
ඔබ ජනාධිපති සමයේ ඔබේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපති. ඔබ අගමැති තනතුරේ. මේ ගැන මොනවද හිතෙන්නෙ?
දේශපාලනය කියන්නේ ක්‍රිඩාවක් වගේ. වෘත්තීය ක්‍රිඩකයන් හැමවිටම ක්‍රියා කරන්නේ අවසාන වශයෙන් රටේ ජයග්‍රහණය අරමුණු කර ගෙනයි. එහෙම වැඩ කරන කොට කලින් කලට කණ්ඩායමේ නායකයෝ වෙනස් වෙනවා රට ගැන හිතන දේශපාලන නායකයනුත් ක්‍රියා කළ යුත්තේ එහෙම කියලයි මම විශ්වාස කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ ඉතාම දක්ෂ රාජ්‍ය පාලකයෙක් බව ඔහු මේ වන විටත් ඔප්පු කර තිබෙනවා. ඒ ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා. ඒ වාගේම මේ රටේ ජනතාවත් රට අලුත් විදියකට ගොඩනඟයි කියල විශාල බලාපොරොත්තුවක් තබා ගෙන ඉන්නවා. දැන් අපේ යුතුකම වෙන්නේ ඒ සඳහා ජනාධිපතිවරයාට පූර්ණ සහාය දී එතුමා සමඟ එකට කටයුතු කිරීමයි.
ගෝඨාභය රාජපක්ෂයන් දක්ෂ රාජ්‍ය පාලකයෙක් කියල ඔබ කියන්නේ කොහොමද?
ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙද්දී අපේ රටේ ජනතාවට ඒ පීඩාව නොදැනෙන්න කොරෝනා පාලනය කරන්න හැකියාව ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ රාජ්‍ය නායකයා ලෙස අන්‍ය අදහස් ගරු කරන, දුරදිග බලා කටයුතු කරන නායකයකු වු නිසයි. සමහරු එයා ඒකාධිපතියෙක් ලෙස හඳුන්වන්න උත්සහ කරනවා. මම හොඳටම දන්නවා එයා තනියම තීරණ ගන්නෙ නෑ. හැම දෙයක්ම අපිත් එක්ක සාකච්ඡා කරලා සාමුහික තීරණයක් විදියට තමයි ක්‍රියාත්මක කරන්නෙ. අනෙක අමතක කරන්න එපා. ඔහුට දේශපාලන පළපුරුද්දක් නැති වුණාට ඔහුට විශාල දේශපාලන අත්දැකීම් තිබෙන බව. මොකද ඔහුත් මමත් සියවසකට ආසන්න දේශපාලන ඉතිහාසයක් තිබෙන පරපුරක සමාජිකයන්.
ශ්‍රීලනිපයේ ඔබ සභාපති කාලයේ ඔබේ ලේකම් ඔබට එරෙහිව තරග කරල 2015දී ජනාධිපති වුණා. අද ඔබ අගමැති වෙලා ඔහු ඔබේ නායකත්වයෙන් යුත් සන්ධානයේ මන්ත්‍රී ධුර අපේක්ෂකයෙක්. මොකද හිතෙන්නෙ?
මේ යථාර්ථය දේශපාලනඥයන් අවබෝධ කර ගන්නවා නම් කවදාවත් වෛරී දේශපාලනයක් කරන්නෙ නෑ. දේශපානයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නෑ. ඒ අවබෝධයෙන් තමයි අපි එකතු වෙලා මේ රට ගොඩ නඟන්න උත්සාහ කරන්නෙ. ඒකේදිත් කවුරු හරි කකුලෙන් අදිනවා නම් ඒ අය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. මැතිවරණයකදී තම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්න නිදහස තිබුණත් මැතිවරණයෙන් පස්සෙත් පක්ෂ දේශපාලනය ඉස්මතු කර ගෙන කටයුතු කරනවා නම් ඒකෙන් අසරණ වෙන්නෙ රටේ ජනතාවයි. ඒකට ඉඩ දෙන්න බෑ. දැන් අපි හැමෝම එකතුවෙලා මේ රට නැවත අලුතින් ගොඩනඟන්න කැප වෙන්න ඕන. ඒ සඳහා හොඳ ප්‍රවේශයක් හදා ගන්න තමයි මේ මැතිවරණයේදි තුනෙන් දෙකේ බලයක් අපි ඉල්ලන්නෙ. ජනතාව දැන් රටට ආදරේ කරන කණ්ඩායම හොඳින් හඳුනාගෙන ඉන්නෙ. ඒ නිසා මම විශ්වාස කරනවා ජනතාව පක්ෂ පාට වලට නොබෙදී මෙවර පොහොට්ටුවට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දේවි කියල.
