‘රාජ්‍ය මාධ්‍ය සමබරව වගකීම ඉටුකළ යුතුයි’ | Page 2 | සිළුමිණ

‘රාජ්‍ය මාධ්‍ය සමබරව වගකීම ඉටුකළ යුතුයි’

මෙවර මැති­ව­රණ ප්‍රති­ඵල ගැන මොන­වද හිතන්නෙ?

ඇත්ත­ටම මේ මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල දිහා බැලු­වම ඉතාම මැන­වින් පැහැ­දිලි වෙන කාර­ණය තමයි 2015 දී ජන­තා­වට වැර­දුණ තැන හදා ගන්න ජන­තාව අධි­ෂ්ඨා­න­ශී­ලීව කට­යුතු කරල තිබෙ­නවා කියන කාර­ණය. 2015 වැර­දුණ තැන හදන්න 2018 දී පළාත් පාලන මැති­ව­ර­ණ­යේ­දීත් 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ­දීත් ජන­තාව පො‍ෙහා­ට්ටුව දින­වලා තියෙ­නවා. නමුත් ජන­තාව අව­බෝ­ධ­යෙන් ඉදලා තිබෙ­නවා, ඒ වැරැද්ද හරි­ය­ටම හදා ගන්න පුළු­වන් මහ මැති­ව­ර­ණ­යෙන් කියලා. ඒකයි මුළු රටම එක පොදි­යට පොහො­ට්ටු­වට ඡන්දය දීලා තුනෙන් දෙකේ බල­යක් හදා ගන්න සහය දීලා තියෙන්නෙ.

තුනෙන් දෙකේ බලය අනර්ථ­කා­රියි කියල හිතෙන්නෙ නැද්ද?

අපේ රටේ දේශ­පා­ලන ඉති­හා­සය කිය­වන කොට හොඳට පෙනෙ­නවා බලය අයුතු ලෙස භාවිතා කරල තියෙන්නෙ කවුද කියල. මේ රටට ආද­රය කරන සමා­ජ­වාදී කඳ­වුර නියෝ­ජ­නය කරන රාජ­ප­ක්ෂ­වරු කව­දා­වත් තමන්ට ලැබුණ බල­යක් රටට හෝ ජන­තා­වට හානි කර ලෙස පාවිච්චි කරල නෑ. එහෙම බල­යක් ලැබුණ හැම අව­ස්ථා­වක්ම යොදා­ගෙන තිබෙන්නෙ රටට ජන­තා­වට හානි කර දේවල් ඉවත් කරන්න පම­ණයි. තිස් වස­රක යුද්ධය නිමා කිරීම ඒකට දෙන්න පුළු­වන් හොඳම උදා­හ­ර­ණ­යයි. මහින්ද රාජ­පක්ෂ විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යාට පෙරත් විධා­යක ජනා­ධි­ප­ති­වරු හිටි­යානේ. නමුත් ඒ අයට යුද්ධය ඉවර කරන්න බැරි වුණානේ. එදා යුද්ධය ඉවර කරල රටට නිද­හස ලබා දුන් මේ රාජ­ප­ක්ෂ­වරු බලය යොදා ගෙන රටට ජන­තා­වට වින කරන්නෙ නෑ කියල ජන­තාව දන්න නිසා තමයි මෙව­රත් බලය දීල තියෙන්නෙ.

අලුත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩ­ලයේ සංයු­තිය පිළි­බ­ඳව ඔබ මොන­වද හිතන්නේ?

