වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ නවතම කෘතිය ‘රටට හෙටට’ පද්‍ය සංග්‍රහයයි. එ් කෘතිය හා ඊට පසුබිම් වූ පරිසර හා සමාජ තත්ත්ව දෙස අවධානය යොමු කරමින් සිදු කළ සංවාදයකි.
‘රටට හෙටට’ ඔබේ නවතම පද්‍ය සංග්‍රහය මඟින් ඔබ කතා කරන්නෙත් පරිසරය ගැන. මේ කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකි ද?
මීට කලින් එළිදැක්වුණු ‘හිටි නව කවි’ පොත වගේ ම ඉලක්ක කෙරුණේ පරිසරය. පරිසරයේ සුන්දරත්වය විඳින අතරම ඒ සුන්දරත්වය ගැන වෙනස් ම ආකාරයේ දැකීමකුත් මේ කවි වලින් පිළිබිඹු වෙනවා. දකින දේ ඒ අයුරින් ම වර්ණනාත්මකව විස්තර කිරීමක් නෙවෙයි මෙතැනදී වෙන්නෙ. ඒ පරිසරයෙ හමුවන සිතා සීපාවා දෙසත් මේ කවිවලින් බැල්මක් යොමු කෙරෙනවා.
සතා සීපාවා කීවාම එකවරම අපේ සිහියට එන්නේ සුන්දර සතුන්. ඒ සතුන් වගේ ම ගවයා, බල්ලා, බළලා, කුකුළා වැනි සතුන් ගැන පවා මේ නිර්මාණ ඔස්සේ කතා කරනවා. මේ ජීවිත ගැන තීරණය කරන්නේ ඒ සතුන්වත් පරිසරයවත් නෙවෙයි.
හොඳින් හිරු පායා තිබූ දවසක ඇළ අයිනේ බැඳ සිටි ගවයෙක් ගැනත් නිර්මාණයක් තියෙනවා; ඇළ මතුපිට රුව දැකීම මේ ගවයාගේ ප්‍රතිබිම්බය අපූරුවට සටහන් වෙලා තිබුණා. හුඟක් වෙලාවට වගේ අනිත් මේ කවි ලියැවුණේ ඒ සතුන්ට හිතෙන දේවල් හැටියට. පිංතූරයත් එක්ක මේ නිර්මාණය කෙරුණෙත් ඒ ගවයාට සිතෙන දේ හැටියට.
බොක්කේ දඩ මස්ය
බුදුරැස් බඳු හක්කේ
එල්ලනවාලු අප මස්
දවසක කොක්කේ.... මෙතැනත් කලින් කතාව වගේමයි. මේ සතුන්ගේ ජීවිතවලට වෙන්න ඕන දේ තීරණය කරන්නේ. වෙනින් කවුරු හරි අපි අහන්නෙ එහෙම වෙන්න ඕනද කියලා.
පරිසර සුන්දරත්වය දකින අතර පරිසරයට වින කරන අය ඇතැම්විට දැඩිව විවේචනය කිරීමටත් තවත් විටෙක සදය උපහාසයට ලක් කිරීමටත් ඔබ මේ නිර්මාණ ඔස්සේ වගබලා ගන්නවා?
පරිසර සුන්දරත්වය දකින අතරට, පරිසරය වනසන එක් එක් යුගවල බලධාරීන්ට අපේ විරෝධය පළ කරන විරෝධාකල්ප කාව්‍ය නිර්මාණ කිහිපයකුත් මේ කෘතියට ඇතුළත්. අපි පරිසරයට ආදරය කරන නිසයි ඒක වෙන්නෙ. පරිසරය විනාශ කරද්දී ඒ කවුද තරාතිරම මොකක්ද කියන එක අපට වැදගත් නෑ. කොපමණ සංයමයකින් නිර්මාණ කළත් අප දකින එවැනි දේවලින් අපේ සිත් තුළ නොකැමැත්තක් ඇති වෙනවා. ඒක මනුෂ්‍ය ස්වභාවය. ඒ විරෝධය, අමනාපය මම පිට කළේ මේ විදිහට, වැරැද්ද කළ කෙනා ගැනත් ඉඟියෙන් දක්වලා මේවා ලියැවෙනවා. ඒ විරෝධය සිතේ තියා නොගෙන දකින තවත් කෙනෙකුට හෝ මෙය මෙසේ නොවිය යුතු යැයි කියන්නට අප ඒ පණිවිඩය ලබාදිය යුතුයි කියල මම සිතනවා. මේවා නුසුදුසු වැඩ කියන එක ඒවා කරන අයත් දැන ගත යුතුයි. ලේඛකයකුගේ කාර්යය විය යුත්තේ දකින දෙයෙහි සුන්දර පැත්ත පමණක් ම කතා කරන එක නෙවෙයි. මාධ්‍ය ක්ෂේත්‍රෙය් අපේ ඇතැම් හිතවතුන් පවා මේ ඇතැම් කවි ටිකක් සැර වැඩි නේද කියල ඇසුවා. හැබැයි සැර පෙන්විය යුතු තැන සැර පෙන්වන්න වෙනවා.
