
මාර, සියඹලා, කතුරුමුරුංගා, තෝර, කටු එරමුදු, නිදිකුම්බා මේ ගස් රෑට නිදි යනවා අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ කොළ හැකිළිලා පහළට කඩා වැටිලා තියෙනවා. හරි පුදුමයකි. ඉර බැස යනවාත් සමඟම මේ ගස් නිදා වැටනවා අපි දැක ඇත්තෙමු.
අපි සොයා බලමු මේ ගස් එහෙම නිදියන්නේ කොහොමද කියලා. මේ ගසක අත්තක් කපල පැත්තක තබා බැලුවොත් දවල්ට වුණත් මේ අතු නිදා වැටීම සිදුවේ. අපි කෑමට ගන්නා කතුරුමුරුංගා අතු ගෙදර ගේන කොට හැකිලෙනවා. රාත්‍රියට නිදාගන්නා සෑම ගහකම කොළ ගහට සම්බන්ධ වන තැන ගැටයක් වගේ තිබෙනවා. එයට කියන්නේ ‘උපධානය’ කියලා. මේ උපධාන ජලයෙන් පිරුණම පිම්බෙනවා. දැඩි වෙනවා. කොළ දිග හැරෙන්නේ එතකොට තමා.
උපධානවල ඇති ජලය ඉවත් වනවිට උපධාන ඉබේටම හැකිලෙනවා. අන්න ඒ මොහොතේ තමා කොළ හැකිලිලා ගස් නිදා ගන්නේ. මේවා මේ විදිහට හසුරුවන්නේ මේ ගස්වල ඇති රසායනිකයක් නිසා ය. ඒවාට කියන්නේ ඔක්සින (Auxin) කියලා. රෑට නිදන ගස්වල කථාව මෙයයි.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය සී,
කේරි විද්‍යාලය,
කොළඹ 08.