රටේ සම්පත් විනාශ කරල අපි රට බාර ගන්න කොට භාණ්ඩා­ගා­රය හිස්. ඒක­ටම කොවිඩ් 19 වසං­ග­තය ඇවිල්ලා ආර්ථි­කය තවත් පහ­ළට කඩා වැටුණා. එහෙම පසු බිමක අමාත්‍ය මණ්ඩ­ලය පත් කරන කොට මීට වඩා වික්‍ර­ම­යක් කරන්න බෑ. මම හිතන්නේ මෙතෙක් බිහි වූ ආණ්ඩු­වල හොඳම කැබි­නට් මණ්ඩ­ලය මේක කිය­ලයි. දේශීය චින්ත­නය ගොඩ­නැ­ඟිය හැකි ආකා­ර­යට ඒ ඒ විෂ­ය­යන් ඉතාම නිවැ­රැ­දිව විද්‍යා­නු­කූල පද­න­ම­කින් බෙදා දී තිබෙ­නවා. මේ අමා­ත්‍ය­වරු හා රාජ්‍ය අමා­ත්‍ය­වරු මඟින් "සෞභා­ග්‍යයේ දැක්ම" ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ අඩංගු කරුණු කඩි­න­මින් ක්‍රියා­ත්මක කරල ජන­තා­වට සහන දෙන්න තමයි ජනා­ධි­පති ගේ අපේ­ක්ෂාව වී තිබෙන්නේ.

* මේ රජය බල­යට පත් කර ගන්න දර­දිය ඇදපු සම­හර අයට ඇමති තන­තුරු නොලැ­බීම පිළි­බ­ඳ­වත් විවි­ධා­කා­ර­යෙන් කතා­න්දර පැති­රෙ­මින් යනවා නේද?

එවැනි කතා­න්දර පැති­රෙන එක වළ­ක්වන්න බෑ. ඔබම කල්පනා කරල බලන්න මේ රජය පත් කර ගන්න දර දිය ඇදපු කණ්ඩා­යම් තුනක් ඉන්නවා. එක් කණ්ඩා­ය­මක් තමයි 2015 ඉඳල යහ­පා­ලන ආණ්ඩු­වට එරෙ­හිව මහින්ද සුළඟ ආරම්භ කරලා ඒකා­බද්ධ විප­ක්ෂය ලෙස කට­යුතු කරපු කණ්ඩා­යම. අනෙක් කණ්ඩා­යම 2015 ඉඳලා ජනා­ධි­ප­ති­ව­රයා සමඟ වියත් මඟ හදා ගෙන රට­වටා ගොස් ජන­තාව දැනු­ම්වත් කරන ගමන් සැල­සුම් හා ක්‍රම සම්පා­දන කළ කණ්ඩා­යම. ඊට අම­ත­රව විවිධ සංවි­ධාන හදා ගෙන පළාත් පාලන මැති­ව­ර­ණයේ ඉඳලා මේ මහ මැති­ව­ර­ණය දක්වා විවිධ කැප කිරීම් කර­මින් ජය­ග්‍ර­හ­ණය උදෙසා කට­යුතු කළ කණ්ඩා­යම. මේ කණ්ඩා­යම් තුනේම අය පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන්න ජන­ව­ර­මක් ලබා ගෙන ඉන්නවා. ඉතින් ඒ හැමෝම එක වගේ වැද­ගත්. එහෙම වුණත් රටේ ආර්ථි­කය, ව්‍යව­ස්ථාවේ සීමා මේ ආදි කරු­ණුත් එක්ක හැම දිස්ත්‍රි­ක්ක­ය­ක­ටම සාධා­ර­ණව තමයි ඇමති මණ්ඩ­ලය පත් කරල තිබෙන්නෙ. අපි වුණත් කල්පනා කර­නවා, මේකට වැඩිය හොඳ වැඩක් කරන්න පුළු­වන් අමා­ත්‍යාං­ශ­යක් ලැබුණා නම් හොඳයි කියලා. නමුත් මේ වේලාවේ ඒවා ගැන කල්පනා කරල අර්බුද හදා නොගෙන අපි හැමෝම එකතු වෙලා ⁣ජන­තාව අපිට ලබා ඇති අව­ස්ථාව ප්‍රයෝ­ජ­න­යට අර ගෙන රට වැටී තිබෙන තත්ත්ව­යෙන් ගොඩ ගන්න ඕනෑ.

රාජ­පක්ෂ පවු­ලට ඇමති තන­තුරු බෙදා ගත්තා වැඩියි කිය­ලත් චෝදනා එල්ල වෙනවා නේද?