මේ ඇතැම් නිර්මාණ ඔස්සේ ඔබ යම් යම් චරිත ගැනත් කතා කරල තියෙනවා නේද?
ඔව් සමහර චරිත ගැන ‘හිටි නව කවි’ පොතෙන් මම එහෙම කළා. ‘රටට හෙටට’ පොතේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගැන කිහිප අවස්ථාවකදීම ලියැවුණා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ගැනත් නිර්මාණයක් කළා. 2015 වගේ පොත් දොරට වැඩුවේ මුලසුන වැඩ සිටියේ සෝභිත හාමුදුරුවෝ. ඒ; උන්වහන්සේ අපවත්වීමට මාස 3 – 4 කට කලින්. ඒ ඡායාරූපයත් එක්කමයි මේ කවිය ලියැවුණේ. පරිසරය ගැන වගේ ම මේ විශේෂිත චරිත ගැනත් අප අගය කිරීමක් කළ යුතුයි කියල සිතුවා.
සෝභිත හාමුදුරුවො සිතුවෙවත් නැති දේවල් තම තමන්ගේ වාසියට කතා කරන කණ්ඩායම් බිහිවුණු හැටි අපි පසුගිය කාලයේ දැක්කා. ඒ විවිධ පාර්ශව කරන්නේ. සෝභිත හාමුදුරුවන්ගේ ගුණ ගයනවාට වඩා තමන්ට වෙනත් ගුණයක් පවරා ගැනීම බව පැහැදිලියි. මේ දේවල් මම සාධනීය විවේචනයකට ලක් කළා.
වන සතුන්ට හෝ නාගරික පරිසරයක වුණත් හමුවන අහිංසක සතුන්ට තමන්ට සිදුවන හිරිහැර අකටයුතුකම් ගැන හඬක් නඟන්නට හැකියාවක් දැක්කේ නෑ. මේ ඇතැම් නිර්මාණ ඒ හඬ බවට පත්වන අයුරු අපි දකිනවා...?
ඒ සතුන් හිතනවා කියල මට හිතෙන දේ. මගේ ඇසින් බැලීමේ උත්සාහයක් හැටියටයි මේ නිර්මාණ බිහිවුණේ. සතුන් හරහා පරිසර විනාශය ගැනත් යම් පණිවිඩ ලබාදීමට මට හැකිවුණා කියල සිතනවා. ඒත් දිනක් උදෑසනක කපුටෙක් උගේ හොටෙන් රැගෙන යාමට තරම් අසීරු දිග කෝටුවක් අරගෙන එක් තැනක වසා සිටිනවා දුටුවා. මේ දර්ශනය තමයි 114 වැනි කාව්‍ය නිර්මාණයට පාදක වුණේ.
ලෙස උන් තෙත නැති පපුවේ
අප නම් නැත ගස් කැපුවේ...
කියල මම ලිව්වේ, ඒ කපුටා කිව්වා නම් කියන දේ... ඌ අරගෙන යන්නෙ කැඩුණු කෝටු කැබැල්ලක්. ඒ කෝටු කැබැල්ලත් එහෙම ගෙනියන්නෙ කූඩුව හදාගන්න. හැබැයි අපි රෙට් තැන තැන ගස් කපල පටවන්නෙ අපේ කූඩු හදාගන්නද?
පසුගිය කාලයේ රට පුරා ම කතා වුණ දෙයක් තමයි, විල්පත්තු වන විනාශය. අදටත් මේකට හරි උත්තරයක් නෑ.
“දෙස් පාලනේ වාසිය කර ගහ ගත්තු
රට තොට නසන දෙස් පාලක මනුසත්තු
වනසන විලස වන සම්පත විල්පත්තු
අපි නම් නොවෙන්නෙමු වනචර සත්තු...
