පාර්ලි­මේ­න්තුව මෙදා එළිය කරන්න අලුත් මුහුණු 81ක් | Page 2 | සිළුමිණ

පාර්ලි­මේ­න්තුව මෙදා එළිය කරන්න අලුත් මුහුණු 81ක්

මෙවර මහා මැති­ව­රණ ප්‍රති­ඵල අනුව පාර්ලි­මේ­න්තුවේ වෙන­ස්කම් රැසක් ම සිදු­වනු ඇත. පාර්ලි­මේ­න්තුවේ ආසන පැමි­ණ­වීමේ සිට එහි ක්‍රියා­කා­රි­ත්වයේ අංග කිහි­ප­ය­කින් ම වෙනදා පාර්ලි­මේ­න්තු­වට වඩා සම්පූ­ර්ණ­යෙන් ම වෙනස් වේ. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට තුනෙන් දෙකක බල­යක් හිමි වීමත් සම­ඟම මෙරට දේශ­පා­ල­නය නව මුහු­ණු­ව­රක් ගෙන ඇති බව විද්ව­තුන්ගේ අද­හස වී තිබේ. මෙවර මහා මැති­ව­රණ ප්‍රති­ඵල අනුව නවක මන්ත්‍රී­වරු 83 දෙනෙක් නව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වශ­යෙන් තේරී පත්ව සිටිති. තරුණ මන්ත්‍රී­ව­රුන් රැසක් ම නවක මන්ත්‍රී­ව­රුන් අතර සිටිති. ඔවු­න්ගෙන් කිහිප දෙනෙ­කුම තමන් තරග කළ දිස්ත්‍රි­ක්කයේ මනාප ලැයි­ස්තුවේ පළමුවැනියා වශ­යෙන් තේරී පත්ව තිබීම විශේ­ෂ­ත්ව­යකි.

මෙහිදී පුත්ත­ලම දිස්ත්‍රි­ක්ක­යෙන් චින්තක අමල් මායා­දුන්න මහතා තේරී පත්වූ අතර බදුල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් චාමර සම්පත්, සුද­ර්ශන දෙනි­පි­ටිය, චමින්ද ජානක තිස්ස­කු­ට්ටි­ආ­රච්චි යන මහ­ත්වරු පාර්ලි­මේන්තු වරම් හිමි කර ගෙන ඇත. කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කළ අසංක නව­රත්න, සම­න්ප්‍රිය හේරත්, ඩබ්. හේරත්, යූ.කේ. සුමිත් උඩු­කු­ඹුර තේරී­පත්ව තිබේ. අජිත් රාජ­පක්ෂ, උපුල් සංජීව ගල­ප්පත්ති හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­යෙන් මැති සබ­යට පැමිණ ඇති අතර අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් උද්දික ප්‍රේම­රත්න, චන්න ජය­සු­මන, එම්.කේ. නන්ද­සේන, කේ.පී.එස්. කුමා­ර­සිරි, අබ්දුල් රහු­මාන්, රෝහණ බණ්ඩාර විජේ­සු­න්දර යන මහ­ත්වරු මැති සබ­යට වරම් හිමි කර­ගෙන ඇත.

රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් අකිල එල්ලා­වල, ගාමිණී වලේ­බොඩ, මුදිතා ප්‍රිශාන්ති, වරුණ ප්‍රියන්ත ලිය­නගේ යන මහත්ම මහ­ත්මීන් නව­ක­යෝය. මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්ක­යෙන් සානක රාහුල් සිව­නේ­ස­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන්, කෝවි­න්දන් කරු­ණා­ග­රන්, එස්. නසීර්, වන්නි දිස්ත්‍රි­ක්ක­යෙන් කාදර් මස්තාන්, එස්. නොහා­ර­ලිං­ගම්, කුල­සිං­හම් තිලී­පන් යාප­නය දිස්ත්‍රි­ක්ක­යෙන් සී.වී. විග්නේ­ෂ්ව­රන්, අංග­ජන් රාම­නා­දන් යන නව­ක­යන් පාර්ලි­මේන්තු නියෝ­ජ­නය ලබා ගැනී­මට සමත් වූහ.

කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් ප්‍රදීප් සමන් කුමාර, මධුර විතා­නගේ, ප්‍රේම­නාත් සී. දොල­වත්ත, ජගත් කුමාර, කෑගල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් සුදත් මංජුල, රාජිකා වික්‍ර­ම­සිංහ, උදය කාන්ත ගුණ­ති­ලක, සුජිත් සංජය, චින්තක අමල් මායා­දුන්න, අශෝක ප්‍රියන්ත, මහ­නු­ව­රින් වසන්ත බණ්ඩාර, ගුණ­ති­ලක රාජ­පක්ෂ, උද­යන චාමින්ද කිරි­ඳි­ගොඩ, එම්. වේලු­කු­මාර්, ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් නාලක ගොඩ­හේවා, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණ­ව­ර්ධන, නලින් රුව­න්ජීව ප්‍රනාන්දු, මිලාන් ජය­ති­ලක සහ දිගා­ම­ඬුල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් තිලක් රාජ­පක්ෂ, ඩී.සී‍. වීර­සිංහ, මොහො­මඩ් මුෂ්රාෆ් යන මහත්ම මහ­ත්මීන් පාර්ලි­මේන්තු වරම් හිමි­කර ගෙන ඇත.

මාතලේ දිස්ත්‍රි­ක්ක­යෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන්, නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යෙන් නිමල් පිය­තිස්ස, එම්. රමේ­ෂ්ව­රන්, මයි­ල්‍වා­ග­නම් උදය කුමාර්, කළු­තර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කළ අනුප පැස්කු­වල්, සංජීව එදි­රි­මාන්න, ලලිත් එල්ලා­වල, මාතර දිස්ත්‍රි­ක්ක­යෙන් නිපුණ රණ­වක, කරුණා කොඩි­තු­වක්කු, වීර­සු­මන වීර­සිංහ මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් ශෂීන්ද්‍ර රාජ­පක්ෂ, කුමා­ර­සිරි රත්නා­යක, ගයා­ෂාන් නව­නන්ද, ධර්ම­සිංහ විජේ­සිංහ යන මහ­ත්ව­රුන් නවක මන්ත්‍රී­වරු වෙති.

පොදු­ජන පෙර­මුණ විසින් නම් කර ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යන් සඳහා ද නව මුහුණු රැසක්ම එක්කර තිබීම කැපී පෙනෙන තත්ත්ව­යකි. ඒ අනුව එහි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 සඳහා නව­ක­යන් දාහ­තර දෙන­කුම ප්‍රථම වතා­වට පාර්ලි­මේන්තු වරම් හිමි­කර ගැනී­මද විශේ­ෂ­ත්ව­යකි.

සාගර කාරි­ය­ව­සම්, අජිත් නිවාඩ් කබ්රාල්, මොහො­මඩ් අලි ෂබ්රි, ජයන්ත වීර­සිංහ, මංජුලා දිසා­නා­යක, රංජිත් බණ්ඩාර, චරිත හේරත්, ගෙවිඳු කුමා­ර­සිංහ, යදා­මිණි ගුණ­ව­ර්ධන, සුරේන්ද්‍ර රාඝ­වන්, සීතා අර­ඹෙ­පොළ, මොහො­මඩ් තාලීල් මර්ජාන් යන මහත්ම මහ­ත්මීන් නව­ක­යන් ලෙස පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරයි. ආරු­මු­ගම් තොණ්ඩ­මන් මහ­තාගේ අභා­ව­යෙන් පසු නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යෙන් තරග වැදුණු ඒ මහ­තාගේ පුත්‍රයා වූ ජීවන් තොණ්ඩ­මන් එම දිස්ත්‍රි­ක්ක­යෙන් වැඩිම මනාප ලබා ගැනී­මට සමත් විය. එහිදී ඔහු මනාප 1,09,155 ලබා­ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කළ හිටපු නාවික හමුදා ප්‍රධා­නි­යකු වූ අද්මි­රාල් සරත් වීර­සේ­කර මනාප ලැයි­ස්තුවේ ප්‍රථ­මයා බවට පත් විය. එහි විශේ­ෂ­ත්වය වනුයේ ඔහු තරග කළ කොළඹ දිස්ත්‍රි­ක්කයේ පරි­ණත ප්‍රබල දේශ­පා­ලන චරිත රැසක්ම ඔහු සමඟ තරග කළ බැවිනි. වසර විස්ස­කට වැඩි ඉති­හා­ස­යක් පාර්ලි­මේ­න්තුව තුළ ඇති මැති ඇමැ­ති­වරු රැසක් ම මෙහිදී සරත් වීර­සේ­ක­රට වඩා ලක්ෂ ගණ­නක් මනාප අඩු­වීම කැපී පෙනෙන සිද්ධි­යකි.

