දස එකඩ මසක් මා කුස හොවා
දුක් විඳ මා මෙලොවට බිහි කරවා
රතු ලේ සුදු කිරට හරවා පොවා
මගේ අම්මා ආදරයෙන් මා හැදුවා
සුවඳ සඳුන් කොකුමඟරා ගල්වා
සෙනෙහසින් මගෙ අතපය හැඩ ගන්වා
සිනිඳු සළු පිළියෙන් මා හැඩ කරවා
ලස්සන ගී ගයා ආදරයෙන් මා නළවා
තුරු මුදුනේ පිපි සුවඳ මලක් වගේ
දිස්නය දෙන නිල්මිණක් වගේ
සිසිල් සඳ කිරණ දෙන සඳ වගේ
මගේ අම්මා මට මානෙල් මලක් වගේ
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය - සී,
කේරි විද්‍යාලය,
කොළඹ - 08