එහෙම දැඩි විශ්වාසයක් තියා ගන්න ඔබට තිබෙන සාධක මොනවද?
අැත්තටම 2015දී ජනතාවට කුමක් හෝ හේතුවක් නිසා වැරදුණ බව ජනතාව අවබෝධ කරගෙන තිබෙනවා. ඒ වරද ජනතාව අවස්ථා දෙකකදී දැනටමත් නිවැරදි කරල තියෙනවා. ඒ එක් අවස්ථාවක් තමයි පළාත් පාලන ඡන්දය. අනෙක් අවස්ථාව තමයි පසුගිය ජනාධිපතිවරණය. දැන් තුන්වන වතාවටත් ජනතාව බලාගෙන ඉන්නෙ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගන්න මෙවර මැතිවරණයේදීත් පොහොට්ටුව ජයග්‍රහණය කරවන්නයි.
යහපාලන රජය රාජපක්ෂවරු හොරු කියල විවිධ චෝදනා ඉදිරිපත් කළත් ඒ චෝදනා ඔප්පු කර ගන්න බැරි වුණා. ඔබලත් ඒකාබද්ධ විපක්ෂය හැටියට එදා යහපාලනයේ වංචා දූෂණ ඉදිරි පත් කළා. නමුත් මේ දක්වා ඒවාටත් විමර්ශන නෑ. ඇත්තටම දෙගොල්ල දෙපැත්තට චෝදනා කර ගනිමින් මෙි කරන්නේ ඩීල් එකක්ද?
ඒ අය රාජපක්ෂවරු හොරු කියල කීවේ ඒ අයට රාජ්‍ය බලය ලැබුණට පස්සෙයි. අපි ඒ අය ගේ වංචා දුෂණ හෙළිදරව් කළේ එයාලව බලයේ සිටිය දීමයි. අපේ කණ්ඩායම ඒ චෝදනා වලට අදාළ සියලුම සාක්ෂි පවා ඉදිරිපත් කරල තිබෙනවා. නමුත් ඒ අය රාජ්‍ය බලය යොදවලා ඒ චෝදනා වලට අදාළ පරික්ෂණ නතර කරල කියල ඒ ගැන හොයා බලනකොට තහවුරු වෙලා තියෙනවා. අපේ මේ රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නෑ. ඒ නිසා තමයි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගන්න ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය ප්‍රකාශයට පත් කළේ. නමුත් අවාසනාවන්ත ලෙස කොරෝනා වසංගතය රට ගිල ගත්තා. දැන් ඒකත් අපි ජයගෙන මැතිවරණය පවත්වන්න පුළුවන් පසුබිමක් හදලා තියෙනවා. මේ මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කරලා ශක්තිමත් ආණ්ඩුවක් හදාගෙන එදා අපි ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශන කරන්න අදාළ අංශවලට බලය ලබා දෙනවා. ඒ පරික්ෂණවලට අපි ඇඟිලි ගහන්නෙ නෑ. අපි කාගෙන්වත් දේශපාලන පලිගන්න බොරු චෝදනා ඉදිරිපත් කරන්නෙවත් නිකරුනේ අත්අඩංගුවට ගෙන හිර කරන්නෙවත් නෑ. වරදක් කරල තියෙනවා නම් ඒ අයට නීතියෙන් නියම දඬුවම් ලබා දෙන්න ඒ ආයතනවලට ස්වාධීනව වැඩ කරන්න පහසුකම් ලබා දෙනවා. රටේ මුදල් අවභාවිත කරපු හෝ රටේ සම්පත් විනාශ කරපු අයත් එක්ක ඩීල් දාන්න අපි කාටවත් ඉඩ දෙන්නෙත් නෑ; අපි ඩීල් දාන්නෙත් නෑ.
කරුණා අම්මන් දේශපාලනයට අරගෙන ඔහුට තනතුරු දීල ඔහු යහමඟට ගන්න ඔබ උත්සහ කළා. දැන් ඔහු කරන ප්‍රකාශ ගැන ඔබ මොනවද කියන්නෙ?
