“ව්‍යාපා­රික ලෝක­යෙන් දිය­ව­න්නාව තර­ණය කළ කරුණා මුද­ලාලි” | Page 3 | සිළුමිණ

“ව්‍යාපා­රික ලෝක­යෙන් දිය­ව­න්නාව තර­ණය කළ කරුණා මුද­ලාලි”

මාමාගෙ කඩේ කැෂි­යර් ලෙස පටන් ගත් ව්‍යාපා­රික ගමන ටික කලෙ­කින්ම දෙස් විදෙස් පතළ වෙයි

මගේ ගම­නට ලොකුම ශක්තිය ලැබුණෙ මගේ නෝන­ගෙන් කරු­ණා­දාස කියයි

මාතර  යනු ව්‍යාපා­රික ලෝක­යට රජ­ද­හ­නකි. දේශ­පා­ල­න­යට හොඳ පොර­පි­ටි­යකි. මෙම අංශ දෙකම  පිළි­බඳ ඈත අතී­තයේ සිටම කතා­බ­හට ලක්වන්නේ ව්‍යාපා­රික ලෝකයේ හා දේශ­පා­ලන  කේෂ්ත්‍රයේ මාත­රින් ආ මිනි­සුන් බොහෝ හප­න්කම් පෙන්වා ඇති නිසාය. පසු­ගි­යදා  අව­සන්වූ පාර්ලි­මේන්තු මහා මැති­ව­ර­ණ­යත් සමග යළි මේ කේෂ්ත්‍ර දෙකම පිළි­බ­ඳව  වැඩි වශ­යෙන් කතා කර­න්නට පට­න්ගෙන ඇත්තේ මැති­ව­ර­ණ­යත් සමග ඇතිවූ මහා වෙන­ස්කම් ද  සම­ඟය. ඒ මෙවර මහ මැති­ව­ර­ණ­යේදී පළ­පු­රුදු ජ්‍යෙෂ්ඨ­යන් රැසක් අබි­බවා දිය­ව­න්නාව  තර­ණය කර­න්නට ව්‍යාපා­රික ලොව ජය­ගත් මාතර මිනි­ස­කුට හැකි­වීම ඊට හේතු­වයි. ඒ  අන් කව­ර­කු­වත් නොව කරුණා සමූහ ව්‍යාපා­රයේ අධි­පති කරු­ණා­දාස කොඩි­තු­ව­ක්කුය.

“මම ව්‍යාපා­රි­ක­යකු වන්නට පෙර අපේ  මාමාගෙ කඩේ කැෂි­යර් විදි­ය­ටයි වැඩ කළේ. මේ ගමන හරිම අමුතු එකක්. කලින්  සැල­සුම් කරපු එකක් නොවෙයි. මේක මගේ දෛවෝ­ප­ගත දෙයක් වන්නට ඇති” කතා­බ­හට  මුල­පු­ර­මින් කරු­ණා­දාස කොඩි­තු­වක්කු කීවේය.

හොර­ගොඩ මධ්‍ය මහා  විද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලැබූ කොඩි­තු­වක්කු පාසල් කාලය හමාර කිරී­මෙන් පසු  කොළ­ඹට පැමිණ ඇත්තේ ඇතු­ළු­කෝට්ටේ තිබූ ජනතා ස්ටෝර්ස් නම් තම මාමාගේ කඩේ  වැඩ­ක­ර­න්නට ය. ටික කාල­යක් එහි වැඩ­ක­රණ කොඩි­තු­වක්කු  මාමා යටතේ තිබූ කොළඹ  වරායේ ආපන ශාලාවේ වැඩට එක්වන්නේ මුදල් අය­කැමි විදි­යට ය. ඒ වයස දහ අටේදී ය.  හැඩ­කාර, දඟ­කා­ර­ය­කුවූ කොඩි­තු­වක්කු, මාමා සමඟ ඇති­ක­ර­ගත් නොහොඳ නෝක්කා­ඩු­වක්  නිසා නැවත ගමේ එන්නට තීර­ණය කරන්නේ කොළඹ ජීවි­තය අව­සන් කර­මිනි. එහෙත් එකට  අධ්‍යා­ප­නය ලැබූ ප්‍රේම­සිරි නම් යාළුවා යෝජනා කරන්නේ ගමේ නොගොස් කොළඹ සිට  කුඩා ව්‍යාපාර කට­යු­තු­තක් අර­ඹමු කියාය. ඒ කොඩි­තු­වක්කු ගේ හැර­වුම්  ලක්ෂ­යයි.

