
මල් කඩා පූජා කළා නිති ගණ දෙවිදුන්ට
අපේ ගෙදර ඉඩමදිදෝ වැඩ ඉන්ට
විභාගයෙන් පසු මට හිනැහී ඉන්ට
සිතුණේ නැද්ද ඉඩ දෙන්නට නොහඬන්ට
අපෙ අම්මගෙ ඇසෙහි කඳුළක් නළියනවා
තාත්තා කිසිවක් නොකියා ගෙදර එනවා
අයියත් අපේ ටික ටික හිත සනසනවා
මොනවා කළත් නව පාසල සිහියට එනවා
‘ජීවිතයම මේ විභාගය නොවෙයි‘ කීවාට
ලකුණුයි අහන්නේ සැම දෙන කටින් කට
අහන අයට හිතෙනවා දැන් බනින්නට
කුමක් කරන්නද පූරුවෙ කළ පවට
ලකුණු දෙකයි මදි වූයේ දිනන්නට
එක ප්‍රශ්නයක් නොපෙනුණේ කරුමයට
යන්නට බැරි වෙයිද මට නව පාසලට
යාළුවෝ ටිකත් වෙන්වේදැයි සිතේ මට
මතුභවයෙදි අනේ ශිෂ්‍යත්වය නැති වේවා
ශිෂ්‍යත්වය ඇති තැනක යළි නොඉපදේවා
හය වසරෙදිත් හොඳ ගුරුවරු ලැබේවා
ශිෂ්‍යත්වය දිනු සැමටම ජය වේවා
තරුමින්දි සඳනිමා
5 ශ්‍රේණිය (නිල්වලා)
නාලන්දා බාලිකා විද්‍යාලය
මිනුවන්ගොඩ