වැරදි කළ අයට නීතියෙන් දඬුවම් දෙන්නෙ ඔහුව පුනරුත්ථාපනය කරන්නයි. යුද සමයේදී ඔහු ප්රභාකරන් සමඟ එකතුව රාජ්‍ය විරෝධි කටයුතු කළ බව අපිත් දන්නවා. එහෙම දැනගෙන තමයි ඔවුන්ට වැරදි අවබෝධ කරල දීල ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු කර ගත්තෙ. රටේ ආණ්ඩුවක වගකීම තමයි වරදකරුවන් පුනරුත්ථාපනය කර නැවත යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම. අපි කටයුතු කරල තියෙන්නෙ ඒ අනුවයි. නමුත් දැන් ඒ අය තමන් කළ වරද හපන්කමක් විදියට පාපොච්චාරණය කරනවා නම් එතැන වරදක් තියෙනවා. කරුණා අම්මන් නොවෙයි කවුරු වුණත් එවැනි දේවල් ප්‍රකාශ කීරිම වරදක්. ජවිපෙ නායකයකුත් ඔවුන් දෙමළ මුස්ලිම් අය මැරුවෙ නෑ; සිංහල අය තමයි මැරුවෙ කියල කිව්ව කියලත් කතාවක් ප්‍රචාරය වෙනවා. මේ කතා කවුරු කළත් වැරදියි. රජයක් විදියට ඒ ප්‍රකාශ ගැන පරීක්ෂණ කරන්න අදාළ අංශවලට නියම කරල තියෙනවා.
MCC ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපති කමිටුව සිය අවසන් වාර්තාව බාර දීල තියෙනවා. ඔවුන් ගේ වාර්තාවෙ අඩංගු කරුණු අනුව මේ ගිවිසුම අත්සන් කරන්න පුළුවන්ද?
මේ ගිවිසුමේ රටට නොගැළපෙන යම් තත්ත්වයක් තිබෙන බව දැනගෙන තමයි අපි මුල ඉදලම ඊට එරෙහිව කටයුතු කළේ. මේ වාර්තාව අනුව එදා අපි හිටපු ස්ථාවරය හරි කියල දැන් හැමෝටම තේරෙනවා ඇති. යුද්ධයෙන් රට බේරා ගත්තු අපි ගිවිසුමකින් රට පාවා දෙන්නෙ නෑ. මේ MCC ගිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා සකස් කර තිබෙන මේ වාර්තාව රටේ ජනතාව ගේ අවධානයට යොමු කරන්න ඕනෑ. එතකොට ජනතාවත් අවබෝධ කර ගනීවි මේ අය රටට කරන්න ගියේ මොකක්ද කියලා. දැනටමත් මේ ගිවිසුමේ කොටස් දෙකක් අත්සන් කරලා. අපේ රජයක් යටතේ රටට අහිතකර සියලු කාරණා ඉවත් කරල ඇමරිකාව සමඟ මිත්‍රයෙක් විදියට කටයුතු කළ හැකි අංශ කෙරේ අවධානය යොමු කරලා තීරණයක් ගන්න ඕන. ඒ අනුව දැනට තිබෙන මේ ගිවිසුම අපි මේ විදියට අත්සන් කරන්නෙ නෑ.
ඔබේ රජය සමයේත් අපේ රටේ ඉඩම් විදේශිකයන්ට දුන්නු බවට චෝදනා එල්ල වෙනවා. ෂැංග්‍රිල්ලා හෝටලය හදන්නත් ඔබ ඉඩම් දුන්නු බව පිළි ගන්නවාද?
ඔව්, අපේ කාලයේ විදේශීය ආයෝජකයින්ට ඉඩම් බදු දුන්නා මිසක් විකුණුවෙ නෑනේ. අපි ෂැංග්‍රිල්ලා හෝටලය හදන්න ඉඩම් දුන්නා. ඒක නිසා තමයි අපේ රටට වැඩිපුර ආයෝජකයන් ගෙන්වා ගන්න පුළුවන් වුණේ. විදේශීය ආයෝජකයන්ට අපේ රටේ පහසුකම් නොදී ඔවුන් ගෙන් ආයෝජන බලාපොරොත්තු වෙන්න බෑ. ඉඩම් ගොඩනැගිලි මානව සම්පත් මේ ආදි පහසුකමි ඔවුන්ට ලබා දුන්නාම අප කෙරේ විශ්වාසයෙන් ආයෝජකයෝ මෙරටේ විවිධ කර්මාන්ත හා සේවාවන් සඳහා මුදල් ආයෝජනය කරනවා. පහසුකම් ලබාදීමේදී අපේ රටට හානියක් නොවෙන්න ඒවා කරන්න ඕන. අපි කටයුතු කරලා තියෙන්නෙ එහෙමයි. අනෙක මතක තියාගන්න අවුරුදු තිහක යුද්ධයකට මුහුණ දීලා විශාල අවධානමක් තිබුණු අපේ රටට එන්න ඒ වෙලාවෙ කිසිම ආයෝජකයෙක් කැමති වුණේ නෑ. අපි ඒ තත්ත්වය වෙනස් කරන්නයි රජයෙ ඒ වෙලාවෙ තීන්දු ගත්තේ.