“මම මාමගෙ කඩෙන් අයි­න්වෙලා ප්‍රේම­සි­රිගෙ යෝජ­නාව මත බිස්නස්  එකක් පට­න්ගත්තා. ඒ 1981 දී. පාසල් උප­ක­රණ තමයි අපි විකු­ණුවේ. ඒක සාර්ථක වුණා.  පසුව අපි සීසන් බිස්නස් වල­ටත් යොමු­වුණා. ජන­වා­රියේ පාසල් උප­ක­රණ, අවු­රුදු  කාල­යට රෙදි, නත්ත­ලට ඊට අවශ්‍ය දේවල්. ඒ වැඩේ බොහොම සාර්ථක වුණා. පසුව අපි  තට්ටු බිස්නස් පටන් ගත්තා. තැන තැන තට්ටු­වල බඩු දමා විකු­ණන එක. ඒකත් දිනෙන්  දිනම සාර්ථක වන විට මගේම කියා කඩ­කා­ම­ර­යක් ගත්තා. ඒ කොළඹ ඕල්කට් මාවතේ දෙසිය  තිස්ප­හෙන් පහ අංකය දරණ කඩය. එය අපි භාවිත කළේ විකු­ණන්න ගන්න බඩු ටික  ගබ­ඩා­කර තබා­ග­න්නයි. පසුව පිට­කො­ටුවේ තට්ටු කීප­යක් පට­න්ගත්තා. ඒ හැම  උත්සා­හ­යක්ම සාර්ථක වුණා” කරු­ණා­දාස කොඩි­තු­ව­කක්කු තම ආර­ම්භය සතු­ටින්  විස්තර කළේය.

මෙලෙස දිනෙන් දින ව්‍යාපාර කට­යුතු දියු­ණු­වක් ලබ­මින් වසර  දෙකක් ගත­වෙද්දී කොඩි­තු­වක්කු මහ­තාගේ අතෙහි ද යහ­මින් මුදල් ගැව­සෙ­මින් තිබුනේ  ඉති­රි­ක­ර­න්නට ද ඔහු තුළ තිබූ සහජ හැකි­යාව ද සම­ගය. 1983 දී ඔහු තව ආයෝ­ජ­න­යක්  කරා ගමන් කළේ තම ව්‍යාපා­රික කට­යුතු පුළුල් කර­මිනි. ඒ තවත් කඩ කාමර පහක් මිලදී  ගනි­මිනි. ටී ෂර්ට්, යට ඇඳුම්, සරොම්,  කමීස ඒවායේ අළෙ­විය සඳහා එක්ක­ළේය. ඒ  අතර තට්ටු බිස්නස් එක ද නොන­ව­ත්වාම පව­ත්වා­ගෙන ගියේ ඉන් වැඩි ලාබ ලැබෙනා  නිසාය. ඒ අතර 1985 දී කොඩි­තු­වක්කු තම ව්‍යාපා­රය තවත් පුළුල් කරන්නේ ය. ඒ  මෙතෙක් අන් අය­ගෙන් මිලට ගෙන අළෙවි කළ කමීස වෙනු­වට තමන්ම එය නිප­දවා  වෙළෙ­ඳ­පො­ළට යොමු කිරී­මෙනි.

“ අපි අසූ පහේදී අපේම කියා කමීස මසා වෙළ­ඳ­පො­ළට  දාන්න පටන් ගත්තා. ඉන් වෙන­දාට වඩා හොඳ ආදා­ය­මක් ලැබුණු නිසා අපි එය තවත්  වර්ධ­නය කළා. බොහොම සාර්ථක කඩ තුනක් ඒ නිෂ්පා­දන අළෙ­විය සඳහා යොදා ගත්තා. ඒ  හැම උත්සා­හ­යක්ම ඉතාම සාර්ථක වුණා”

