බෝ මළුවම හරි එළියයි | Page 2 | සිළුමිණ

බෝ මළුවම හරි එළියයි

පහන් වැටෙන් එන එළියයි

පුන් සඳ පතුරන එළියයි

බෝ මළුවම හරි සොඳුරුයි

වෙසක් දිනේ අසිරි මවයි

කුමරු මෙලොව වැඩි දිනයයි

බුදු බව ලැබ ගත් දිනයයි

පිරිනිවනට වැඩි දිනයයි

අද බව සිහියට නංවයි

සුවඳ මලින් බුදුන් පුදයි

මඳ සුළඟක් දසත හමයි

ගතට සිහිල් සුවය දැනෙයි

පරිසරයම සිත සනසයි

හිමි දෙසු බණ දසත ඇසෙයි

සාදු නදම ලොව රැව් දෙයි

හැම සිත් සැදැහෙන් උතුරයි

වෙසක් සිරිය හරි පුදුමයි

බුදු හිමි ගුණ ගීත ගැයෙයි

පිංකම් හැම අත ම කෙරෙයි

පන්සල් හැම පිරි ඉතිරෙයි

වෙසක් අසිරි ලොවට කියයි

අමීරා හමීඩ්

9 ශ්‍රේණිය ‘ඊ’,

යසෝදරා විද්‍යාලය,

කොළඹ 08.

Comments