එම්. සී. සී. ගිවිසුම 2005 ඔබේ ඉල්ලීමක් කියලත් සඳහන් වෙනවා. ඒ ගැන මොනවද කියන්නෙ?
ජාත්‍යන්තර සබඳතා හා සහයෝගය නොමැතිව කිසිම රටකට ස්වාධීනව ගොඩ නැගෙන්න බෑ. ඒ නිසා ඒ ඒ කාලයට ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් සමඟ අපිත් සම්බන්ධ වෙන්න ඕන. 2005 වසරේ අපේ පූර්ණ අවධානය තිබුණේ අපේ රටේ පැවැති දරුණු ත්‍රස්තවාදය පරාජය කරන්නයි. ඒ කාලයේ අපි ලෝකයේ නොයෙකුත් රටවලින් සහයන් ලබා ගත්තා. නමුත් එම්. සී. සී. ගිවිසුමක් ගැන මට මතක නෑ. එහෙම ඒ කාලයේ කළ ඉල්ලිමක් ක්‍රියාත්මක වෙන්න මෙපමණ කාලයක් ගත වුණේ ඇයි කියලත් එහෙම නම් හොයා බලන්න ඕන.
රාජපක්ෂවරුන් ගේ පවුල් දේශපාලනය පිළිබඳවත් විවේචන එල්ල වෙනවා. ඇත්තටම රාජපක්ෂවරුන් ගෙන් තොරව මේ රට බාර ගන්න වෙන අයට ඉඩක් නැද්ද?
මොකද නැත්තේ. පහුගිය යහපාලන ආණ්ඩුවෙ රාජපක්ෂවරු හිටියද? එදා 2005 දි මම ජනාධිපතිවරණය පරාජයට පත් වුණාට පස්සේ සියල්ල අත හැරලා මැදමුලන අපේ මහ ගෙදරට ගියේ දේශපාලනයෙන් සමු ගන්න අපේක්ෂාව ඇතිවයි. නමුත් මට ඒකට ඉඩක් නැති වුණා. දිවයිනේ දුර බැහැර ඉදලා බස් අර ගෙන ගම්මාන පිටින් මාව සොයා ගෙන ඇවිල්ල ඔවුන් හඬා වැටෙමින් කීවේ නැවත මේ රට බාර ගන්න කියලයි. ඒ අතරේ අපිත් එක්ක හැමදාම අපේ කඳවුර නියෝජනය කරපු දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල වැනි අය ඉතාම සක්‍රියව එඩිතරව විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න පියවර ගත්තා. ඒ අනුවයි නැවත මම දේශපාලනයට ආවෙ. රාජපක්ෂවරුන්ට හරි වෙන කාට හරි මේ රට බාර දෙනවාද නැද්ද කියල තීරණය කරන්නෙ රටෙි ජනතාව මිසක් ඒ අය නොවෙයි. රාජපක්ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කරන්න පෙර මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂලාට මේ තරම් ආදරේ කරන්නෙ ඇයි කියල හොයල බලන්න ඕන. අපි කිසිම දවසක මේ රට පාව දීලා රටත් ජනතාවත් කාටවත් යටත් කර ගන්න ඉඩ තියන්නෙ නෑ. අනෙක අපේ දේවල් ගොඩනඟලා අපේකම කියන ආඩම්බරය අභිමානය රැක ගෙන අපි නොබැඳි විදේශ ප්රතිපත්තියකින් කටයුතු කරන නිසා ජාත්‍යන්තර සහයෝගිතාව ද මැනවින් පවත්වා ගෙන යන්න පුළුවන්කම ලැබී තිබෙනවා.