රාජ­ප­ක්ෂ­වරු එදා ජන­තාව වෙනු­වෙන් හිර­බත් කමින් අධි­ක­ර­ණ­වල පෝලිම් ගස්වලා තියෙන කොට ඒ අසා­ධා­ර­ණය නොදැක්ක අය අද රාජ­ප­ක්ෂ­වරු ඇම­ති­කම් වැඩි­පුර ගන්නවා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. රාජ­ප­ක්ෂ­වරු අම­ති­කම් ගත්තේ ගෙදර නිදා ගෙන ඉදල ඇවිල්ලා නොවෙයි. අනෙක සාම්ප්‍ර­දා­යි­කව ආර­ක්ෂක, මුදල් වැනි විෂ­ය­යන් රාජ්‍ය නාය­ක­යන් අත තබා ගැනීම අපේ පාර්ලි­මේන්තු ඉති­හා­සය පුරා­වට දක්නට ලැබෙන දෙයක්. බුද්ධ ශාසන අමාත්‍ය ධුරය අග­මැ­ති­ව­රයා දැරිය යුතුයි කියල මහ සංඝ­ර­ත්න­යම ඉල්ලීම් කරල තිබෙ­නවා. ඒ හැර වෙන මොන­වද කියන්න තියෙන්නෙ. රාජ­පක්ෂ පවුලේ පස් දෙනෙක් ජන­තාව ඉහළ මනාප දීල පත් කරල එවල තියෙන්නෙ වග­කීම් අර ගෙන කට­යුතු කර­න්නයි. ඒක ගැන කවුරු හරි චෝදනා කරන්නේ දේශ­පා­ලන ඊර්ෂ්‍යා­ව­කින් කිය­ලයි මම හිතන්නේ.

ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය ඔබට අලුත් තැනක් නොවෙයි. මෙව­රත් ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය ලැබීම ගැන මොන­වද හිතන්නේ?

එක පැත්ත­කින් මම සතුටු වෙනවා මේ අමා­ත්‍යාං­ශය මට නැවත ලැබීම ගැන. මොකද මේ ක්ෂේත්‍රයේ හැමෝම වාගේ මම දන්න අඳු­නන මගෙ මිත්‍රයෝ. අනෙක මේකේ මට ඉක්ම­නින් වැඩ කරන්න පටන් ගන්න පුළු­වන්. මම හිතන්නේ සෞභා­ග්‍යය දැක්ම ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන්න ජන­මාධ්‍ය හරහා විශාල දෙයක් කරන්න පුළු­වන් කිය­ලයි. මාධ්‍ය සද­ාචා­ර­යට අලුත් පනක් දීල තරුණ තරු­ණි­යන්ට මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න තියෙන ඉඩ­කඩ වැඩි කර­නවා වගේම ඔවුන්ට මෙය ආක­ර්ෂ­ණීය තැනක් බවට පත් කරන්න ඕනෑ. ඒ වාගේම මාධ්‍ය­වේ­දීන්ගේ වෘත්තී­ය­භා­වය හා වෘත්තීය ගරු­ත්වය ඇති කර­න්නත් අපිට බොහෝ දේවල් කරන්න තියෙ­නවා. මම බලා පොරොත්තු වෙනවා ඒ ඒ ක්ෂේත්‍ර­වල තිබෙන ගැටලු වෙනම ඒ ඒ අයත් එක්ක කතා කරල ඒවාට විස­ඳුම් හොයා ගන්න.

හැම­දාම ආණ්ඩු­ව­ලට එල්ල වෙන චෝද­නා­වක් තමයි රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ හොරණෑ බවට පත් කර ගන්නවා කියන එක. ඒ ගැන ඔබට යමක් කියන්න පුළු­වන්ද?

