දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුරු ඇඟවීම් | සිළුමිණ

දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 05 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව කළුතර, කෑගල්ල, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ද සදහන්.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකි බවයි.

මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සියලු නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

ඒ, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරිගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේඛයකිනි.

 

Comments