
මිරිඟුවක් වැනි ලොවක
මංමුළා වී සිටි
පුංචි දරු දැරියන්ගෙ
නෙත් පෑදුවේ ඔබයි
නැණ පහන් දල්වමින්
ළමා ලොව එළිය කළ
දෙවැනි මවු පදවියත්
ලැබෙන්නේ ඔබටමයි
උදව්වක් අවැසි විට
සරණ වන අයුරු මට
නිරතුරුව ඔවදනින්
කියා දුන්නේ ඔබයි
ඔබේ ගුණ කිසි දිනක
නොයයි මට අමතකව
වැඳවැටෙන්නෙමි නිතින්
ඔබේ පා පියුම් මත
කේ.එම්. මෙත්මිණි
පියුමී කුමාරසිංහ
7 ශ්‍රේණිය ‘ඊ’,
මලියදේව බාලිකා විද්‍යාලය,
කුරුණෑගල