ඇත්ත­ටම අපේ ආණ්ඩු මාධ්‍ය ආය­ත­න­ව­ලට බල­පෑම් කරල ඒවා රජයේ හොරණෑ කර ගන්න කට­යුතු කර­නවා කියල මම පිළි­ගන්නෙ නෑ. ඒ ඒ ආය­තන වල ඉන්න අයම තමයි ආණ්ඩුව වර්ණනා කරන්න පටන් ගෙන ස්වාධීන මාධ්‍ය භාවි­තාව නැති කර ගෙන තිබෙන්නෙ. මම හිත්නෙ ඒ තත්ත්වය වෙනස් වෙන්න ඕනෑ.මාධ්‍ය ආණ්ඩුවේ වුණත්, පෞද්ග­ලික වුණත් ඔවුන් තමන්ට පැවරී ඇති වග­කීම තර­ග­කා­රිව ඉටු කරන්න ඕනෑ. මම බලා­පො­රෝත්තු වෙනවා රාජ්‍ය මාධ්‍ය තමන් ගේ වග­කීම හරි­යට අව­බෝධ කර ගෙන ඒ දේ ක්‍රියා­ත්මක කරයි කියල. එහෙම සම­බර සත්‍ය තොර­තුරු නැවුම්ව ජන­තාව අත­රට ගෙන යන්න රජයේ මාධ්‍ය අපො­හො­සත් වුණොත් ජන­තාව ඒ මාධ්‍ය ප්‍රති­ක්ෂේප කර­නවා. එහෙම වුණාම ඒ ආය­තන පවත්වා ගෙන යන්න අමා­රුයි. ඒකෙන් වෙන්නෙ තමන් ගේ ගෙල තමන්ම සිර කර ගැනී­මක් වගේ වැඩක්. ඒ නිසා රජයේ මාධ්‍ය ආය­ත­න­වල සේවය කරන අය තේරුම් ගන්න ඕනෑ තමන් ගේ සේවය ජන­තාව වෙනු­වෙන් අවං­කව හා නිවැ­ර­දිව ලබා දෙන්න. සම­හර අය තමන් ගන්න වැටු­පට සරි­ලන සේවා­වක් ලබා නොදෙන බව­ටත් පැමි­ණිලි තිබෙ­නවා. ඒවැනි අය මෙවැනි ආය­ත­න­වල දේශ­පා­ලන බලය පෙන්වා ගෙන ජනතා මුදල් නාස්ති කරන්න ඉඩ දෙන්න බෑ. දක්ෂයෝ නික­මුන් වෙලා. මේ තත්ත්වය රාජ්‍ය මාධ්‍ය ආය­ත­න­වල වෙනස් කරන්න ඕනෑ. එහෙම වෙනස් වෙන්න බැරි අයට වෙන තැන් හොයා ගෙන යන්න ඉඩ හදලා දෙන්න ඕන. එහෙම දැඩි තීන්දු නැතිව මේ ආය­තන හදා ගන්න බෑ.

සමාජ මාධ්‍ය අද ජන­ප්‍රිය මාධ්‍ය කලා­වක් බවට පත්ව තිබෙ­නවා.හැබැයි මේ හරහා සමා­ජ­යට අහි­ත­කර බල­පෑම් එල්ල­වන බව­ටත් චෝදනා තිබෙ­නවා.මේ ගැන ඔබ මොන­වද හිතන්නෙ?

මම මුලින් කීවේ ඒක තමයි. මාධ්‍ය සදා­චා­ර­යට අලුත් මුහු­ණු­ව­රක් දෙන්න ඕනෑ. අපි හැම­දාම අහි­ත­ක­රයි කිය­මින් හිටි­යට ඒ ආය­තන හරි පුද්ග­ල­යන් හරි නිවැ­රදි වෙන්නෙ නෑනේ. අපි අපේ රට තුළට ගෙනෙන දේ හෝ රටින් පිට කරන ඕනැම දෙය­කින් රටේ සභ්‍ය­ත්වය සංස්කෘ­තික ගුණාංග රැකෙන්න ඕනෑ. එහෙම නොවු‍ණොත් රට­ටම වෙන්නෙ විප­තක්. සෞභා­ග්‍යය දැක්ම ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන්න සමාජ මාධ්‍ය ජාල­ය­ටත් විශාල මෙහෙ­යක් කරන්න පුළු­වන්. ඊට ඔවුන් යොමු කරවා ගන්න හැකි වැඩ පිළි­වෙ­ළක් අපි හදන්න ඕනේ. මාධ්‍ය තුළින් සිදු­විය යුතු සමාජ ශෝධනය පැත්තක තිබි­යදී අපි ගොසිප් වලට මුල් තැන දීල තිබෙ­නවා නම් ඒකට හේතුව ඔවුන්ට මඟ පෙන්වන්න කෙනෙක් නෑ කියන එකයි. ඒ නිසා අපි ඒ හැමෝ­ටම හොඳ මඟ පෙන්වන්නෝ වෙන්න ඕනේ.

