වැස්ස | සිළුමිණ

වැස්ස

වැස්ස වහින බව කියන්න 
වැහිලිහිණියො ඉගිළෙනවා 
සීත සුළං රැලක් ඇවිත්  
පුංචි අපිව වහගන්නවා

මුළු අහසම කළුවෙලා 
මහ හයියෙන් නද දෙනවා 
මහවැස්සක් බිම වැටිලා 
ගස් වැල් පණ ලබනවා

ඊ.එම්. කිත්මිණි නිම්සරා ඒකනායක 
4 ශ්‍රේණිය ‘එම්’, 
ජනාධිපති බාලිකා විද්‍යාලය, 
කුරුණෑගල

Comments