පරිසරය සුරැකීමට පෙරමුණ ගනිමු | Page 3 | සිළුමිණ

පරිසරය සුරැකීමට පෙරමුණ ගනිමු

පරිසරය යනු අප අවට ඇති ගස්වැල් සතා සිවුපාවන් වේ. ගස් වැල් මඟින් අපට ලැබෙන ප්‍රයෝජන බොහෝමය‍. ඖෂධ, සෙවණ, ආහාර, හුස්ම ගැනීමට අවශ්‍ය වාතය ද ගස්වැල් විසින් අපට සපයා දෙයි‍‍. සමහර මිනිසුන්ගේ දූෂිත ක්‍රියා නිසා ම පරිසරය විනාශ වේ. ගස් වැල් කපා දැමීම, කැළි කසළ පරිසරයට මුදා හැරීම, කර්මාන්ත ශාලා ඉදි කිරීම, ගංගාවල වැලි ගොඩ දැමීම, වල් නාශක භාවිත කිරීම ආදී දේ කිරීමෙන් පරිසරය විනාශවේ. පරිසරය විනාශ වීම නිසා අපට ඇති අවාසි නම් සතුන්ට ජීවත් වීමට ඉඩකඩක් නැතිව යාම. ජලය අපවිත්‍ර වීම නිසා බීමට, නෑමට, ආහාර පිසීමටවත් ජලය පරිභෝජනයට ගත නොහැකිවීම, මෙන් ම වැලි ගොඩ කිරීම මගින් ගංවතුර තත්ත්වය ඇතිවීම.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා අපට ගසක් කැපීම වෙනුවට ගස් දහයක් සිටුවීම ද කළ හැක. අපි හැමවිටම ගහ කොළ පරිසරය ආරක්ෂා කර ගැනීමට පෙරමුණ ගත යුතු ය.

එම්.කේ. පුබුදු ගවේෂ් මුතුකුඩගේ

8 ‍ශ්‍රේණිය - ඒ,

ශාස්ත්‍රාරවින්ද පිරිවෙන් විද්‍යායතනය,

පොල්ගොල්ල

Comments