ඔබ කියන්නේ මාධ්‍ය­යට නියා­ම­න­යක් අව­ශ්‍ය­යයි කිය­ලද?

මාධ්‍ය­යට විත­රක් නොවෙයි හැම දේක­ටම නියා­ම­න­යක් තියෙන්න ඕනෑ.හැබැයි ඒ නියා­ම­නය ස්වයං නියා­ම­න­යක් වුනොත් තමයි හොඳ.රටේ ජන­තා­වට හරි මඟ පෙන්වන්න ඉන්න මාධ්‍ය­යට රජ­යෙන් නියා­මන දානවා කියන්නේ ඔවුන් ජන­තා­වට මඟ පෙන්වන්න සුදුසු අය නොවෙයි කියන එකයි. අපි අපේ රජ­යක් යටතේ මාධ්‍ය මර්ද­නය කරන්නේ හෝ මාධ්‍ය මර්ද­න­යට අණ පනත් සම්මත කර ගන්නේ නෑ. මාධ්‍ය­වේ­දීයා රටෙි හත­ර­වන පුර­වැ­සියා විදි­යට සල­ක­නවා කිය­ලනේ කියන්නේ.එහෙම නම් ඔහු දැන ගත යුතුයි තමන් ගේ අභි­මා­නය රැක­ගෙන මාධ්‍ය වෘත්තීය කරන්න.ඒක රජයේ නියා­ම­න­ය­කින් කරන්න පුළු­වන් දෙයක් නොවෙයි. ඒක තම තමන් තුළින්ම හැදෙන්න ඕනේ.

මහ­නු­වර ජන­තාව මැති­ව­රණ කීප­ය­ක­දීම ඔබට විශිෂ්ට ජය­ග්‍ර­හණ ලබා ගන්න සහය ලබා දී තිබෙ­නවා. දැන් ඔබ ඔවුන් වෙනු­වෙන් මොන­වද කරන්න බලා­පො­රොත්තු වෙන්නෙ?

ඇත්ත­ටම මම මුලින්ම මගේ මහ­නු­වර ජන­තා­වට මගේ කෘත­ඥ­තාව පිරි­න­මන්න ඕන. ඔවුන් හැම­දා­මත් මට ළෙන්ග­තුව සහය ලබා දී තිබෙ­නවා. ඔවුන් මට මැති­ව­රණ හය­ක­දීම ලක්ෂ­යට වැඩි­යෙන් ඡන්ද ලබා දී තිබෙ­නවා. ඔබ දන්න­වාද පිට පිටම ඒ විදි­යට ලක්ෂ­යට වැඩි ඡන්ද ලබා ගත් දේශ­පා­ල­න­ඥ­යෙක් විදි­යට මගේ නම දේශ­පා­ලන ඉති­හා­සයේ ලියැ­වෙිවි. මම විශ්වාස කර­නවා සෞභා­ග්‍යය දැක්ම ප්‍රති­පත්ති අනුව අපේ ජන­තා­වට දැනෙන යමක් කරන්න පුළු­වන් කියල. හැබැයි ඒකට ආණ්ඩු­වට යම් කාල­යක් අවශ්‍ය වෙනවා. මොකද මුලින් අපේ රටේ ආර්ථි­කය හදන වැඩ­ව­ලට මුල් තැන දෙන්න ඕනේ. ආණ්ඩුවේ දෙවන වසර පමණ වන විට ජන­තා­වට දැනෙන සංව­ර්ධ­න­යක් අපිට ක්‍රියා­ත්මක කරන්න පුළු­වන් වෙයි. ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය හරහා වුණත් මගේ මහ­නු­වර ජන­තා­වට කරන්න පුළු­වන් දේ මම ඉටු කර­නවා. ඒක මගේ යුතු­ක­මක් වග­කී­මක් කිය­ලයි මම හිතන්නේ.

