ඇල්පිටියේ නිවාස 32 කට තද සුළගකින් හානි | සිළුමිණ

ඇල්පිටියේ නිවාස 32 කට තද සුළගකින් හානි

ඇල්පිටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමට අයත් කැටපල ජනපදයේ නිවාස 32 කට තද සුළගකින් හානි සිදුව තිබේ.

ගනේගොඩ මහා විද්‍යාලයට ද තද සුළගින් හානි සිදුව ඇත.

ගස් කඩාවැටීම් හේතුවෙන් එම ප‍්‍රදේශයේ විදුලි සැපයුම ද බිඳවැටී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හානියට පත්වූ ප‍්‍රදේශයේ නිරීක්ෂණයක ද නිරත වූ බව ද සඳහන්.

Comments