බිත්ති දිගේ දුවන හූනා | Page 6 | සිළුමිණ

බිත්ති දිගේ දුවන හූනා

අපේ ගෙවල්වල බිත්ති දිගේ දුවන හූනා අප හැමදෙනාම දැකලා තියෙනවා. පුංචි පුංචි සතුන් අල්ලාගෙන කන්න හරිම දක්ෂයා. හුනා එයාගේ ආරක්ෂාව පතා අපූරු වැඩක් කරනවා. මොකක්ද ඒ? හූනා තමන්ගේ වලිගෙ කඩල දාලා දුවනවා. එම වලිගය ටික වෙලාවක් දඟලනවා ඔබක් දැක ඇති. හූනා මේ වැඩේ හිතලම කරන වැඩක්. කැඩුණු වලිගය යළි වැඩෙනවා. එම නිසා හූනාට වලිගය කැඩුණා කියල කිසිම ප්‍රශ්නයක් නෑ.

හූනා මේ වලිගය කඩා දමන්නේ තමන්ගේ ආරක්ෂාවට තමන්ව අල්ලගන්න එන සතුරා මූලා කරලා සතුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරනවා. ඒ අවස්ථාවේ සතුරා අර කැඩිල බිම වැටුණු වල්ගයට අවධානය යොමු කරන විට හුනා ඒ වෙලාව තමන්ගේ වාසියට හරවා ගෙන ආරක්ෂාකාරී ස්ථානයකට ගිහින් ජීවිතය බේරා ගන්නවා. පුංචි සතෙක් වුණත් හූනා යොදන උපාය අපූරුයි. සත්ව ලෝකයේ මෙවැනි සිදු වීම් සිදුවේ.

එනිදු සුපසන් ප්‍රේමසුන්දර

7 ශ්‍රේණිය ‘සී‘,

කේරි විදුහල,

කොළඹ

 

Comments