මහ­නු­වර ලෝක උරුම නග­ර­යක්. ජනා­ධි­ප­ති­ව­ර­යෙක් අග­මැ­ති­ව­ර­යෙක් බිහි කරපු දිස්ත්‍රි­ක්ක­යක්. නමුත් එහි සංව­ර්ධ­නය ඉබි ගමනේ. දෙස් විදෙස් සංචා­ර­ක­යන් විශාල පිරි­සක් එන මහ­නු­වර කව­දාද ලෝක­යට ගැළ­පෙන විදි­යට දියුණු වෙන්නෙ?

ඔබ කියන කාර­ණයේ යම් ඇත්තක් තියෙ­නවා. ඔබත් දන්නවා ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා විදි­යට කට­යුතු කළ කාලයේ මහ­නු­වර නග­රය ලෝක­යට ගැළ­පෙන විදි­යට හදන්න පටන් ගත්තා.යහ­පා­ලන ආණ්ඩුව ඒ සංව­ර්ධන සැල­සුම් හමස් පෙට්ටි­යට දාලා විනාශ කළා. එදා අමා­ත්‍යාංශ ලේකම් අද මෙරටේ ජනා­ධි­පති ධුරය හොබ­වන නිසා අපිට ලොකු විශ්වා­ස­යක් තිබෙ­නවා ඉතාම ඉක්ම­නින් එතුමා ගේ මහ­නු­වර නගර සංව­ර්ධන සැල­සුම් නැවත පටන් ගන්න පුළු­වන් කියල. මෙවර මැති­ව­ර­ණයේ දී අපි අට දෙනෙක් මහ­නු­ව­රින් පාර්ලි­මේ­න්තු­වට පත් කරල එවල තිබෙ­නවා. ඉන් හය දෙනෙ­කු­ටම මේ වන විටත් වග­කීම් පව­රලා තිබෙ­නවා.ඒ නිසා අපි සියලු දෙනාම ජනා­ධි­ප­ති­ව­ර­යාට සහය ලබා දීල මහ­නු­වර ලෝකයේ සංචා­රක අක­ර්ෂ­ණය ඇති දියු­ණුම නග­රය බවට පත් කරන්න උත්සාහ කර­නවා. මහ­නු­වර අධි­වේගී මාර්ගයේ ඉදි­කි­රීම් ද කඩි­නම් කරන්න කියල ජනා­ධි­පතිතුමා උප­දෙස් දීල තියෙ­නවා. මේ මාර්ගයේ කට­යුතු ඉක්ම­නින් නිමා වුණොත් මහ­නු­වර අපි අපේ­ක්ෂිත සංව­ර්ධ­න­යෙන් බාග­යක්ම ඉටු වෙනවා.

ජාතික හා ආග­මික සහ­යෝ­ගි­තාව දෙද­රුම් කෑමට ලක්වන්නේ මාධ්‍ය නිසා බවට චෝදනා එල්ල වෙනවා. මේ සම්බ­න්ධ­යෙන් ඔබේ අව­ධා­නය යොමු වී තිබෙ­න­වාද?