කියල මම ලිව්වෙ මේ සංහාරය ගැනයි. සංවේදී තැනුත් තියෙනවා. 115 වැනි කවිය මම නිතර දැකපු ගහක් තිබුණා ඇළ අයිනෙ. මේ ගස යට යම් යම් සතුන් සෙවණට දිගා වෙලා ඉන්න පුරුදු වෙලා හිටියා. මේ ගහ යට සිටි ගවයෙක් මට හොඳට මතකයි. දවසක් මේ ගහ ඉබේම පෙරළිලා තිබුණා. ඒක කවුරුවත් කළ දෙයක් නෙවෙයි. කොහොම හරි පෙරළුණ ගහ ළඟින් වෙනදා පුරුද්දට අර ගවයා දිගාවෙලා ඉන්නවා මම දැක්කා.
“නැතත් මට පෙර සෙවණ
තැනක් මය සිත නිවන...”
කියල මේ කවිය ලියැවුණේ ඒ දසුන දැකීමෙන් පසුව මම හොඳට දන්න හඳුනන අය කිහිප දෙනෙක් ම මේ පරිසරයෙ ඉන්නවා. ඒ අයටත් අඩුම ගානෙ බිස්කට් පැකට් 2 – 3 ක්වත් මගේ සාක්කුවේ තියෙනවා. ඒ අයට ආදරය දයාව දන්වන මිනිසුන් හිඟයි.
දඩාවතේ යන බල්ලො කියලනෙ කියන්නෙ. හැබැයි ඒ අයටත් ආදරය, දයාව අවශ්‍යයි. මට හොඳටම දැනෙනවා අපි ඒ අයගෙ කුස පුරවනවාට ඔවුන් කැමැතියි. ඒත් ඊටත් වඩා කැමැති වෙන්නෙ හිත පුරවගන්න ඒ වෙනුවෙන් විනාඩි කිහිපයක් හරි මිඩංගු කරන්න අප පැකිළෙන්නේ නෑ. මටත් එය විශාල සැහැල්ලුවක්. මම ඊට පුරුදු වෙලයි ඉන්නෙ. අපේ ජීවිත කාලයෙදි අපි දයාව අනුකම්පාව දැක්විය යුත්තේ මිනිසුන්ට පමණක්ම නෙවෙයි.
හිටි නව කවි’ පොතේ වගේ ම මේ පොතෙත් කාව්‍ය නිර්මාණ සමඟ ඇති සේයාරූ ඔබේ කැමරා ඇසෙන් දුටු ඒවා. මෙහි කිසියම් රූප වියමනකුත් ඇති බවයි පෙනෙන්නෙ. එය එසේම ද?
මම මේ පරිසරයෙ ගත කරද්දී දකින දකින හැමදේම ඡායාරූපගත කරන්නේ නෑ. මගේ ඇස් මේ පරිසරයෙ ඈත මෑත යනවා. ගහක හරි සතකුගේ හරි වෙනසක්; අපට පණිවිඩයක් ලබාදෙන පරිසර වෙනසක් වගේ විශේෂ අවස්ථාවක් තමයි මම ඡායාරූපයට නඟන්නෙ සහ නිර්මාණයට පාදක වෙන්නෙ. මම ඡායාරූප ශිල්පය විශේෂයෙන් ම හදාරල නෑ. හැබැයි මේ ඡායාරූප දකින හැමෝම වගේ කියන්නෙ ඒවා හොඳ ඡායාරූප ශිල්පියකු ලබාගත් පිංතූර කියලා.
අපේ ඉලක්කය හරි නම් මේ ගැන අමුතුවෙන් ඉගෙන ගන්න එක අත්‍යවශ්‍ය නෑ කියල මම සිතනවා.
මේ කෘති කිහිපයක් ම දොරට වැඩි අවස්ථාවල ප්‍රධාන ආරාධිතයා වුණේ වත්මන් ජනාධිපතිතුමා. එදා සහ අද තත්ත්වය වෙනස් වෙමින් තියෙන්නෙ. ඒ සමාජ ක්‍රියාවලියේ මැදිහත්කරුවන් ලෙස ඔබ වැනි අය මේ වෙනස දකින්නේ කෙසේද?