මෙලෙස දිනෙන් දින දියු­ණුව කරා  ගම­න්ක­ර­මින් සිටි කොඩි­තු­වක්කු වස­රින් වසර තම ව්‍යාපා­රය පුළුල් කර­මින්  නව අංග එක්ක­ර­මින් සිටියේ තරුණ තරු­ණි­යන් රැස­කට රැකියා වරම් ද ලබා­දෙ­මිනි. ඒ  අතර සුම­දුර ප්‍රේම­යක ප්‍රති­ඵල මත කොඩි­තු­වක්කු විවාහ දිවි­යට එක්වන්නේ  ගමේම රූමත් තරු­ණි­ය­කවූ අංහං­ගම විතා­නගේ කළ්‍යාණි සම­ඟයි. ඒ 1988 වස­රේදී  ය. එතැන් සිට තම ව්‍යාපා­රික දිවිය වඩාත් ශක්ති­මත් වීම කොඩි­තු­ව­ක්කුට  ඉහළ සතු­ටක් ගෙන දුන් අව­ස්ථා­වක් විය.

“මගේ ගම­නට ලොකුම ශක්තිය ලැබුණෙ මගේ  නෝන­ගෙන්. එයා උපා­ධිය දක්වා අධ්‍යා­ප­නය ලබා සිටි­යත් රැකි­යා­වක් සඳහා නොගොස්  හොඳ බිරි­ඳක් වුණා. ඒ නිසාම මගේ ගමන ගොඩාක් හොඳට ඉදි­රි­ය­ටම ගමන් කළා. ඇය මට  හොඳ බිරි­ඳක් වගේම හොඳ ගෘහ­ණි­යක්, හොඳ මවක් ද වුණා. ව්‍යාපා­රි­ක­යකු වශ­යෙන් අද  මම ලබන ලොකුම සතුට වෙන මගේ දරු­වන් පස්දෙනා රටට ලෝක­යට ගැළ­පෙන හා බරක් නොවන  විදි­යට ඇය හැදුවා. මගේ කාර්ය­බ­හු­ල­ත්වය තුළ කිසි­සේත් දරු­වන්ට අඩු­වක් පීඩ­න­යක්  ඇති­වෙන්න ඇය ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ ශක්තිය නම් මට වච­න­යෙන් කියන්න තරම්  අමා­රුයි. ඒ තරම්ම වටි­නවා. ඇය හැබෑම අම්මා කෙනෙක්; බිරි­ඳක්”.

“මම එකම දේ කර­මින් දිග­ටම කට­යුතු කළේ නෑ; ව්‍යාපා­ර­යට  නව අංග එකතු කළා. අලුත් වෙළෙ­ඳ­සැල් ඇර­ඹුවා. ආන­ය­නට හා අප­න­ය­න­යට යොමු වුණා; තොග  වෙළ­ඳාම කළා. ඒ හැම එක­කින්ම ඉදි­රි­යක් ලැබුණා මිස පසු­ප­සට යාමක් සිදු­වුණේ නෑ.  අද මම ආ ගමන ගැන මම ඉතාම තෘප්ති­මත්” කොඩි­තු­වක්කු එසේ පව­සන්නේ තෘප්ති­යෙනි.

ගමෙන්  පැමිණ මෙරට ව්‍යාපා­රික ලෝකය ජය­ගත් අයගේ දූ දරු­වන් මුදල් මත යැපෙ­මින්  අධ්‍යා­ප­න­යට දෙවැනි තැන දෙමින් ශක්ති­මත් දෙවැනි පර­ම්ප­රා­වක් වෙනු­වට පියා  ගොඩ­නැගූ මහා සම්පත් නිසි කළ­ම­නා­ක­ර­ණ­ය­කින් තොරව හුදු විනො­දා­ස්වා­දය වෙනු­වෙන්ම  යොද­ව­මින් ඉදි­රි­යක් නොදැක කට­යුතු කර පියා­ගෙන් පසු ව්‍යාපර කඩා­වැ­ටුණු අවස්ථා  අප කොතෙ­කුත් අසා ඇතත් කරුණා කොඩි­තු­වක්තු එම තත්ත්වය වෙනස්  කර ඇත්තේ තම ආද­ර­ණීය බිරි­ඳගේ කැප­වීම ලබා ගනි­මිනි. ඒ නිසාම කොඩි­තු­ව­ක්කුගේ දිය­ණි­යන් දෙදෙනා හා එක් පුතකු වෛද්‍ය­ව­රුන් වෙද්දී තවත් පුතකු  ඉංජි­නේ­රු­වකු වූයේ ය. බාල පුතු උසස් පෙළ ඉහ­ළින්ම සමත්ව විශ්ව­වි­ද්‍යා­ලයේ  ඉංජි­නේරු පීඨ­ය­කට ඇතු­ළත් වීමේ සූදා­න­මින් සිටින්නේ ය.

