කව් ලැකියේ නැති ඞ-යන්න | Page 3 | සිළුමිණ

කව් ලැකියේ නැති ඞ-යන්න

කව් ලැකි­යෙහි දක්නට නැති ගාත්‍රා­ක්ෂර අතු­රෙහි නාසික්‍ය අක්ෂර දෙක­කි. කණ්ඨජ නාසි­ක්‍යය. වන ඞ-යන්න තාලුජ නාසි­ක්‍යය වන ඤ-යන්න ඒවාය.

නාසික්‍ය ඞ-යන්න සහිත තද්භව පද සම­හ­රක් සිංහල කව් ලැකි­යට එන විට ඒ නාසි­ක්‍යය බැහැර විණ. එසේ වූයේ ඞ-යන්නට පරව ක-යන්නක් යෙදුණු විට ය. ඞ-යන්නට පරව ග-යන්නක් යෙදිණි නම් එ් වෙනු­වට සඤ්ඤක ඟ-යන්න ආදේශ වේ.

ලෙව් ලැකිය කව් ලැකිය
ඞ්-ක
අඞ්කුර      අකුර
අඞ්කුස      අකුසු
අල­ඞ්කාර   ලකර
ලඞ්කා       ලක්
වඞ්ක        වක්
සඞ්කා      සැක
ඞ-යන්නට පරව ග-යන්නක් හෝ ඝ-යන්නක් යෙදිණි නම් ඒ වෙනු­වට සඤ්ඤක ඟ-යන්නක් ආදේශ විණ.
ඞ්-ග
අනඞ්ග    අනඟ
ගඞ්ගා      ගඟ
තරඞ්ග     තරඟ
තුඞ්ග       තුඟු
සඞ්ඝ       සඟ

Comments