අනවශ්‍ය සංවර්ධන කාර්යයන් සඳහා වැඩි පොලියට විදේශීය ණය අර ගෙන ඔබේ රජය අපේ රට ණය උගුලක පටලවා තිබෙනවා කිව්වොත් ඒක වැරදිද?
ණය ගැනීම හරිදද වැරදිද කියල බලන්න පෙර ඔය කියන අනවශ්‍ය සංවර්ධන කාර්යයන් මොනවද කියල හොයා බලන්න ඕන. අධිවෙිගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ ආදී මේ ව්‍යාපෘති අනවශ්‍ය ඒවා කියල මේ රටට ආදරේ නැති අය හැමදාම කියපු කතාවක්. මම මුලින් කීව වගේ අපි ලෝකයේ අනෙක් රටවල් සමඟ ඉදිරියට යන්න නම් අපේ සම්පත් වැඩි දියුණු කරන්න වෙනවා. ආසියාවෙි ආර්ථික මරමස්ථානයක් ලෙස සැලකෙන අපේ රට ඒ හරහා දියුණු රාජ්‍යයක් බවට පත් කර ගන්න ක්‍රියා කරන්න ඕන. ඒ සඳහා අත්‍යාවශ්‍ය වන්නේ වරායවල්, ගුවන් තොටුපොළ අධිවේගී මාර්ගයි. ආයෝජකයන්ට අපේ රට ආයෝජනය සඳහා ආකර්ෂණීය තැනක් බවට පත්වෙන්නේ ඔවුන්ට තිබෙන පහසුකම් අනුවයි. ඒ අනුවයි අපි කටයුතු කරලා තිබෙන්නෙ. අපිට හැමදාම පිටරටවලට අතපාලා ජීවත් වෙන්න බෑ.
ඔබලාගේ හැමදාම සටන් පාඨය වුණේ දේශීය ආර්ථිකයක් ගොඩ නඟනවා කියන එකයි. නමුත් බලය ලැබුණාම ඔබලත් කරන්නෙ පිටරට දේවල් ගෙනල්ලා ජනතාවට කන්න දෙන එක නොවෙයිද?
පිටරටවලින් ගෙන්වන සියල්ල එකවර නවත්වන්න බෑ. අපි ඉකුත් අපේ රජය කාලේ රටේ පැවැති දරුණු යුද්ධයකට මුහුණ දෙන ගමන් රට තුළ නිපදවිය හැකි හැම දෙයක්ම නිපදවන්න පියවර ගත්තා. 1977න් පස්සේ ඇති වූ විවෘත ආර්ථිකය නිසා අපේ ව්‍යාපාරිකයෝ ඉදි කට්ටේ පටන් හැමදේම පිටින් ගෙනත් අඩු මිලට දෙන්න පටන් ගත්තු නිසා අපේ දේශීය කර්මාන්ත බොහෝමයක් වසා දමන්න වුණා. ගොවියෝ ගොවිතැන අතහැරල කඩෙන් හාල් ගෙනත් කන්න පටන් ගත්තා. දේශීය හැම නිෂ්පාදනයක්ම එහෙම පිටින්ම නැවතුණා. මේ තත්ත්වය එකපාරට වෙනස් කරන එක පහසු නෑ. නමුත් අපි යුද්ධය කරන ගමන් ඒකත් කළා. ඒ නිසා තමයි 2015 වී අස්වැන්න දාන්න තැනක් හොයා ගන්න බැරුව මත්තල ගුවන් තොටුපොළට ගෙනත් ගොඩ ගැහුවෙ. දැන් අපි නැවත මේ රටේ නිපදවිය හැකි දේවල් පිටින් ගෙන්වන එක ක්‍රමානුකූලව නතර කර ගෙන යනවා. දැනමත් කහ ඉඟුරු වැනි කෘෂි බෝග ආනයනය කීරිම නවතා තිබෙනවා. මේ නිසා අපේ රටේ ගොවියන්ට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලැබෙනවා. දැන් නැවතත් කුරුඳු ගම්මිරිස් කරාබු ආදි බෝග සඳහා ඉහළ මිලක් ලැබෙන්න පටන් ගෙන තිබෙනවා. මේ නිෂ්පාදන ආශ්‍රිතව කර්මාන්ත බිහි කරන්න අපේ රජය දැන් අවධානය යොමු කර ගෙන යනවා. වී ගොවියා ගේ අතිරික්තය සාධාරණ මිලකට රජය මිලදී ගන්නවා වගේම එළවළු හා අපනයන කෘෂි බෝග වගා කරන ගොවීන් ගේ අතිරික්තයත් සාධාරණ මිලකට රජයෙන් මිලදී ගන්න අපි සැලසුම් සකස් කර ගෙන යනවා.