“මගේ දරුවො ව්‍යාපාර  සඳහා යොද­වා­ග­න්නවා වෙනු­වට ඒ අයට හොඳට ඉගැ­න්වූවා. දූල දෙන්න ගියේ සිරි­මාවෝ  බණ්ඩා­ර­නා­යක විද්‍යා­ල­යට. පුතාල තුන්දෙ­නාම රාජ­කීය විද්‍යා­ල­යට. මම ව්‍යාපා­රික  ලෝකය ජය­ගන්නා විට මගේ නෝනා ගෙද­රත් දරු­වන්ගේ අනා­ග­ත­යත් හොඳට ගොඩ­නැ­ගුවා. මට  අමු­තු­වෙන් ඒ ගැන බලන්න වෙහෙ­ස­වෙන්න අවශ්‍ය වුණේ නෑ. ගමෙන් ආපු මම අද කොළඹ  නග­රයේ ඉන්නේ බොහොම සතු­ටින්” කරු­ණා­දාස කොඩි­තු­වක්කු ආඩ­ම්බ­ර­යෙන් පව­සන්නේ  ය.

ව්‍යාපා­රික ලෝකය ජය­ගත් කරුණා කොඩි­තු­වක්කු මහතා 1980 සිට වාමාං­ශික  දේශ­පා­නයේ යෙදෙන්නේ තරුණ හැඟීම් ද සම­ගය. ජන­තා­වාදී මත­යක සිට කට­යුතු කළ ද තම  ව්‍යාපා­රික අර­මුණ සඵ­ල­කර ගැනීම විනා ක්‍රියා­කාරී දේශ­පා­ල­නයේ යෙදීමේ අද­හ­සක්  කරු­ණා­දාස කොඩි­තු­වක්කු මහ­තාට තිබුණේ ද නැත. එහෙත් 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී  මහින්ද රාජ­පක්ෂ මහතා පරා­ජ­යට පත්වී­මත් සමග එතුමා සමග සිටි පිරිස් වාසි  අපේ­ක්ෂා­වෙන් යහ­පා­ල­න­යට එක්වද්දී දිය­ත්කෙ­රුණ මහින්ද කඳ­වරු ශක්ති­මත් කිරීමේ  මහා මෙහෙ­යුමේ එක් අදි­ය­රක් ලෙස කරු­ණා­දාස කොඩි­තු­වක්කු මහතා ක්‍රියා­කාරී  දේශ­පා­ල­න­යට පිවි­සෙන්නේ ය. ඒ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුන බිහි­වී­මත් සම­ගය.

“මහින්ද  රාජ­පක්ෂ මැති­තුමා අත­හැර මාතර අපේ කණ්ඩා­ය­මක් ගියාට පසු ආසන සංවි­ධා­ය­ක­ව­රුන්ගේ  ප්‍රශ්න­යක් ඇති­වුනා. එත­කොට තමයි ඩලස් අල­හ­ප්පෙ­රුම හා කංචන විජේ­සේ­කර  මහ­ත්ව­රුන් මා සමග කතා­කර ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අකු­රැස්ස ආසන  සංවි­ධා­ය­ක­ව­රයා ලෙස පත්වුනේ. ඒ එක්කම ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තු­මාගේ ආග­ම­න­යත් එක්ක  මම තීර­ණය කළා රට හා ජන­තාව වෙනු­වෙන් වැඩක් කරන්න ක්‍රියා­කා­රීව දේශ­පා­ල­න­යට  එන්න” කොඩි­තු­වක්කු මහතා දේශ­පා­ලන ගම­න්මගේ ආර­ම්භය එලෙස කීවේය.

සක්‍රීය  දේශ­පා­ල­න­යට පිවිසි කරු­ණා­දාස කොඩි­තු­වක්කු මහතා ඉලක්ක මත වැඩ­කර වෙළඳ ලෝකය  ජය­ගත් ආකා­ර­යෙන්ම සිය දේශ­පා­ල­නික ගමන ද ආරම්භ කළේ අර­මු­ණු­ගත වැඩ­පි­ළි­ලෙක් සම­ගය.

