
පෝය දවසට අහසේ බැබළෙන හඳ හරිම ලස්සනයි. රවුම් තැටියක් වගේයි. හඳේ හාවෙක් සිටියි. හඳ පුංචි අපට ආදරේ කරන බව අම්මා කිව්වා. හඳ දුර අහසේ සිට අප දෙස බලාගෙන සිටියි. හඳ රෑ පායන විට අපට හරිම සතුටුයි. පෝය දවසට හඳ බොහෝ එළිය දෙන නිසා හඳ එළියේ අපට පන්සල් යන්න පුළුවන්. හඳ එළිය, ඉර එළිය වගේ සැර නැත. ඒ නිසා අපි හඳ එළියට ආසා කරන්නෙමු. හඳ ගැන කවි, සිංදු බොහෝ තිබේ.
රදින්සා විතුලිමා සේනාරත්න
4 ශ්‍රේණිය ‘බී’,
ගයිඩන්ස් ජාත්‍යන්තර විද්‍යාලය,
කැස්බෑව