මනාප 3, 28,092 ලබා­ගත් සරත් වීර­සේ­කර මහතා සිවිල් ආර­ක්ෂක බළ­කායේ අධ්‍ය­ක්ෂ ජන­රා­ල්ව­රයා වශ­යෙන් කට­යුතු කළ අතර ඒ මහතා මානු­ෂීය මෙහෙ­යුම පැවැති සමයේ රණ­වි­රු­වකු ලෙස ඉම­හත් කාර්ය­භා­ර­යක් කළ රණ­වි­රු­වෙකි. මෙරට රණ­වි­රු­වන්ට එරෙ­හිව ජාත්‍ය­න්තර සංවි­ධාන මෙන් ම එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොමි­ෂම නොයෙක් චෝදනා එල්ල කළ අව­ස්ථාවේ ජිනීවා නුව­රට ගොස් ඊට එරෙ­හිව කට­යුතු කළ සරත් වීර­සේ­කර ජන­තාව අතර ජන­ප්‍රිය චරි­ත­යක් බවට පත් විය.

ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැති සමයේ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ ඒ සඳහා පත් කිරීමේ දැවැන්ත මැති­ව­රණ ව්‍යාපා­ර­යට ඍජුව සම්බන්ධ වූ ආචාර්ය නාලක ගොඩ­හේවා, ගම්පහ දිස්ත්‍රි­ක්ක­යට තරග වදි­මින් ඒ ලැයි­ස්තුවේ ප්‍රථ­මයා බවට පත්විය. ඔහු එහිදී මනාප 3,25,479 ලබා ගැනී­මට සමත් විය. මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ල­යෙන් සිය ප්‍රථම උපා­ධිය ලබා­ගත් ඔහු විදේශ රට­වල් ගණ­නා­ව­ක­දීම විෂ­යන් රැසක් පිළි­බ­ඳව අධ්‍යා­ප­නය ලබා තිබේ.

වියත් මග සංවි­ධා­නයේ ප්‍රබල ක්‍රියා­කා­රි­ක­යෙකු ලෙස ක්‍රියා කළ ඔහු අවස්ථා ගණ­නා­ව­ක­දීම රණ­වි­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි පුද්ග­ල­යෙකි. මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් මහ මැති­ව­ර­ණ­යට තරග කර­මින් ඒ දිස්ත්‍රි­ක්කයේ ප්‍රථම ස්ථාන­යට පැමිණි ශෂීන්ද්‍ර රාජ­පක්ෂ මහතා මනාප 1,04,729 ලබා ගත් අතර ඔහු පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ ප්‍රථම අව­ස්ථාව මෙය වෙයි.

කලක සිට ක්‍රියා­කාරී දේශ­පා­ල­නයේ නියැළී සිටින ඔහු හිටපු කතා­නා­ය­ක­ව­ර­යකු මෙන් ම ඇමැ­ති­ව­ර­යකු වූ චමල් රාජ­ප­ක්ෂගේ පුත්‍රයා ය. ඌව පළාත් සභාවේ මහ ඇමැ­ති­ව­රයා වශ­යෙන් ද ක්‍රියා කළ ‍ඔහු මෙවර රාජ්‍ය ඇමැ­ති­ව­ර­යකු වශ­යෙන් ද දිවු­රුම් දෙනු ලැබීය. ත්‍රිකු­ණා­මල දිස්ත්‍රි­ක්ක­යෙන් පාර්ලි­මේ­න්තු­වට තේරී­පත්වූ කපිල නුවන් අතු­කෝ­රල ප්‍රථම වතා­වට පාර්ලි­මේ­න්තු­වට පැමි­ණෙන්නේ මනාප ඡන්ද 30,056 ලබා ගනි­මින් ය. ඔහු කන්තලේ අග්‍ර­බෝධි විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය ලබා ඇත. කොටි ත්‍රස්ත­වාදී ගැටුම් නිසා මෙම පාසල වසා දැමූ අතර ඔහු පසුව ගම්පහ බණ්ඩා­ර­නා­යක සහ නිට්ට­ඹුව සං‍ඝබෝධි විද්‍යා­ල­ව­ලින් වැඩි­දුර අධ්‍යා­ප­නය හදාරා තිබේ. ඔහුගේ පියා කොටි ත්‍රස්ත­වා­දීන්ගේ ප්‍රහා­ර­ය­කින් මිය ගොස් ඇත. යළි ත්‍රිකු­ණා­ම­ල­යට ගිය ඒ මහතා ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යට සම්බන්ධ වී ජන­තා­වගේ සුබ­සි­ද්ධීන් වෙනු­වෙන් වැඩ­ස­ට­හන් රැසක් ක්‍රියා­ත්මක කර ඇති පුද්ග­ල­යෙකි.