“මගේ  ව්‍යාපා­රික ගමනේ බැංකු ණය නෑ. ඕඩී නෑ. අපි මහ­න්සි­වෙලා උප­යා­ගත් මද­ලින් තමයි  සියලු ව්‍යාපාර ගොඩ­නැං­වූයේ. මම ආසන සංවි­ධා­ය­කවු දින පටන් සැල­සු­ම­කට අනුව  වැඩ­කළා. ව්‍යාපා­රි­ක­යකු වශ­යෙන් ලබා­ගත් දැණුම අත්දැ­කීම් ඒ සද­හාත් යොදා­ගත්තා.  ජනතා අව­ශ්‍යතා අපේ මට්ට­මෙන් ඉටු­කළා. ඩලස් අල­හ­ප්පෙ­රුම හා කංචන විජේ­සේ­කර  මහ­ත්වරු මට දිග­ටම උද­ව්කළා” 

කරු­ණා­දාස කොඩි­තු­වක්කු මහතා සක්‍රීය  දේශ­පා­ල­න­යට එලෙස යොමු­වු­වත් වැඩි­ක­ලක් යන්නට පෙර පාර්ලි­මෙන්තු මැති­ව­ර­ණ­යට  මහු­ණ­දී­මට සිදු­වූයේ දේශ­පා­ලන පොර­පි­ටියේ සට­ක­ප­ට­කම්, නූල් සූත්තර, උප්ප­ර­වැට්ටි  ආදී කිසි­වක් පිළ­බඳ ප්‍රායෝ­ගික අත්දැ­කීම් ලබ­න්න­ටත් පෙරය. එහෙත් ඔහු එයට  සාර්ථ­කව මුහු­ණ­දුන්නේ ය. ඒ තනි­ව­මය. එහෙත් මහ මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල මත කරු­ණා­දාස  කොඩි­තු­වක්කු මහතා මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු ජය­ග්‍රාහී ලැයි­ස්තුවේ දෙවැන්නා බවට පත්ව සිටියේ මනාප එක්ලක්ෂ දාහ­ත­ර­ද­හස් තුන්සිය  දහ­න­ව­යක් ලබා­ග­නි­මිනි. මෙරට මැති­ව­ර­ණ­ය­කට ප්‍රථ­ම­ව­රට මුහු­ණ­දුන් අයෙකු ලෙස එලෙස  ලැබූ ජය­ග්‍ර­හ­ණය අද වන විට දැඩි කතා­බ­හ­කට ලක්ව ඇත්තේය. ඒ දේශා­පා­ලන පොර­පි­ටියේ  බොහෝ හරඹ පෑ ජ්‍යෙෂ්ඨ­යන් අභි­බවා නව­ක­යකු ලෙස ලබා­ගත් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණය  නිසාය.

“මගේ ජය­ග්‍ර­හ­ණය ගැන විප­ක්ෂය එක එක කතා කියයි. ඒත් මම ජය­ග්‍ර­හ­ණය  කළේ මට කරන්න පුළු­වන් දේ ජන­තා­වට කියලා. එය ලිය­ලත් දුන්නා. මන්ත්‍රී­ව­ර­යෙකු  ලෙස මටත් මගේ කාර්ය­ම­ණ්ඩ­ල­ය­ටත් ආණ්ඩු­වෙන් දෙන දීමනා පෞද්ග­ලික පරි­හ­ර­ණ­යට නොගෙන  ජනතා අව­ශ්‍යතා වෙනු­වෙන් යොද­ව­නවා. මම ඒ ගැන ජන­තා­වට ලිඛිත පොරො­න්දු­වක් ලෙසත්  දුන්නා. ජන­තාව එය පිළි­ගෙන මට මනා­පය ලබා දුන්නා. ජන­තාව මා කෙරෙහි තැබූ  විශ්වා­සය කඩ නොකර ජන­තා­වගේ අව­ශ්‍යතා ඉටු­කි­රීම වෙනු­වෙන් කැප­වෙ­නවා” කරු­ණා­දාස  කොඩි­තු­වක්කු තම අර­මුණු හා අපේක්ෂා එලෙස සෘජු ලෙස පැව­සු­වේය.

Comments