මම මුලි­නුත් සඳ­හන් කළ ආකා­ර­යට සමාජ ප්‍රග­ම­නය වෙනු­වෙන් මාධ්‍ය­යට කළ හැකි කාර්ය අසී­මි­තයි. කොරෝනා වසං­ගත සමයේ අපේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පාසැල් දරු­වන් ගේ අත­ප­සු­වන පාඩම් සම්පූර්ණ කර ගන්න ලොකු සහ­යක් ලබා දුන්නා. ඒ වාගේ ආග­මික හා ජාතික සම­ඟිය උදෙසා අපිට කළ හැකි දේ බොහෝයි. යුද්ධය පැවැති සමයේ මාධ්‍ය ප්‍රකා­ශ­කයා විදි­යට මට පුළු­වන් කම ලැබුණා වැරදි තොර­තුරු සමා­ජ­ගත වෙන එක වළකා ගෙන යුද්ධයේ වේද­නාව දකුණේ ජන­තා­වට දැනෙන ප්‍රමා­ණය අඩු කර ගන්න. එහෙම නොවුණා නම් වැරදි තොර­තුරු සමඟ රටම යුද පිටි­යක් වෙන්න තිබුණා. ඒ වගේම පශ්චාත් යුද සමයේ ජන­මාධ්‍ය ආය­තන උතුර දකුණ දරු­වන් තුළ හොඳ හිත වර්ධ­නය කරන්න විශාල කාර්ය බාර­යක් කළා. විශේ­ෂ­යෙන් ජතික ආග­මික සම­ඟියේ පාලම ජන­මා­ධ්‍ය­යයි. ඒක අව­බෝධ කර ගෙන මාධ්‍ය හැසි­ර­වීම අපේ වග­කී­මක්.

ඔබ මාධ්‍යයේ වග­කීම ගැන කතා කළත් මාධ්‍ය හසු­රු­ව­න්නාට ඒ සදහා හොඳ පුහු­ණු­වක් නොමැ­ති­කම ඔබ දකින්නෙ කොහො­මද?

ඔබ කියන කාර­ණය මම පිළි ගන්නවා. කැම­රා­වෙන් පෝටෝ ගන්න පුළු­වන් වුණාට පෑනෙන් ලියන්න පුළු­වන් වුණාට හැම කෙනෙක්ම මාධ්‍ය­වේ­දීන් වෙන්නෙ නෑ. හැබැයි දැන් වෙලා තියෙන්නෙ ඒකයි. ජංගම දුර­ක­ථන තියා­ගෙන සම­හර සමාජ ජාල මාධ්‍ය ආය­තන පවත්වා ගෙන යන අය ගැනත් තොර­තුරු වාර්තා වී තිබෙ­නවා. ලංකාව පුරා විසිරි සිටින ප්‍රාදේ­ශීය වාර්තා­ක­රු­වන් ගේ සිට මාධ්‍ය ආය­තන ප්‍රධා­නී­න්ටත් මාධ්‍ය වාර්තා කර­ණය හා මාධ්‍ය භාවි­තය හා හැසි­ර­වීම ගැන විධි­මත් පුහු­ණු­වක් ලබා දෙන්න ඕනෑ. අපේ ඉදිරි කාල­යේදී ඒ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කරල දිස්ත්‍රික් මට්ට­මින් මාධ්‍ය පුහුණු ආය­තන පිහි­ටු­වන්න තිබෙන හැකි­යාව පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර­නවා.

ජන­තාව ගේ රසා­ස්වා­දය මොට කරන එමෙන්ම විකෘති කරන මාධ්‍ය වැඩ­ස­ට­හන් හා ලේඛන පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­ව­රයා ගෙත් අව­ධා­නය යොමුව තිබෙන බව ප්‍රකාශ වී තිබෙ­නවා.මේ ගැන ඔබේ ඉදිරි වැඩ පිළි­වෙළ කොහො­මද?

විශේ­ෂ­යෙන් විද්‍යුත් මාධ්‍ය තුළ විකා­ශය වන බෙහෝ වැඩ සට­හන් ඔබ කිව්ව ගණ­යට අයත් වෙනවා. අපේ රටේ දක්ෂ කලා­ක­රු­වන් අතින් ඉතා හොඳ නිර්මාණ බිහි වෙද්දී අපි විදෙ­ස්වල කලා නිර්මාණ වලට විශාල ඉඩක් ලබා දෙන්නෙ ඇයි කියල හොයල බලලා එතැ­න­ටයි විස­ඳුම දෙන්න ඕනේ. මේ නිසා අපේ කලා නිර්මාණ නැව­තිලා. කලා­ක­රුවෝ කලාව අත­හැ­රල වෙන දේවල් කරන්න යොමු­වෙලා. දේශී­ය­ත්වය ගැන කතා කර කර අපි විදේශ ගැති බවක් පෙන්ව­නවා. මේ ගැන ඉදි­රි­යේදී මාධ්‍ය අය­තන සමඟ සාකච්ඡා කරල ඒ අය ගේ ගැට­ලුත් හඳු­නා­ගෙන ස්ථාවර විස­ඳු­මක් දෙන්න රජ­යක් විදි­යට ක්‍රියා කර­නවා.