දකුණු පළාත් සභාවේ මහ ඇමැති ධුරය අවස්ථා කිහි­ප­ය­ක­දීම තේරී පත් වූ ෂාන් විජ­ය­ලාල් මනාප ඡන්ද 67,793 ලබා ගනි­මින් මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරී­පත් විය. 1993 දී ප්‍රථම වරට දකුණු පළාත් සභා­වට තේරී පත්වූ ඔහු 2004 වස­රේදී දකුණු පළාත් මහ ඇමැ­ති­ව­රයා වශ­යෙන් තේරී පත්වූ අතර ඔහු වෘත්තිය ගුරු­ව­ර­යකි. පසුව රේගු නිල­ධා­රි­යෙකු වශ­යෙන් ද ඔහු සේවය කර තිබේ.

ගාල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් පාර්ල‍ි­මේ­න්තු­වට තේරී පත්වූ තවත් නව­ක­යෙකු ලෙස ඉසුරු දොඩං­ගොඩ මහතා මනාප 71,246 ලබා තිබේ. දකුණු පළාතේ මහ ඇමැ­ති­ව­ර­යකු මෙන් ම පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජ­නය කළ කීර්ති­මත් නාම­යක් හිමිව තිබූ හිටපු ඇමැ­ති­ව­ර­යකු වූ දිවං­ගත අම­ර­සිරි දොඩං­ගොඩ ගේ පුත්‍රයා වන ඉසුරු දොඩං­ගොඩ මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්වූ ප්‍රථම අව­ස්ථාව මෙයයි. කොළඹ ආනන්ද විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබා ඇති ඔහු එංග­ල­න්තයේ ග්‍රින්විව් විශ්ව විද්‍යා­ල­යෙන් තොර­තුරු තාක්ෂ­ණය පිළි­බ­ඳව උපා­ධිය ලබා ඇත.

ඉසුරු දොඩං­ගොඩ මීට පෙර දකුණු පළාත් සභා මන්ත්‍රී­ව­ර­යකු වශ­යෙන් 2014 දී පළාත් සභාව නියෝ­ජ­නය කර තිබේ. පොදු­ජන පෙර­මුණ ආරම්භ කළ අව­ස්ථාවේ සිට එහි ක්‍රියා­කා­රි­ක­යෙකු ලෙස කට­යුතු කර ඇත‍.

සම්පත් අතු­කෝ­රල මෙවර ගාල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් වී පෙර­ළි­කාර ජය­ග්‍ර­හ­ණ­යක් ලබා­ගත්තේ ය. ඔහු මනාප 128,332 ගාල්ල දිස්ත්‍රි­ක්කයේ මනාප ලැයි­ස්තුවේ දෙවැ­නියා වශ­යෙන් තේරී පත් විය. පිටි­ගල විද්‍යා­දර්ශ විද්‍යා­ල­යෙන් හත්තක මධ්‍ය මහා විද්‍යා­ල­යෙන් සහ අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝක විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය ලබා තිබේ.