ඔබ ඔය කියන බොහෝ දේවල් කරන්න අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැ නේද?
ඔව් ඔබ කියන කාරණය හරි. විටින් විට බලයට පත්වන ආණ්ඩු ඔවුන්ට ඕනෑ ඕනෑ විදියට මෙරටේ ආර්ථික, සමායීය, දේශපාලන කාරණා වෙනස් කරනවා. එසේ නොවන්නට නම් අපි ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්න ඕන. ඒ වාගේම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරල අදට ගැළපෙන අපේ අනන්‍යතාව සුරකෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගන්න ඕන.දැන් අපේ තිබෙන මෙි ව්‍යවස්ථාව දහනව වාරයක් සංශෝධනය වෙලා. මේ නිසා බොහෝ අවස්ථාවල යම් යම් තිරණ ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ල ව්‍යවස්ථාවෙ අර්ථකතනයන් ඉල්ලන්න වෙලා තියෙනවා. මේ කටයුතු පිළිවෙළකට රටට ගැළපෙන විදියට ජනතාවට පිළිගත හැකි ආකාරයට සිදු කරන්න තමයි අපි මෙවර බලය ඉල්ලන්නෙ. මේ මැතිවරණයෙන් ජනතාව අපිට තුනෙන් දෙකේ බලයක් දුන්නොත් අපේ රට අතීතයේ තිබුණ අභිමානවත් ස්වයංපෝෂිත රටක් බවට පත් කරනවා.
ඔබ වගේම මෙරටේ බලය ඉල්ලන අය කියන්නෙම ස්වයංපෝෂිත රටක් බිහිකරනවා කියලයි. නිදහසින් පසු වසර 72 ක් ගෙවිල ඔබලා තවමත් පොරොන්දු දේශපාලනයෙන් ජනතාව රවටනවා. අපිට පසුව නිදහස ලැබු රටවල් දැන් දියුණු වෙලා. කාගෙද කොහෙද වරද?
මේ තත්ත්වයට හේතුව අපේ රටේ කලින් කලට වෙනස් වන ආර්ථික ප්‍රතිපත්ති කියලයි මම හිතන්නෙ. නිදහසින් පසු අපේ රටේ හැම දෙයක්ම ජනතාවට නිකං දෙන්න පුරුදු කරගෙන තිබෙනවා. රටේ ජනතාව නිකමුන් කරලා ඔවුන් කුලීකරුවන් බවට පත් කරලා පිටින් ගෙනල්ලා ඔවුන්ට කන්න දීලා. මේ නිසා රටේ නිෂ්පාදනය ඇණ හිටියා. සුබ සාධනය තියෙන්න ඕන. ඒ මිනිහෙක් ගොඩනඟන්න මිසක් නිකමෙක් කරන්න නොවෙයි. ඒ අනුව තමයි අපේ ආණ්ඩුව පසුගිය කාලේ පොහොර සහනාධාරය ක්‍රියාත්මක කළේ. එමඟින් ගොවියා ගොවිතැනට යොමු වුණා. නිෂ්පාදන හා සේවා සඳහා අපි විවිධ සහන ලබා දීල කෘෂිකර්ම, කාර්මික හා සේවා යන හැම අංශයකින්ම ජනතාව නිෂ්පාදන ක්‍රියාමාර්ග සඳහා යොමු වුණා. කලින් කලට බලය ලබා ගන්නා අය බලය රඳවා ගන්න නොයෙක් සුබසාධන වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ජනතාව හැමදේම රජයෙන් ලබා ගන්න බලාන ඉන්නවා.මෙි නිසා තමයි අපිට දියුණු වෙන්න බැරි වුනේ.දැන් කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව ස්වයං නිෂ්පාදන වලට යොමු වෙන ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. මේක රට දියුණු කරන්න හොඳ ප්‍රවේශයක්. ජනතාව දැන් අලුතින් හිතන්න හා ක්‍රියා කරන්න පුරුදු වෙලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරි පත් කර තිබෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දැන් රටම ස්රදානමින් ඉන්නවා. මේ මැතිවරණයේදී අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගන්න ජනතාව සහය දුනනොත් මෙරට ආසියාවෙ තිබෙන දියුණුම රට බවට පත් කරන්න බැරි වෙන එකක් නෑ.