මා ගිය විනෝද චාරි­කාව | Page 3 | සිළුමිණ

මා ගිය විනෝද චාරි­කාව

මා ගිය විනෝද චාරි­කාව වන්නේ නුව­ර­එ­ළිය ප්‍රදේ­ශය නැර­ඹි­මටෙ ගිය ගම­නයි. මෙම ගමන සඳහා අම්මා තාත්තා ආච්චි හා නංගි ගියහ. අපි ගමන ගියේ රාත්‍රි දුම්රි­යෙන්ය.

“අපි යන්නේ නිදන මැදි­රියේ“ තාත්තා කීවේය. මම දිව ගොස් උඩ තිබෙන ඇඳට ගොඩ වුයෙමි. නංගී මා සිටි තැනට එන්නට ඕනෑ යැයි කිය­මින් බෙරි­හන් දුන්නාය. අපි නංගී ද ඇඳට පැමිණි පසු තාත්තා අපේ ඡායා­රූ­ප­යක් ගත්තේය. ටික­කින් නලා හඬක් ඇසුණි. දුම්රිය බදුල්ල බලා පිටත් විය. ටික­කින් මට නින්ද ගියේය. දුම්රියේ ශබ්දය නිසා වරින් වර ඇහැ­රුණි.

හැටන් දුම්රිය ස්ථාන­යේදි අම්මා අප අවදි කළාය.

අපි නානු­ඔය දුම්රිය ස්ථාන­යෙන් බැස්සෙමු. ඒ උදෑ­සන තාත්තා අපට සිරි­පා­දය ද පෙන්නු­වේය. අප නානු­ඔය දුම්රිය ස්ථාන­යෙන් බසින විට වේලාව පාන්දර හත­රය. වාහ­න­ය­කින් අපි නවා­තැන වෙත ගියෙමු. අපි නුව­ර­එ­ළිය මල් වත්ත, ස්ට්‍රෝබරි වගාව, ග්‍රෙගරි වැව බල­න්න ගියෙමු. සීතල නුව­ර­එ­ළියේ දව­සක් ගත කළ අපි පසුදා යළිත් කොළඹ ආවෙමු.

දනුලි අමල්මි මල­වි­සූ­රිය
4 ශ්‍රේණිය බී
සෝම­විර චන්ද්‍ර­සිරි විද්‍යා­ල­ය‍
පි­ළි­ය­න්දල.

Comments