අපි පරිසරයට ආදරය කරන, පරිසරය විඳින මිනිස්සු. අපට කාලයක් තිස්සේ දැනුණා, මේ පරිසරය ආරක්ෂා වෙන්නෙ කාගෙන්ද වැනසෙන්නෙ කාගෙන් ද කියලා. අපි ගමේ මිනිස්සු.
මගේ ගම කළුතර දිස්ත්‍රික්කයේ, අගලවත්ත ආසනයෙ පැලවත්ත. ඒක බොහොම සුන්දර ගමක්. ගහකොළ හරිත වර්ණයෙන් පිරුණු, තෙතමනය ඇති ගමක්. ඒත් දැනට වසර ගණනාවක් තිස්සේ අපේ පදිංචිය කොළඹ. තවමත් අපේ කැමැත්ත ගමට. මහරගම ඉඳලා විනාඩි 5 – 10 ක් යද්දී මට ඒ ගම දකින්න පුළුවන්. ඒ, බෙල්ලන්විල, අත්තිඩිය හා දියවන්නාව, කිඹුලාවල රක්ෂිතය ආශ්‍රිත ඇවිදින මං තීරුවල සැරිසරණ අතර. ඒ රක්ෂිත අපට මේ අයුරින් ඉතිරි කරල දෙන්න මූලික වුණේ ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය.
අපට එය කවදාවත් අමතක කරන්නත් බෑ. ඒ ගුණය මගේ ඇඟෙන් ඉවත් කරන්නත් බෑ. මොකද මම පරිසරය විඳින ඒ ආරක්ෂා කරදුන් පරිසරයෙන් වැඩ ගන්න කෙනෙක්. ඉතින් මට එය හොඳින් ම දැනෙනවා. හැමදාම ඒ පරිසරයෙ ගත කරද්දී මට මේ චරිතය මතක් වෙනවා.
පසුගිය දෙසැම්බරයේ ‘හිටි නව කවි’ සහ මේ සැප්තැම්බරයේ ‘රටට හෙටට’ කවි පොත මට ඉදිරිපත් කළා. මේ අතරම මම වෙනස් ආකාරයේ කෘතීන් ගණනාවකුත් සමාජගත කළා. ‘රටට හෙටට’ මගේ 16 වැනි කෘතිය 3 වැනි පද්‍ය සංග්‍රහය.
මේ පරිසරය ඔස්සේ අපි දැකපු අනාගතයත් එක්ක තමයි ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය ගැන අපට යම් අදහසක් ආවෙ. ඒ නිසා තමයි මීට පෙර මා අවසානයට කළ පොත් එළි දැක්වීම් දෙකේදීම ප්‍රධාන ආරාධිතයා ලෙස එතුමා සහභාගි වෙන්නෙ.
2017 මාර්තු සහ 2019 මාර්තුවල. ඒ අවස්ථා දෙකේදීම පරිසරය රැකීම ගැන අපි කතා කළා. ඒ කාලයේ මේ පරිසරය විනාශ වන හැටි ගැනත් කතා කළා. ඒ දෙවැනි අවස්ථාවෙ, කොළඹ නව නගර ශාලාවෙ දි එතුමා බොහොම සරලව මේ පරිසරය ආරක්ෂා කරන්න හේතු වුණේ ඇයි කියන කාරණය පැහැදිලි කළා.
‘රටට හෙටට’ කෘතියේ මගේ පෙරවදනටත් මම ඒ කොටස ඇතුළත් කළා. විශේෂයෙන් ම කොළඹ පිහිටි රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් කෝට්ටේ ප්‍රදේශයට ගෙන යාමත් සමඟ ඒ ප්‍රදේශයේ පහත් බිම් විශාල ප්‍රමාණයක් ගොඩවීමෙන් දියවන්නාව ආශ්‍රිත ස්වභාවික පරිසරයට තර්ජනයක් වුණා.
ඉතිරිව ඇති භූමි ප්‍රමාණය හෝ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අපට වැටහුණා. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් ඒවා ආරක්ෂා වෙන්නේ නෑ. ඒ නිසා තමයි මා කල්පනා කළේ, යම් කිසි දේකට මේ බිම් භාවිතා කළොත් යම් කිසි ප්‍රමාණයකින් හෝ මේ පරිසරය අනාගතයටත් අපට ඉතිරි වන බව.
ඒ අනුවයි මේ ව්‍යාපෘතිවලට පදනම වැටුණේ.