් තමයි දැන් හදලා තිබෙන්නෙ. පිට­ර­ටින් ප්ලාස්ටික් ගෙනල්ලා අපේ පරි­ස­රය විනාශ කර­න­වාට වඩා අපේ රටේ මැටි­ව­ලින් හදන පිඟන් කෝප්ප හැලි වළං භාජන අපි ප්‍රයෝ­ජ­න­යට ගන්න පුරුදු වුණොත් අපේ පරි­ස­රය රැකෙ­නවා වාගේම අපේ මැටි කර්මා­න්තය දියුණු ‍වෙනවා. ඒ විදි­ය­ටම බුලත්, කරා­බු­නැටි, කුරුඳු වගා කරන ගොවියෝ දැන් ඉස්ස­රට වඩා 500%ක උන­න්දු­වෙන් තම තමන්ගේ වගා බිම් සකස් කර­නවා.

අලුත් ඇමැ­ති­වරු පත් වුණාට ආය­තන ප්‍රධා­නීන් අලුත් කරලා නෑ. සම්ප්‍ර­දාය නම් ඇමැ­ති­ව­රයා අලුත් වෙන කොට ආය­තන ප්‍රධා­නී­නුත් අලුත් වෙන එකයි. මේක ඔබ කොහො­මද දකින්නෙ?

සම­හර ඇමැ­ති­ව­රුන්ට ඔය කාර­ණය අර්බු­ද­යක් ගැට­ලු­වක් වෙන්න පුළු­වන්. මට නම් එහෙම ගැට­ලු­වක් නෑ. මත­වාද ප්‍රශ්න ඇති වුණත් මම ඇමැ­ති­ව­රයා විදි­යට ඒ ඒ අය ලවා රජයේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරන්න කට­යුතු කර­නවා. ආය­තන ප්‍රධා­නීන් ඇමැ­ති­ව­ර­යාගේ උප­දෙස් හා මඟ පෙන්වීම අනුව රජයේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරන්න ඕනේ. එහෙම වැඩ කරන්න බැරි නම් වැඩ කරන්න බැරි හේතුව ඒ අය කියන්න ඕනේ.

සමගි ජන බල­වේ­ගය පාර්ලි­මේ­න්තුවේ විපක්ෂ කාර්ය­භාර ඉටු කර­නවා. ඒ ගැන සෑහී­ම­කට පත් වෙන්න පුළු­වන්ද?

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේම­දාස පත්ව ඔහුගේ කණ්ඩා­යම සමඟ විප­ක්ෂයේ කාර්ය අවං­කව හොඳින් කරයි කියලා අපිත් බලා­ගෙන ඉන්නවා. නමුත් දැන් එතු­මා­ටත් අභි­යෝග තිබෙ­නවා. තමන්ගේ දේශ­පා­ලන ගම­නට උප­කාරි වූ අයව තල්ලු කරපු පිරි­සක් තමයි සජිත් වටා ඉන්නෙ. කොයි මොහො­තක ‍හෝ සජි­ත්වත් ඔත­නින් එළි­යට දාලා බලය ආක්‍ර­ම­ණය කරන්න ඒ අයට බැරි කමක් නෑ ඒ නිසා සජිත්ට තමන්ගේ තන­තුර බේරා ගෙන කට­යුතු කරන්න මහන්සි ගන්න වෙනවා.

Comments