1997 වස­රේදී නියා­ගම ප්‍රාදේ­ශීය සභා­වට තේරී පත්වී 2006 වස­රේදී එම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලෙස කට­යුතු කර ඇත. මාතර දිස්ත්‍රි­ක්ක­යෙන් වැඩිම මනාප ලබා ගැනී­මට සමත් වූ ‍නිපුණ රණ­වක මහතා එම දිස්ත්‍රි­ක්ක­යෙන් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් වූ ළාබා­ල­ත­ම­යාය. මනාප 131,010 ලබා­ගත් ඔහු පොදු­ජන පෙර­මුණේ තරුණ ක්‍රියා­කා­රීන් අතර ඉදි­රි­යෙන් ම සිටි තරු­ණ­යෙකි. දෙනි­යාය කන්න­න්ගර ප්‍රාථ­මික විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලබා­ගත් ඔහු කොළඹ රාජ­කීය විද්‍යා­ල­යෙන් වැඩි දුර අධ්‍යා­ප­නය හදාරා තිබේ. ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය පිළි­බ­ඳව විශේෂ උපා­ධි­යක් ලබා­ගෙන ඇති අතර වසර ගණ­නා­වක සිට ක්‍රියා­කාරී දේශ­පා­ල­නයේ නිරත වී ඇත.

මාතර දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 77,967 ලබා­ගත් වීර­සු­මන වීර­සිංහ ප්‍රථම වතා­වට පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කිරීමේ වරම් හිමි­කර ගත්ත ද ඔහු කොමි­යු­නිස්ට් පක්ෂය නියෝ­ජ­නය කර­මින් වාමාං­ශික දේශ­පා­ල­නය තුළ අත්දැ­කීම් බහුල කෘත­හස්ත දේශ­පා­ල­න­ඥ­යෙකි. කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප ලැයි­ස්තුවේ තෙවැ­නියා බවට මනාප 141,991 ලබා ගනි­මින් තේරී පත්වූ ගුණ­පාල රත්න­සේ­කර මහතා ප්‍රථම වතා­වට පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අයෙකි.

විවිධ අංශ ඔස්සේ අධ්‍යා­ප­නය ලබා ඇති රත්න­සේ­කර ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී කළ­ම­නා­ක­ර­ණය විශේ­ෂ­වේදී උපා­ධි­යක් ලබා තිබේ. රජයේ විග­ණ­කා­ධි­පති පරී­ක්ෂ­ක­ව­ර­යෙක් ලෙසත් අප­න­යන පාලක දෙපා­ර්ත­මේ­න්තුවේ ගණ­කා­ධි­කා­රි­ව­ර­යකු ලෙසත් ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චා­ර්ය­ව­ර­යෙක් ලෙස ද සේවය කර තිබේ.

අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 133,980 ක් ලබා­ගත් මහා­චාර්ය චන්න ජය­සු­මන උතුරුමැද වකුගඩු රෝගය හා ඖෂධ නිෂ්පා­ද­නය සම්බ­න්ධව පරී­ක්ෂණ රැසක් සිදු කළ පුද්ග­ල­යෙකි. ශ්‍රී ලංකාවේ දැනට සිටින ළාබා­ල­තම මහා­චා­ර්ය­ව­ර­යකු වන ඔහු වියත් මග සංවි­ධා­නයේ ක්‍රියා­කාරී සාමා­ජි­ක­යෙකි. මෙරට තුළ අන­ව­සර මෙන් ම නීති­යට පිටින් සිදුවූ ඖෂධ වෙළෙ­ඳා­මට එරෙ­හිව විරෝ­ධ­තා­ව­යන් රැසක් ගෙන ගිය මහා­චා­ර්ය­ව­ර­යාට රාජ්‍ය ඇමැ­ති­ක­මක් ද හිමි විය.

මෙම දිස්ත්‍රි­ක්ක­යෙන් ම මනාප 133,550 ලබා­ගත් ප්‍රවීණ රංගන ශිල්පි උද්දික ප්‍රේම­රත්න මෙරට කලා ක්ෂේත්‍ර­යට තම ජීවිත කාල­යම කැප කළ තරු­ණ­යෙකි. ඔහු මැති­ව­ර­ණ­ය­කට ඉදි­රි­පත් වන ප්‍රථම අව­ස්ථාව මෙය වූ අතර අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යන් අබි­බවා මනාප ලැයි­ස්තුවේ තෙවන ස්ථානය ලබා­ගැ­නී­මට සමත් වූහ. අනුරපුරයෙන් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වූ රෝහණ බණ්ඩාර මහතාද අලුත් මුහුනකි.

කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 69,055 ලබා­ගත් ප්‍රේම­නාත් සී. දොළ­වත්ත මැති­ව­ර­ණ­ය­කට ඉදි­රි­පත් වූ ප්‍රථම අව­ස්ථාව මෙය වන අතර ඔහු වසර ගණ­නා­වක සිට පොදු­ජන පෙර­මු­ණට සම්බන්ධ නීති­මය කට­යු­තු­ව­ලදී නීති­ඥ­යකු ‍වශයෙන් සේවය ලබාදී ඇත. ඉකුත් යහ­පා­ලන රජය පැවැති සමයේ විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට එරෙ­හිව එම රජය ගෙන ගිය අසා­ධා­රණ තීන්දු තීර­ණ­ව­ලට පෙනී සිටි දොළ­වත්ත මහතා අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා වශ­යෙන් ද කට­යුතු කරනු ලැබීය.

කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 91,958 ලබා­ගත් ප්‍රදීප් උඳු­ගොඩ දක්ෂ රණ­වි­රු­වකු වන අතර අව­සන් වරට ඔහු ශ්‍රී ලංකා යුද හමු­දාවේ මේජ­ර්ව­ර­යකු ලෙස සේවය කර ඇත. යුද හමුදා ක්‍රියා­න්වි­ත­ය­න්හිදී තුවාල ලබා ඇති උඳු­ගොඩ කොටි ත්‍රස්ත­වා­දීන්ට එරෙ­හිව පැවැති මෙහෙ­යු­ම්ව­ලදී දක්ෂ ලෙස සිය කණ්ඩා­යම මෙහෙ­යවූ හමුදා නිල­ධා­රි­යෙකි. වියත් මගට සම්බන්ධ වී කාලීන දේශ­පා­ල­න­යට පැමිණ ඇත. පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්ක­යෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප 22392 ලබා ගත් කිංස් නෙල්සන් සමගි ජන බල­වේ­ගය නියෝ­ජ­නය කරයි.

පොලො­න්න­රුව, කඳු­රු­වෙල නගර මහා විද්‍යා­ල­යෙන් ප්‍රාථ­මික අධ්‍යා­ප­නය හැදෑරූ ඔහු පොලො­න්න­රුව රාජ­කීය විද්‍යා­ල­යෙන් ද, කොළඹ රාජ­කීය විද්‍යා­ල­යෙන් ද අධ්‍යා­ප­නය ලබා ඇත. ඇමෙ­රි­කාවේ කැලි­ෆෝ­නි­යාවේ විශ්ව­වි­ද්‍යා­ල­යක ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය පිළි­බ­ඳව ඩිප්ලෝ­මා­වක් ද හදාරා ඇති කිංස් නෙල්සන් පොලො­න්න­රුවේ හිටපු ඇමැ­ති­ව­ර­යකු වූ දිවං­ගත ජී.පී‍. නෙල්සන්ගේ පුත්‍රයා වන අතර ඔහු 2004 වස­රේදී පළාත් සභා මැති­ව­ර­ණ­යට තරග කර ඇත. කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් මනාප 51134 ලබා­ගත් යූ.කේ. සුමිත් උඩු­කු­ඹුර මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වන්නේ ප්‍රථම වතා­ව­ටය.

කුරු­ණෑ­ගල ශාන්ත ආනා විද්‍යා­ල­යෙන් සිප්ස­තර හැදෑරූ ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් සේවයේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු වශ­යෙන් සේවය කර තිබේ. 2005 වස­රේදී ඉබ්බා­ග­මුව ප්‍රාදේ­ශීය සභාවේ විපක්ෂ නායක ලෙස­ටත් 2011 සහ 2018 වස­ර­ව­ලදී ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලෙස ද කට­යුතු කර ඇත. මහ මැති­ව­ර­ණ­යෙන් මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරී­පත්වූ අලුත් මුහුණු සිය­ල්ලන්ම උගත් බුද්ධි­මත් මෙන් ම වෘත්තීය අත්දැ­කීම් ඇති පිරි­සක් බව සඳ­හන් කළ යුතුය.

Comments