මෙවර මහ මැති­ව­ර­ණයේ දී ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ ඇති­විය යුතු වෙනස් කම් පිළි­බ­ඳව දේශ­පා­ලන වේදි­කාවේ බොහෝ දේවල් ප්‍රකාශ වුණා. ඉදි­රියේ සිදු­වන ව්‍යවස්ථා වෙනස ගැන මාධ්‍ය හරහා ජන­තාව දැනු­ම්වත් කරන්න ඔබ මැදි­හත් වෙන­වාද?

ඇත්ත­ටම අපි ජන­තා­ව­ගෙන් තුනෙන් දෙකේ බල­යක් ඉල්ලුවේ රටට නොගැ­ළ­පෙන ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 19 වන සංශෝ­ධ­නය ඉවත් කර­න්නයි. ජන­තාව අපේ ඉල්ලීම පිළි­ගෙන තිබෙ­නවා. ජන­තාව අපිට බලය දීලා තියෙන්නෙ ව්‍යව­ස්ථාවේ අවශ්‍ය වෙනස් කම් කර ගන්නයි. අපි ඒ කිසිදු වෙන­සක් රහ­සින් කරන්නේ නෑ. එහෙම කරන්න ඕනෑ කම­කුත් නෑ. ව්‍යව­ස්ථාවේ වෙන­ස්කම් විත­රක් නොවෙයි අපේ ආණ්ඩුව කරන හැම දෙයක්ම විනි­වි­ද­භා­ව­යෙන් යුතු­වයි කරන්නේ. ව්‍යව­ස්ථාවේ කරන වෙන­ස්කම් ගැන ජන­මාධ්‍ය හරහා ජන­තාව දැනු­වත් කරන්න අපි කට­යුතු කර­නවා. ඒක අපේ වග­කී­මක්.

පත්කර සිටින අමා­ත්‍ය­ව­රුන් හරහා අපේ රටේ වැටී ඇති ආර්ථි­කය ගොඩ නඟන්න පුළු­වන් කියල ඔබ විශ්වාස කර­න­වාද?

ඇයි ඔබට ඒ ගැන සැක­යක් තියෙ­න­වාද?මෙවර ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අමා­ත්‍යාංශ විෂ­ය­යන් බෙදා වෙන් කර තිබෙන ආකා­රය දිහා ඔබ හොඳින් අව­බෝ­ධ­යෙන් බැලු­වොත් පෙනේවී ඒ විෂ­ය­යන් බෙදීම කොත­රම් විද්‍යා­නු­කූ­ලද කියල. රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන්ට වග­කීම් පවරා දී තිබෙන්නේ ඉලක්ක ගත­වයි.මෙහෙම සර­ලව නිවැ­ර­දිව අමා­ත්‍යාංශ බෙදා වෙන් කර තිබු කාල­යක් මීට පෙර තිබුණා කියල ඔබට දැනු­මක් තියෙ­න­වාද?ඒ නිසා සැක­යක් ඇති කර ගන්න එපා දේශිය ආර්ථි­කය ගොඩ නඟන සෞභා­ග්‍යය දැක්ම ක්‍රියා­ත්මක කරන්න මේ ඇමති මණ්ඩ­ල­යට පළ­පු­රු­ද්දක් වගේම ඕනෑ­ක­මක් තියෙ­නවා. ඒ වගේම අපි ඒ සදහා කැප වෙනවා.

Comments